ලාඕසයේ රත්තරන් සොයා ගොස්, ලෙනක් තුළ සිරවුණු ගම්වැසියන් හත් දෙනාගෙන් පස් දෙනකු මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති නමුත් තවත් දෙදෙනකු තවමත් ලෙන තුළ සිරවී සිටින බවත් ඔවුන් මුදා ගැනීමට ප්‍රමාණවත් ඔක්සිජන් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සතුව නොමැති බවත් වාර්තා වෙයි.

ගම්වැසියන් හත් දෙනා ලෙන තුළ සිරවූයේ, ඔවුන් ලෙන තුළ සිටිද්දී, මහ වැසි ඇද හැලී, ලෙන් දොර වැසී යෑමෙන් සහ ලෙන ජලයෙන් යටවීමෙනි. ගම්වැසියන් පස් දෙනා බේරා ගැනීම සිදුවූයේ දින 7 ක් අසීරු මෙන්ම වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුවය.