දකුණු මෙක්සිකෝවේ දුම්රියක්, පීලි පැනීමකින් 13 ක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙක්සිකන් ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ,  98 දෙනකු තුවාල ලබා සිටින බවත්, එයින් 5 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්ය.

අනතුර සිදුවෙද්දී දුම්රියේ මගීන් 241 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනකු සිටි බව පැවැසෙයි.

පැසිෆික් සාගරය සහ මෙක්සිකෝ බොක්ක යා කරන දුම්රිය මාර්ගයේ, නිසැන්ඩා නගරය අසලදී දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්වුණු බව පැවැසෙයි. දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.