
තායිලන්තයේ බැංකොක් අගනුවර මත්පැන්හලක ගින්නක් හටගත්තේය. ගින්නට බිලිවුණු ගණන 27 කි. ගින්න හටගත්තේ නා ලැබ්පාරෝ නමුත් මත්පැන්හලේය. ඒ, ඊයේ (12) මධ්‍යම රාත්‍රියේදීය.
දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ තවත් 63 ක් කඩිනමින් රෝහල්ගත කෙරුණි. ඔවුන්ගෙන් 25 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ තවත් ඉහළ යනු ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගින්න හටගත් අවස්ථාවේදී සියයකට වැඩි පිරිසක් මත්පැන්හලේ මදුවිත තොල ගාමින් විනෝද වෙමින් ගී ගයමින් සිටි බව පැවැසෙයි. ගින්නට බොහෝ දෙනා කොටු වෙද්දී, ඇතැමුන්, ලහිලහියේ පිටතට දුවන්න වූ බව මාධ්‍ය වාර්තා කරයි. පිළිස්සුම් තුවාල ලැබූ බොහෝ දෙනා මියගියේ දුම් අඝ්‍රාණය වීමෙනි.
ගින්න නිවා දැමීමටත්, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමටත් ගිනි නිවන භටයන් සහ පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. විදේශිකයන් කීප දෙනකු ද තුවාල ලැබූවන් අතරේ සිටින බව පැවැසෙයි.
සිද්ධිය සැලවුණු සැණින් තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් එම ස්ථානයට ගියේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. විදුලිය කාන්දුවක් නිසා ගින්න හටගන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd