
ඇමෙරිකාවට එරෙහිව යන්නේ නම්, ඕමානයට බෝම්බ දමන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. ට්‍රම්ප්, ඕමානයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින් තමන් (ඇමෙරිකාව) ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමට තමන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත්, ඊට මැදිවෙමින් ඒ වැඩ කටයුතු අවුල් කළොත්, බෝම්බ දමා ඕමානයට හොඳ පාඩමක් උගන්වන බවත් ට්‍රම්ප් පවසයි.
ඉරානයේ ආධිපත්‍යයට යටත් වුණු හෝමූස් සමුද්‍ර සන්ධිය වැටී ඇත්තේ ඉරානයට සහ ඕමානයට මැදිවය. දැවැන්ත වෙළෙඳ නැව්වලට යාත්‍රා කිරීමට හැකියාව ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානයට දෙසට වන්නට ඇති මුහුදු මාර්ගයේය. ඇමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාර සහ තර්ජන හේතුවෙන් ඉරානයට මෙම මුහුදු මාර්ගය අවහිර කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය අඩාල වී තිබේ.
ඉරානය උත්සාහ ගනිමින් සිටින්නේ ඕමානය ද හවුල් කර ගනිමින්, හෝමූස් හරහා යන බටහිර වෙළෙඳ නැව්වලින් ගාස්තුවක් අය කර ගැනීමටය. මේ සම්බන්ධයෙන් ඉරානය ඕමාන රජය සමග සාකච්ඡා පවත්වා ඇත. ඒ, ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ යැයි කියමිනි.
මිලියන 5 කට වැඩි ජනගහනයක් වෙසෙන ඕමානය දිගු කාලයක පටන් මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයකි. ඇමෙරිකන් හමුදා කඳවුරු ඕමානයේ ඇත. ඇමෙරිකාව සහ ඕමානය අතරේ, ශක්තිමත් ආර්ථික සබඳතා ද පවතී.
‘මා ඕමානයට තරයේ අවවාද කරනවා. අපේ (ඇමෙරිකාවේ) වැඩවලට මැදිහත් වෙන්න එපා. ඉරානයේ කීමට වැඩ කරන්න යන්න එපා. දිගින් දිගටම අපට විරුද්ධ වෙනවා නම් ඕමානයට සිතා ගන්නවත් බැරි ආකාරයට ප්‍රහාරවලට මුහුණ දෙන්න සිද්ධ වේවි’ යැයි ට්‍රම්ප් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් කියන්නේ පිස්සෙක්.. මුළු ලෝකෙටම සාපයක්. තොලංචි වෙලාම යන්න ඕන.