දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ආබාධයට ලත්වුණු ඔහුගේ ඇසට නිසි ප්‍රතිකාර ලබා දුන් බවත්, දැන් එම ඇසේ පෙනීම යහපත් අතට හැරී ඇති බවත් බන්ධනාගාර බලධාරීහු පවසති.

තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂයේ පුරෝගාමියා යන ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගතව සිටින්නේ 2023 වසරේ සිටය.

ඉම්රාන් බන්ධනාගාරයේ දී විවිධ කෙණෙහිලිකම්වලට ලක් වෙනවා යැයි චෝදනා එල්ල වී ඇත. පසුගිය දා ඇමෙරිකාවේ වෙසෙන පාකිස්තාන මාධ්‍යවේදියකු අනාවරණය කළේ ඉම්රාන් බන්ධනාගාරය තුළ දී මියයන්න ඇතැයි තමන් විශ්වාස කරන බවය. 

73 හැවිරිදි ඉම්රාන් රඳවා ඇත්තේ රාවුල්පිණ්ඩි අදියාලා බන්ධනාගාරයේය. ඉම්රාන් යහතින් සිටිනවා යැයි බන්ධනාගාර බලධාරීන් මේ වනවිට තහවුරු කර ඇත.