ගිනි කන්දේ පිපිරීම උඩු ගුවනේ චන්ද්‍රිකාවලට දිස්වුණේ මෙලෙසිනි ...
පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගියේය. මෙය ඉතා ප්‍රබල පිපිරීමක් වූ අතර පිපිරීමත් සමඟ සුනාමි රළ හට ගැණින.
සුනාමි රළ ටොංගා දූපතට කඩා වදිද්දී, එයින් බේරීමට ටොංගා දූපත් වැසියෝ බියෙන් උස් ස්ථාන බලා පලා දුවන්න වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටොංගා දූපතේ අගනුවර ලෙස සැලකෙන නුකුවලෝෆා නගරයේ පල්ලියක් නිවාස රැසක් සහ තවත් ගොඩනැගිලි බොහොමයක් සුනාමි රළ පහරට හසුවී විනාශ විය.
කඩා වැදුණු සුනාමි රළ අඩි 4 ක් පමණ උස විය. ජීවිත හානි සිදුවුණු බවකත් හෝ කිසිවකුට හෝ තුවාල සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.
ටොංගා දුපතේ පිහිටීම සහ ගිනි කන්දේ පිහිටීම (ග්‍රැෆික් රූපය ඩේලිමේල් ඇසුරිනි)
සුනාමි රළ ටොංගා දුපතට කඩා වැදුණේ මහා හඩින් ගින් කන්ද පුපුරා මිනිත්තු 8 කට පසුවය. ගිනි කන්දේ පිපිරීමට අසල්වැසි නවසීලන්තයට පමණක් නොව, කිලෝ මීටර් 800 ක් දුරින් පිහිටි ෆීජී දූපතට පවා අසන්න ලැබී තිබේ. නවසීලන්තයට ද සුනාමි රළ කඩා වැදුණු නමුත් ජීවිත හානි සිදු නොවිණි.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගිනි කන්දක් පිපිරී සුනාමි රළ කඩා වදී