තම කොන්දේසිවලට අවනත නොවන්නේ නම්, ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරානයත් ඇමෙරිකාවත් අතරේ පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් පසුගිය දා ඕමානයේ මස්කට් නුවරදී ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්විණි. එය අර්බුදය අවසන් කිරීමට පැහැදිලි ආරම්භයක් යැයි ඉරානය පැවැසීය.

ඉරානයත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් පවතින්නේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව චෝදනා නගන්නේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටින වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවටය.

යුරේනියම් බල ගැන්වීම් නොකළ යුතු බවත්, දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලීම් සිදු නොකළ යුතු බවත් පවසමින් ඇමෙරිකාව ඉරානයට කොන්දේසි පනවා ඇත. එම කොන්දේසිවලට අවනත වෙන්නැයි ට්‍රම්ප් ඉරානයට බල කරයි.