‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවිනි.
‘වසංගතය වෙනස් වෙනවා. නමුත් අවසන් නැහැ. වයිරසයේ සැර බාල වීමක් සිදුවුණු බව පැහැදිලියි. ඒ, ඔමික්‍රෝන් විකෘතියේ ආගමනයත් සමඟයි. කෙසේ නමුත් ඔමික්‍රෝන් විකෘතියේ උප ප්‍රභේද ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වීමත් වසංගතය පාලනයට උපකාරී වුණා. අද වනවිට රටවල් 110 කින් කොවිඩ්ඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් මාධය හමුවේ පැහැදිලි කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළේ, ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.
මේ වනවිට ලෝකවාසීන්ගෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ නියමිත එන්නත් මාත්‍රා ලැබි ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැවැසුවේය. පසුගිය මාස 18 ඇතුළත ලොව පුරා එන්නත් බිලියන 12 ක් ලබා දීම සිදු කර තිබේ.
‘බී.ඒ.5’ සහ ‘බී.ඒ.4’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්‍රභේද වන අතර, මෙම උප ප්‍රභේද දෙක අතරින් ද වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ ‘බී.ඒ.5’ ප්‍රභේදය යැයි හඳුනාගෙන තිබේ. ‘බී.ඒ.5’ ප්‍රභේදය මේ වනවිට රටවල් 63 කට ව්‍යාප්ත වී අවසන් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ