IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එලිසබත් මහ රැජිනට කොරෝනා

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය ගැන පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

'කොවිඩ් 19' වසංගතය බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වූ දා සිට මහ රැජින රැඳී සිටින්නේ ඇගේ වින්ඩ්සර් මාලිගයේය. ඇය පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රාව ද නියමිත පරිදි ලබා ගෙන ඇතැයි පැවැසෙයි.

එලිසබත් මහ රැජින බ්‍රිතාන්‍ය කිරුළ දරා වසර 70 ක් ගතවීම නිමිත්තෙන් මීට දින 10 කට පෙර වින්ඩර් මාලිගයේ දී සැමැරුම් උත්සවයක් පැවැත්විණි.

එලිසබත් රැජිනගෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමිවීමට නියමිත චාල්ස් කුමරු සදහ කැමිලා පාකර් ආදිපාදවරිය ද එම විශේෂ උත්සවයට සහභාගී වූහ.

ඊට දින දෙකකට පසු චාල්ස් කුමරු 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු විය. ඒ අහඹු ලෙස සිදු කළ කොරෝනා පරීක්ෂණයකදීය.
ඉන්පසු තවත් දින කීපයක් යද්දී කැමිලා පාකර් ආදිපාදවරිය ද 'කොවිඩ් 19' ආසාදිතයකු බව හඳුනා ගැණුනි. මොවුන් ද පළමු සහ දෙවැනි පමණක් නොව, බූස්ටර් එන්නත් ද ලබා ගෙන තිබේ.

චාල්ස් කුමරු 'කොවිඩ් 19' ආසාදිතයකු වූ අවස්ථාවේ පටන් වෛද්‍යවරු මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිල්ලෙන් සිටියහ. සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය පැවැති බැවින්, වෛද්‍ය උපදෙස් අනුව, මහ රැජින 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කෙරුණු අතර ඇය ආසාදිතයකු බව එහිදී තහවුරු විය.

මහ රැජින සියලු සෞඛ්‍ය නීතිරීතිවලට අනුව කටයුතු කරමින් සිටින බවත්, ස්වයං නිරෝධායනයට ලක් වී, සුළු රාජකාරිවල පමණක් නියැලෙනු ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් පවසා තිබේ.

(සී.එන්.එන්.)



අදහස් (9)

එලිසබත් මහ රැජිනට කොරෝනා

Shan Sunday, 20 February 2022 07:14 PM

දෙවියෝ රැජිණව ආරක්ෂා කරනවා...

:       83       16

NihalSunday, 20 February 2022 10:59 PM

රටවලට පැනලා ජාතික වීරයෝ නැතිකළ මොවුන්ගේ පවුල් සීසී කඩ...

:       0       1

TharangaMonday, 21 February 2022 10:39 AM

දොස්තරලා මහරැජිණව ආරක්ෂා කරනවා කියලා තමයි තියෙන්නේ...!

:       0       0

පුලා මහත්තයා Monday, 21 February 2022 01:21 PM

"රන්විමනේ සිටි මුත් දුක නැති වෙත්ද, පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද, මිණි බරණින් සැදු මුත් ගත නොදිරත්ද, පැණි වරකා ගහටත් හෙණ නොවදිත් ද" (උපුටාගත් ජන කවියකි)

:       0       1

පුලා මහත්තයා Monday, 21 February 2022 11:01 AM

කොරෝනා හැදුණේ මුන්දැට විතරද? තව අහිංසක වයසක අම්මලා කොතරම් කොරෝනා හැදිලා මියැදුණාද? ජිවිතයම දරුවන් වෙනුවෙන් කැප කරලා, තේ දළු නෙලලා, රබර් කිරි කපලා, පොලේ පලා මිටියක් විකුණලා කිසිම කෙනෙකුගේ තඹ සතයක්වත් තම පරිහරණයට නොගෙන ජීවත් වෙද්දී කෝවිඩ් හැදිලා ඉරිදා පොළේ ගෝනි පඩංගුවක් උඩ වැතිරී මියගිය ලෝකයට බරක් නොවුණු අම්මලා ඉඳිද්දී අනුන්ගෙන් කඩාගෙන කාලා ජීවත්වුණා. මට නම් ඒක නිවුස් එකක් නොවේ.

:       2       66

jayasekaraMonday, 21 February 2022 11:46 AM

අනේ.. රැජිණ ඇතුළු මුළු රජ පවුලම, පිනට නඩත්තු කරන සාමාන්‍ය ජනතාවත් දෙවියන් ආරක්ෂා කරත්වා..!

:       0       1

කිරි පුතා Sunday, 20 February 2022 07:15 PM

රාජ මාළිගයටත්, දිළිඳු පැල්පතටත් එක සේ සලකන ස්වභාව ධර්මය...

:       2       47

කවඩියාMonday, 21 February 2022 04:49 AM

ස්වභාවධර්මය සැමදෙනාටම සමව සලකන බව පෙන්වන අවස්ථාවක් කියන්න පුළුවන්.. එහෙමම තමයි මොන වරදක් කළත්, නීතියෙන් නිදහස ලැබුවත් ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න බැහැ කියලා පෙන්වාදීමක් තමයි මේ...!

:       1       0

Nihal Monday, 21 February 2022 11:02 AM

අපේ ජාතික විරුවන් මියගිය ශාපයෙන් නම් ගැලවීමක් නැහැ...

:       3       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site