IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාව කැලඹූ ගුවන් අනතුරු

අහමදාබාද් නුවර සිදුවුණු ගුවන් යානා අනතුර ඉන්දියාව පමණක් නොව, මුළු ලෝකයම කැලැඹීමට සමත් වී ඇත. මෙය ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි.

 

මෙහි දැක්වෙන්නේ පසුගිය වසරවල ඉන්දියාවේ සිදුවුණු ගුවන් අනතුරු සම්බන්ධ කෙටි විස්තරයකි.

 

2020 අගෝස්තු 7, කැළිකට් (කෝෂිකෝඩ්) ගුවන් අනතුර: ඩුබායි සිට පැමිණි එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් 1344 දරණ ගුවන් යානය කැළිකට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබසින විට කඩා වැටී 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තෙත බරිත වූ ගුවන් පථයේ යානය ලිස්සා ගොස් දෙකට කැඩී ගියේය.

  • 2010 මැයි 22, මංගලෝර් ගුවන් අනතුර: එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් 812 දරණ ගුවන් යානය මංගලෝර් හිදී ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් 158 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යානය ප්‍රපාතයකට වැටීමෙන් පසු කැබලි විය.
  • 2000 ජූලි 17, පට්නා ගුවන් අනතුර: ඇලියන්ස් එයාර් ගුවන් සේවයේ අංක 7412 දරණ බෝයිං 737 ගුවන් යානය පට්නා නුවරට ගොඩබාන විට කඩා වැටී 60 කට වැඩි පිරිසක් මිය ගියහ. ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා යානය පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුවිය.

  • 1996 නොවැම්බර් 12, චාර්කි දාද්‍රි ගුවනේදී සිදුවූ ගැටුම: සෞදි අරාබියන් ගුවන් සේවයේ බෝයිං 747 යානයක් සහ කසක්ස්තාන් ගුවන් සේවයේ ඉලියුෂින් Il-76 යානයක් දිල්ලි අසලදී එකිනෙක හැපීමෙන් යානා දෙකේ සිටි 349 දෙනාම මිය ගියහ. ගුවන් නියමුවන්ගේ දෝෂයක් සහ ගුවන් ගමන් පාලනය මධ්‍යස්ථානයේ සිදුවුණු සන්නිවේදන දෝෂයක් නිසා යානා දෙක එකිනෙක හැපීම සිදුවිය.

  • 1993 අප්‍රේල් 26, ඖරන්ගාබාද් ගුවන් අනතුර: ඉන්දීය ගුවන් සේවයේ 491 දරණ බෝයිං 737 ගුවන් යානය ඖරන්ගාබාද් සිට ගුවන් ගත වූ පසු ට්‍රක් රථයක සහ විදුලි රැහැන් වල වැදී කඩා වැටීමෙන් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

  • 1991 අගෝස්තු 16, ඉම්ෆාල් ගුවන් අනතුර: ඉන්දීය ගුවන් සේවයේ 257 දරණ ගුවන් යානය ඉම්ෆාල් අසලදී කඩා වැටී එහි සිටි 69 දෙනාම මිය ගියහ.

  • 1990 පෙබරවාරි 14, බැංගලෝර් ගුවන් අනතුර: ඉන්දියානු ගුවන් සේවයේ 605 දරණ එයාර්බස් 'ඒ320' ගුවන් යානය බැංගලෝර් වෙත ළඟා වෙද්දී, කඩා වැටී අනූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

  • 1988 ඔක්තෝබර් 19, අහමදාබාද් ගුවන් අනතුර: ඉන්දීය එයාර්ලයින්ස් ගුවන් සේවයේ අංක 113 දරණ ගුවන් යානය අහමදාබාද් හිදී කඩා වැටී 133 දෙනෙක් මියගියහ.

  • 1982 ජූනි 21, බොම්බේ ගුවන් අනතුර: එයාර් ඉන්දියා ගුවන් සේවයේ අංක 403 ගුවන් යානය මුම්බායි ගුවන් තොටුපළේදී කඩා වැටී 17 දෙනෙක් ජීවිතක්ෂයයට පත්වූහ.


(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

 



අදහස් (2)

ඉන්දියාව කැලඹූ ගුවන් අනතුරු

Bunny Preena Saturday, 14 June 2025 11:59 AM

මෙම ශෝචනීය අනතුර සම්බන්ධව ඉන්දියාව විතරක් නොවේ., මුළු ලෝකයම ශෝකයෙන් කැළඹිලා තියෙන්නේ...!

:       0       0

Kumar Sunday, 15 June 2025 09:11 AM

ගුවන්යානයේ පමණක් නොවේ ධාවනපටය කෙළවරට නුදුරින් පිහිටි වෙෙද්‍ය විදුහලේ සිසුන්ට සිදුවන දෙය සෝචනීයයි. එම වෙෙද්‍ය විදුහල එතැන නොතිබුණා... බොහෝ දෙනෙකුගේ ජීවිත රැකගන්න ඉඩ තිබුණා. එම වෙෙද්‍ය විදුහල සැලසුම් කල මැටි මෝලට දඬුවම් කරන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site