IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇමෙරිකාවේ මාරක බැක්ටීරියා වසංගතයක්

ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

ආසාදිතයන් වාර්තා වෙන්නේ, මේරිලන්ඩ්, කැලිෆෝනියා, ඉලිනෝයි, නිව් ජර්සි, මැසචුසෙට්ස් සහ නිව්යෝක් ජනපදවල ප්‍රධාන නගරවලිනි.

මරණය වාර්තා වන්නේ මේරිලන්ඩ් ජනපදයෙනි. මේරිලන්ඩ් ප්‍රාන්තවේ ‘ලිස්ටීරියා’ ආසාදිත ගැබිනි කාන්තාවකට සිය දරුවා අහිමි වූ බව ද සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘ලිස්ටීරියා’ බැක්ටීරියා ව්‍යාප්තිය සිදුවී ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදන අලෙවිසැල් හරහා අලෙවි කරන සිදු කරන චීස් සහ මස් වර්ග හරහා යැයි ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකකට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

‘ලිස්ටීරියා’ බැක්ටීරියාව ආසාදනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ ‘ලිස්ටීරියෝසිස්’ යනුවෙනි. ‘ලිස්ටීරියෝසිස්’ රෝගි තත්ත්වයට හේතුව අපිරිසුදු ආහාර අනුභවය යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.

ඇමෙරිකානුවන් බහුලව මස් වර්ග ආහාරයට ගනී. සාමාන්‍යයෙන් වාර්ෂිකව ‘ලිස්ටීරියෝසිස්’ රෝගීන් 1,600 දෙනකු පමණ වාර්තා වන අතර, සෑම වසරකම රෝගීන් 260 දෙනකු පමණ මිය යන බව ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකක පවසා ඇත.

එසේ වුවත් මේ වනවිට ඇමෙරිකන් ජනපද හරහා ‘ලිස්ටීරියෝසිස්’ රෝගීන් හමුවීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකක පැහැදිලි කර තිබේ. එය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කර ඇත්තේ එහෙයිනි.

‘ලිස්ටීරියා’ බැක්ටීරියාව නිරෝගී පුද්ගලයකුට ආසාදනය වුවහොත්, ප්‍රතිජීවක ඖෂධ ඇතිව හෝ නැතිව එම පුද්ගලයා සුවපත් කළ හැකි නමුත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයකුට ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව මාරක විය හැකි බව වෛද්‍යවරු පවසති.

ගැබිනි කාන්තාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ද ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව මාරක බව පැවැසෙයි. උණ, සිහිවිකල්වීම, තෙහෙට්ටුව, මාංශපේෂී වේදනාව ‘ලිස්ටීරියෝසිස්’ රෝග ලක්ෂය.

(බීබීසී)



අදහස් (0)

ඇමෙරිකාවේ මාරක බැක්ටීරියා වසංගතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site