IMG-LOGO

ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලෝක සාමයට තර්ජනයක්

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන භයානකම දශකය මෙය යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් අගනුවර පැවැති දේශපනයනක් අතරතුරේය.

ඇමෙරිකාව සහ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් ඔවුන්ගේ ආධිපත්‍ය ගොඩනගා ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් ලෝකය අනතුරුදායක තත්ත්වයකට ඇද වැටී ඇති බව රුසියන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් භූ දේශපාලනික අර්බුද රැසක් නිර්මාණය කිරීමට සමත් වී සිටින බවත්, එය ලෝක සාමයට බාධාවක් වී ඇති බවත් රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ.

ලෝකයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තනිවම කළ නොහැකි බවත්, අවසානයේ ඔවුන්ට රුසියාව සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමට මෙන්ම රුසියාවේ සහාය ලබා ගැනීමට ද සිදුවනු ඇති බවත් පුටින් අවධාරණය කළේය.

රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, රුසියාවේ අසල්වැසියකු වන යුක්රේනය, ‘නෝටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කිරීමත්, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවල් යුක්රේනයට සහාය දැක්වීමත් නිසාය.

දේශනය අනතුරේ රුසියාව යුක්රේනයට එරෙහිවගත් හමුදා ක්‍රියා මාර්ගය සාධාරණීකරණය කිරීමට ද ජනාධිපති පුටින් කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (7)

ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලෝක සාමයට තර්ජනයක්

ganegoda Friday, 28 October 2022 01:08 PM

ඒ කතාවේ නම් ඇත්තක් නැත්තෙත් නැහැ...!

:       7       58

saththyaa Friday, 28 October 2022 01:30 PM

අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඇමෙරිකාවෙත් තියෙන්නේ...

:       1       4

සුරංග Friday, 28 October 2022 01:43 PM

අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද අයින් කරන්න ඉස්සර වෙලා, තමන්ගේ ඇහේ තියෙන පරාලය අයින්කළොත් හොඳයි නේද පුටින්...?

:       56       8

බද්රානි Friday, 28 October 2022 02:38 PM

පුදුමේ කියන්නේ, ලෝක සාමයට තර්ජනයක් වුණු පුද්ගලයාම මෙතන බණ කියනවා. NATO (North Atlantic Treaty Organization) කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිකරගත් සංවිධානයක්. එහි ප්‍රධාන මුලස්ථානය තිබෙන්නේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ. ඇමරිකාව ඇතුළු නැගෙනහිර හා බටහිර යුරෝපීය රටවල් 30ක් මේ සංවිධානයේ සාමාජිකයින්. 90 දශකයේ රුසියාව පවා නේටෝව සමග සහයෝගයෙන් කටයුතු කොට තිබෙනවා. නමුත් ඒකාධිපති නරුම පාලකයෙක් වූ පුටින් ඇමරිකන් බිල්ලාට බියවෙමින්, අසල්වැසි යුක්රේනය යුරෝපා සංගමයට හා නේටෝ සංවිධානයේ සාමාජිකයෙක් වෙනවාට ඇති නොකැමැත්ත මත තමයි මේ යුද්ධය ආරම්භ කලේ. පුටින්ගේ න්‍යායට අනුව නම්, ඉතින් අපිත් ඉන්දියාවේ පදයට නැටිය යුතු වෙනවා.

:       33       8

ganegoda Friday, 28 October 2022 03:04 PM

ඉරානය, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ලිබියාව... දිහා බලනකොට, දහස්වාරයක් අපේ අදහස් නිවැරැදියි නේද?

:       1       4

බද්රානිFriday, 28 October 2022 04:30 PM

ගනේගොඩ ඔබ ඔය සඳහන් කළ සියලුම රටවල සිටියේ ඒකාධිපති පාලකයින්... එවැනි දරඳඩු පාලකයින්ව මෙල්ල කරන එක වරදක්ද? ඔබ ඔය කියන ලෙස එම රටවල් ඒ පාලකයින් සිටි සමයේත් සංවර්ධිත නම්, අපිටත් ඒ රටවලට ගොස් රැකියා කරමින් ස්ථීර පදිංචිය පවා ලබාගත හැකිව තිබුණා. ජනතාව මෙල්ල කරගනිමින් පාලනය කරන එකටද ඔබ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ...? එවැනි කෘර පාලකයින් වසර ගණනාවක් පාලනය කල රටවල් වල සමාජ පරිහානිය අපට නම් ඇස් දෙකෙන්ම පේනවා. ලංකාවේ සමාජ පරිහානියටත් මේ ඒකාධිපතිවාදය බලපෑවා. පාලකයින් ජීවිත කාලය පුරාම රටවල් පාලනය නොකළ යුතුයි. කලින් කලට පාලකයින් මාරුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ලක්ෂණයයි. වහල් මනසක් සහිත ඔබට එය නොවැටහීම ගැන මම පුදුම වන්නේ නැහැ...

:       2       0

Kumar (Gulf) Friday, 28 October 2022 10:34 PM

Putin created the entire calamity by attaching Ukraine, and he is accusing USA for nothing, Putin is a megalomaniac who wants to bring USSR back to reality, That communisms killed over 75 million people from the time of former megalomaniac, Stalin. in Russia.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site