උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයට වායුගෝලයට නැවත ඇතුළුවීමේ හැකියාවක් නැතැයි දකුණු කොරියානු බුද්ධි තොරතුරු ආයතනය විශ්වාස කරන බව දකුණු කොරියාව පවසයි.
උතුරු කොරියාව ඉකුත් සතියේදී මිසයිලයක් අත්හදා බැලූ අතර එය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සහිත අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් යැයි වාර්තා විය. උතුරු කොරියානු රාජ්‍ය පුවත් සේවය ද එය තහවුරු කර තිබිණි. එම මිසයිලයට ඇලස්කාවට හෝ ඇමෙරිකානු මහද්වීපයට ගමන් කිරීමේ හැකියාව තිබෙන බව ද විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
තම මිසයිල අත්හදා බැලීම සාර්ථක වූ බවත් වායුගෝලයට සාර්ථකව නැවත වරක් පිවිසුණු බවත් උතුරු කොරියාව නිවේදනය කළේය.
යී වෑන්ග් යන්ග් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ බුද්ධි තොරතුරු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු ද වේ. උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බැලූ අන්තර්මහද්වීපික මිසයිලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මිසයිලය සාර්ථකව පෘථවි වායුගෝලයට ඇතුළු වූ බව තහවුරු වී නැතැයි පැවැසීය.
“නැවත වායුගෝලයට ඇතුළුවීම අත්හදා බැලීම සඳහා අවශ්‍ය පහසුකම් උතුරු කොරියාව සතුව නැහැ. උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය නැවත වායුගෝලයට ඇතුළු තහවුරු කෙරෙන සාක්ෂි කිසිවක් නැහැ” යැයි දකුණු කොරියානු ජාතික බුද්ධි සේවාව උපුටා දක්වමින් ඔහු කීවේය.
එපමණක් නොව උතුරු කොරියාව ඉකුත් සතියේදී අත්හදා බැලූ මිසයිලය ඔවුන් මැයි මාසයේදී අත්හදා බැලූ කේ.එන් 17 අන්තර්මැදි වර්ගයේ මිසයිලයේ නවීකරණය කරන ලද්දක් යැයි ද යී වෑන්ග් යන්ග් පැවැසීය.
(රොයිටර් 055)
2025 දෙසැම්බර් මස 18
550
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියාවෙන් අවතක්සේරුවක්