IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සිරියාවට පහර දුන්නොත් බටහිර රටවල් එක්ක සටන් කරන්න සූදානම්

තුර්කියෙන් හෝ බටහිර රටවලින් හෝ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල වුවහොත්, ඉරානය සමඟ එක්වී සිරියා රජයට සහාය දක්වමින් සටන් කරන්න සූදානම් යැයි ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය පවසයි. හිස්බුල්ලා සංවිධානය වෙනුවෙන් මේ බව කියා සිටියේ එම සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයකු වන අහ්මඞ් ජිබ්රිල් ඊයේ (5) බීරූට් නුවර ‘මයාදීන්’ රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වූ අවස්ථාවේදීය. ”තුර්කිය හෝ බටහිර රටවල් හෝ සිරියා රජයට පහර දුන්නොත් සිරියා රජය සමඟ එක් වී විදෙස් බලවේග සමඟ සටන් කරන්න අප සූදානම්. හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක හසාන් නසරුල්ලා ඊට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේමයි ඉරානයේ සිටින අපේ සහෝදරයන්ගේ සහාය අපට ලැබෙනවා” යැයි ජිබ්රිල් පැවැසීය. ඉරානයට අමතරව පලස්තීනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සටන්කාමීන් සංවිධානයේ සහාය ද තමන්ට ලැබෙන බව ජිබ්රිල් වැඩිදුරටත් කියා සිටී. තමා ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් සහ සිරියා ජනපති බෂීර් අල් අසාද් හමුවී සාකච්ඡුා පැවැත් වූ බව ද ජිබ්රිල් ප‍්‍රකාශ කළේය. සිරියා අර්බුදය මේ වනවිට අසල්වැසි ලෙබනයට පැතිර ගොස් ඇත. සිරියා රජයට පක්ෂ ලෙබනනයේ ෂියා මුස්ලිම්වරුන් සහ කැරැුලිකරුවන්ට පක්ෂ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුම් දිනෙන් දින උග‍්‍ර වෙමින් පවතී. සිරියාවේ අනෙක් අසල් වැසියා වන්නේ තුර්කියයි. තුර්කිය කලක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම මිතුරකු වී සිටියේය. එහෙත් සිරියා අර්බුදය හේතුවෙන් සිරියාවත් තුර්කියත් අතර මතභේද හට ගෙන ඇත. එම මතභේද උග‍්‍ර වූයේ මීට සතියකට පමණ පෙර සිරියා ගුවන් සීමාව උල්ලංගනය කළ තුර්කි ප‍්‍රහාරක ජෙට් යානාවකට සිරියා රජයේ හමුදා පහර දී බිම හෙළීමයි. යානයේ සුන්බුන් හමුවුවද එහි සිටි නියමුවන් දෙදෙනා සොයා ගැනීමට නොහැකි විය. තම ජෙට් යානයට පහර දී බිම හෙළීම තුර්කියේ දැඩි දෝෂ දර්ශනයට හේතු විය. ඒ ගැන සිරියාවට වන්දි ගෙවන්න සිදුවේවි යැයි ද තුර්කිය අනතුරු ඇගවීය. එම සිදුවීමෙන් පසු සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට තම හමුදා සීරුවෙන් තැබීමටද තුර්කි රජය කටයුතු කළේය. තුර්කිය නේටෝ සාමජිකයෙකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් බටහිර රටවල් වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය තරයේ කියා සිටින්නේ සිරියා අර්බුදය විසඳීමට නම් ලිබියාවට කළාක් මෙන් සිරියා රජයේ හමුදාවලට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එහෙත් ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් දෙදෙනා වන රුසියාවත් චීනයත් විරෝධය පළ කරයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇත්තේ සිරියා රජයේත් කැරැුලිකාර පාර්ශ්වයේත් නියෝජිතයන් එක්කොට සංක‍්‍රාන්ති රජයක් පිහිටුවිය යුතු බවය. සිරියා අර්බුදයට එකම විසඳුම වන්නේ එය යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර තිබේ.



අදහස් (0)

සිරියාවට පහර දුන්නොත් බටහිර රටවල් එක්ක සටන් කරන්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site