‘ක්වඩ්’ රටවල විදෙස් අමාත්‍යවරුන්ගේ හමුව, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්විණි. ‘ක්වඩ්’ කණ්ඩායමට රටවල් 4 ක් අයත් වෙයි. ඒ, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ටේ්‍රලියා සහ ජපානයයි.

ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක යෙදෙන ඇමෙරිකා රාජ්‍ය (විදෙස් අමාත්‍ය) ලේකම් රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, ජපන් විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටේගී සහ ඕස්ටේ්‍රලියානු විදේශ අමාත්‍යවරිය පෙනී වොංග් ඊට සහභාගී වූහ.

‘ක්වඩ්’ රටවල් අතරේ උපාය මාර්ගික සබඳතා වර්ධනය කර ගැනීම, ඇමෙරිකා ඉරාන යුද ගැටුම හේතුවෙන් ගෝලීය බලපෑම, චීනයේ නැගී සිටීම සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.