
ඛනිජ සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතරේ උපාය මාර්ගික ගිවිසුමකට අත්සන් තැබුණි.
ගිවිසුමට අත්සන් තැබීම සිදු කළේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේ පැවැති සාකච්ඡාවලින් පසුවය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් රූබියෝ සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. නවදිල්ලි අගනුවරදී, මෙම ගිවිසුමට අත්මන් තැබීම සිදු වූයේ එම නිල සංචාරයේ අවසානය සනිටුහන් කරමිණි.
අදාළ කනිජ සම්පත් සොයමින් කැණීම් කිරීම, පිරිසැකසුම් කිරීම, සැපයුම් දා සුරක්ෂිත කිරීම මෙම ගිවිසුමේ මූලික කරුණු අතරට ඇතුළත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd