ව්‍යවස්ථා කෙටුම්පත ගැන සබරගමු සබේ ඡන්දය කල්යයි සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනයකදී පැවත්විය යුතු බවට තීරණය කෙරෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සබරගමු පළාත් සභාවේ විවාදය සහ ඡන්ද විමසීම කල්තැබිණි. 28 August 2017
උදයංග වීරතුංගගේ පෙත්සම ඔක්තෝබර් 19 වැනි දා තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 19 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය. 28 August 2017
නිශ්ශංක සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට නොතීසි නාවික හමුදාව විසින් සිදු කළ මුහුදු ආරක්ෂක සේවාවක් පෞද්ගලික අංශයට පැවරීම සඳහා කුමන්ත්‍රණකාරීව රුපියල් ලක්ෂ 355ක අල්ලසක් හුවමාරූ කර ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින ඇවන්ඩ් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට ලබන සැප්තැම්බර් 19 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද නියම කළේය. 28 August 2017
උතුරුමැද වෛද්‍ය වර්ජනය දැඩි කරන්න යයි උතුරු මැද පළාත් රෝහල්වල වෛද්‍යවරුන් අද(28) ආරම්භ කළ වැඩවර්ජනය ලබන බදාදා(30) සිට දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. 28 August 2017
'තරග පරදීද්දී අපි ඉන්දියාවේ තත්ත්වයට පත්විය යුතු නෑ' - අර්ජුන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගගනයේ දී පෙරේදා (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය. 28 August 2017
තෙප්පමක් පෙරළී උසස් පෙළ සිසුහු 6 ක් මරුට යාපනයේ මණ්ඩතිව් දුපතේ දී අද (28) පස්වරුවේ බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් 6 දෙනාගෙන් පස් දෙනෙකුගේ සිරුරු දැනට සොයා ගෙන ඇත. 28 August 2017
රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ මහතා අද නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය. 28 August 2017
ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. 28 August 2017
හිටපු මන්ත්‍රී සජින් වාස් එෆ්සීඅයීඩියට හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ ලබා දීමට අද (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 28 August 2017
මොරටු නාගරික කොමසාරිස්ට විරෝධතා ගොනු කරන්න දින මොරටුව නාගරික කොමසාරිස්වරයාට එරෙහිව අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව ඔක්තෝබර් 2 වැනි දා අධිකරණයේ පෙනී සිට විරෝධතා ගොනු කරන ලෙස මොරටුව අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා අද (28) නියෝග කළේය. 28 August 2017
ගාලු - මඩකලපු ලංගම බස් වලට ගල් ප්‍රහාර ගාල්ල,මඩකලපුව, පාසිකුඩා දක්වා පසුගිය 24 වැනි දා සිට ආරම්භ කළ මගී බස් රථවලට හම්බන්තොට , තණමල්විල සහ බුත්තල ප්‍රදේශ වලදී ගල් පහරවල් එල්ල කිරීම නිසා මගී ජීවිත අනතුරට පත්වී ඇතැයි එහි ගමන් ගන්නා මගීහු පවසති. 28 August 2017
රයන් ජයලත් යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (28) නියෝග කළාය. 28 August 2017
දුරකථන සංවාද පටිගත කිරීම්වල අනුක්‍රමික අංක 4 ක් අතුරුදන් 2015 ජුනි 8 වන දින පර්පචුවල් ටේරෂරිස් සමාගමේ දුරකතන සංවාද පටිගත කිරීම්වල අනුක්‍රමික අංක (Serial Number) 4ක් අතුරුදන් වී ඇති බවත් ඊට හේතුව තමන් නොදන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පවුපල් ටේරෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියේය. 28 August 2017
ව්‍යවස්ථා කෙටුම්පත ගැන බස්නාහිර සබේ ඡන්දය කල්යයි බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම ලබන 4වැනිදා තෙක් කල් තැබිණි. 28 August 2017
බස්නාහිර සබේ ගාලගෝට්ටියක් - සෙංකෝලයටත් හානි 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද(28) බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සබාව අත්හිටවිණි. 28 August 2017
වැව් 19ක ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවයි ගොවි සංවිධාන විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ගෙන ගිය වැව් 19 ක කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. 28 August 2017
කිලිනොච්චියේ වෙළඳසලක් ගිනිගෙන කතකට පිළිස්සුම් තුවාල කිලිනොච්චිය වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි වෙළඳසලක ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා රෝහලගත කරනු ලැබ ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 28 August 2017
උමා ඔය ගැටලූ සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමයේ අක්‍රමිකතා හා ගැටලූ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකුගේ අස්සනින් කතානායක කරු ජයසූරිය මහතාට යෝජනාවක් බාර දී ඇත. 28 August 2017
කතරගම ගැටලුවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මැදිහත්වෙයි කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපුවා අතර ඇතිවී තිබෙන ගැටලුව විසඳීම සඳහාත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමටත් ඔවුන් අද(28) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටිති. 28 August 2017
කැමරාව බොත්තමක - ස්විචය පාදයේ - ශ්‍රවණ උපකරණය කනේ උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවාට විභාගය අතරතුරදී තවත් ටියුෂන් ගුරුවරයකු ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට ද පිළිතුරු ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 27 August 2017
ඉන්දියාව ජය හඹා යද්දී පිටියට බෝතල ප්‍රහාර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය නිමා වීමට ඕවර කිහිපයක් තිබියදී නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් තරගය අතර මග නතර කිරීමට සිදුවිය. 27 August 2017
රාජිතට එරෙහි විශ්වාස භංගයට ජවිපෙ සහය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 August 2017
ශ්‍රීලනිප මන්ත්‍රීන් හයකගේ සාමාජිකත්වය අත්හිටුවන්න යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 27 August 2017
කොටුවේ හෝටලයක ගින්නක් කොළඹ කොටුව චැතැම් වීදියේ හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 27 August 2017
තාත්තයි පුතයි මැරීයැයි පියපුතු දෙදෙනකුත් රිමාන්ඩ් සරුංගලයක් සම්බන්ධ ආරවුලක් නිසා මිනුවන්ගොඩ ගමන්ගෙදර තාත්තා කෙනකු සහ පුතකු මරා දැමීයැයි සැකපිට එම ප්‍රදේශයේම පිය පුතු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ලබන හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා නියෝග කළේය. 27 August 2017
අර්ථසාධක අරමුදලෙන් බදු අයකළොත් බලාගෙනයි සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 28 ක බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා හකුලා නොගතහොත් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්කරගෙන දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අන්තර් සමාගම් සේවත සංගමය කියයි. 27 August 2017
රංජන්ට නඩු දැමීම ඒකමතිකව සම්මතයි - නීතීඥ සංගමය නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණය මාසික සභා වාරයේදී ඒකමතිකව සම්මත වූ බව ශ්‍රි ලංකා නීතිඥ සංගමය පවසයි. 27 August 2017
කපුවන්ට බලපෑම් කරන්න බස්නායකට බැරිලු දේවාලයේ පාරම්පරික කටයුතු කරන කපුමහත්තුරුන් හා සෙසු නිලයන්ට බලපෑම් කිරිමට වසර පහකට වරක් පත්වන බස්නායක නිළමේවරයාට කිසිම බලයක් නැතැයි සමස්ත ලංකා ඓතිහාසික දේවාල පාර්ම්පරික නිලධාරින්ගේ සංගමයේ සභාපති හා අම්මඩුව කුඩා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ඩි කේ ඒ ඩබ් කේ ජයතිලක දේවගිරි මහතා සදහන් කරයි. 27 August 2017
කතකට කරදර කළැයි වෛද්‍යවරු දෙදෙනෙක් අත්අඩංගුවට කාන්තාවකට හිරිහැර කළැයි සැකපිට වෛද්‍යවරු දෙදෙනෙක් කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 August 2017
නිධන් හාරන්න ගියැයි 10ක් සැකපිට නවගත්තේගම පොලිස් වසමට අයත් රච්චිරාගම ප්‍රදේශයේ තරණගොඩ කොහොඹයාය රක්ෂිතය තුළට නීති ඇතුළු වී නිධන් බව කියන පුද්ගලයන් දස දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 27 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026