(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පක්‍ෂනායක කමිටුවක් පත්කිරීමට අද (14) ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ තීරණය කළහ.
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කළහොත් මුහුණදීමට සිදුවිය හැකි ගැටළු, නීතිමය තත්ත්වයන් හා අනෙකුත් කරුණු පිළිබඳව ගැඹුරින් සළකා බලා ඉතාම ඉක්මනින් වාර්තාවක් සකස්කර එය ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලංකාදීපයට පැවසීය.
මෙම කමිටුවේ කැඳවුම්කරු ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත්කරනු ලැබ සිටියි. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්‍ෂ නායකයන් පිරිසක්ද ඒ කමිටුවට පත්කර ඇතැයිද මහාචාර්යවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (14) පැවැත්විණ.
පස්වරු 6.00 ට පමණ ආරම්භවූ මෙම රැස්වීම පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවැතිබව ප‍්‍රකාශකයකු කීය.
ආණ්ඩුවෙන් ඉවත්වූ සුසිල් පේ‍්‍රම්ජයන්ත,ජෝන් සෙනෙවිරත්න,එස්.බී දිසානායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමාගේ උන බෝවෙලා වගෙයි.කමිටු කමිටු.තෙපර බබා ඉන්නැතුව තීරණ අරන් තිබ්බනම් ක්‍රියාත්මක කරන්න විතරනේ තියෙන්නේ.
ඊලග චන්දෙදි අලුත් පක්ෂයකින් එන්න , රටේ කාලය නාස්ති කරන්න එපා , උගත් මහතාණෙනි . අපි හාමතේ, කරපු දේශපාලුව නිසා.
මොන විදිහකින් හරි බලයට එන්න තියෙන කෑදර කමට මේ කට්ටිය නොගහන දහම් ගැටයක් තියෙනවද අම්මප? හිටපු කාලෙ මතක් වෙනකොට නලියනව ඇති නේ.
මහී මල්ලිට දැන් හොඳයි වගේ. එහෙම එකෙක් හරි ඉන්න එක ලොකු දෙයක්.. වෙනස සැප එකෙක් ඉන්නවෝ.
නාගහකන්ද නීතිඥතුමා මෑතකදී පීරිස් උන්නැහේව ළඟ තියාගෙන කිව්ව කතාව සිහිවෙනවා " රටේ නීති සාධාරණත්වය හරියටම ක්‍රියාත්මක වුනානම් අද ජී ඇල් ඉන්න ඕනේ හිරේ " මේ ගැන තවදුරටත් කතා නොකරන්නෙමි. මන්ද මේවා අපිට පිළිකුල්ය.