(අංජුල මහික වීරරත්න , අතුල බණ්ඩාර සහ රෝහණ චන්ද්‍රදාස)
අතීත බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කර ශ්‍රී විභූතිය ගැන ලෝකයට නොකියා සිංහල බෞද්ධ යැයි කියමින් දේශපාලනයේ ඡන්ද ගැනීමට කෑ ගැසීමෙන් ඵලක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (14) පැවැසීය.
වත්මන් රජය බෞද්ධ සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා 2015 වසරේ සිට වසර තුනක් රුපියල් මිලියන 2500ක් වියදම් කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පසුගිය රජය 2012 වසරේ සිට 2014 දක්වා ඒ වෙනුවෙන් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 1100ක් පමණක් බවද කීය.
මේ අනුව ශ්‍රී ලාංකික උරුමය ගැන සැබෑ කැක්කුමක් ඇත්තේ කාටදැයි හොඳින්ම තේරුම් ගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අනුරාධපුර මහා විහාර ප්‍රජා භූමිය සංරක්ෂණය සහ සංවර්ධනය කිරිමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
අනුරාධපුරට පැමිණි අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියන් බැහැදැක ශ්‍රී මහා බෝධියද වැද පුදා ගත්තේය.මහා විහාර ව්‍යාපෘතියේ අංක 17 පොකුණ සංරක්ෂණයෙන් පසු විවෘත කිරීමටත් ශ්‍රී මහා බෝධියේ ශෛලමය ප්‍රාකාරය විවෘත කිරීමටත් අනතුරුව ලෝවාමහා ප්‍රාසාදයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමටත් අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංරක්ෂණයට පෙර ආරක්ෂණය සිදුකල යුතුය. නැතිනම් සංරක්ෂණයට කිසිවක් ඉතුරු නොවේ. විවිධ මතිමතාන්තර මෙන්ම මුදල් සඳහා පුරාවිද්‍යා ස්ථාන දැඩි ලෙස විනාස කෙරේ. සංවිධානාත්මකව විනාශ කිරීම දක්නට ලැබේ. පළමුව ආරක්ෂණ අංශ වලට නිසි ලෙස මේවා භාර කලයුතුයි. වඩාත් විශ්වාසයක් තැබිය හැක්කේ ආරක්ෂණ අංශයි. නිලධාරීන් පිළිබඳව ජනතාවගේ පැහැදීමක් නැත.
මාධ්‍ය ඉදිරියේ ලොකු ලොකු ගණන් පෙන්නුවට සංරක්ෂණය සදහා ගිය මුළු වියදම විගණන පරීක්ෂාවක් කලානම් බලාගන්න පුළුවන් ඔය කලයි කියන වියදම ඇත්තටම කොහෙටද ගියේ කියලා. ඉතිහාසය විෂය ඉස්කෝලේ ළමයින්ගේ අච්චු පොතිනුත් අයින් කරවපු අය කියන මේ සුරංගනා කතා විශ්වාස කරලා ඒවා තවමත් ඇත්තය කියලා පිළිගන්න කෙනෙක් ඉන්නවානම් ඉන්න ඕනේ අංගොඩයි.
පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කෙරෙන හැටි දැක්කම හරි ක්‍රියාමාර්ගයක් ගැන්වෙයි කියලා හිතන්න අමාරුයි. හැම සේවයක්ම මුදලට යට වෙලා. ගුරුවරු, දොස්තරලා ඔක්කොම එකයි. ජනතාව දැනුවත් කිරීමත්, අවධානය යොමුකිරීමත්වත් කලොත් කිසියම් දුරකට ආරක්ෂා වෙයි කියලා හිතෙනවා. මේකට ලංකාදීප වගේ ජාතික පුවත් පතක් මැදිහත් වෙනවා නම් ජාතියට කරන මහෝපාකරයක්.