බිඟුන් මේනක ගමගේ
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සැක සහිත ගනුදෙනු රැසක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ඒ අනුව මෙම නව ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් කරන්නැයි විගණන කොමිසමට පැමිණිලි කරන්නේ යැයි බස්නාහිර පළාත් සභා ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා කීය.
පළාත් සභාවේ සියලු ආයතන එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ස්ථාපිත කරන ලද මෙම ගොඩනැගිල්ලේ පිරිවැය සැකසහිත මෙන්ම පාරදෘශ්‍ය නොවන ගනුදෙනුවලින් ගහණ බැවින් මෙසේ පැමිණිලි කරන්නේ යැයි නිපුණආරච්චි මහතා කීය.
පළාත් සභාවේ ගනුදෙනු බොහෝමයක් පාරදෘශ්‍යභාවයෙන් තොර යැයි චෝදනා කළ හෙතෙම යහපාල ප්‍රසම්පාදන ප්‍රමිතීන් එහිදී අනුගමනය නොකෙරෙන්නේ යැයිද කීය.
විගණන පනත සම්මත වීම සමඟ විගණන කොමිසමට සැළකිය යුතු බලයක් ලැබී ඇති බැවින් මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමක් සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන්නේ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නොවුනානම් ගිනස් වාර්තාවකට යනවා සිකුරුයි.
පහුගිය දවස්වල විගණන දෙපාර්තුමේන්තුවට තිබුණු ලොකු අඩුපාඩුවක් තමා පනතේ තිබුණු දුර්වල තැන්. දැන් ටිකක් හරි බලතල හම්බවෙලා තියන නිසා හරි විගණනයක් කර පෙන්නන්න පුළුවන්. මෙන්න පටන් ගැනීමට හොඳ අවස්ථාවක්.
පළාත් සභා ආරම්භයේ සිටම වංචා, දූෂණවලට තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවල හා ප්‍රාදේශිය සභාව ගිණුම් විගණනයට ලක් කිරීමට විගණන දෙපාර්තුමේන්තුවේ වෙනම අංශයක් පිහිටුවීමේ කාලීන අවශ්‍යතාවයක් වී ඇත.