ගුවන්විදුලිය බෝම්බයක් වෙයි මාලබේ පිට්ටුගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී අහුලා ගත් බව කියන ගුවන් විදුලි යන්ත්‍රයක් නිවසට රැගෙන ගොස් විදුලියට සම්බන්ධ කිරීමේදී පුපුරා යාමෙන් තුවාල ලැබූ 13 හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 30 August 2017
රේගු අධ්‍යක්ෂට නොතීසි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවක සාක්කි ලබා දීම සඳහා ඔක්තෝබර 09 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට නොතීසි නිකුත් කළේය. 29 August 2017
හිටපු ඇමැති අස්වර් අභාවප්‍රාප්ත වෙයි හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අල්හාජ් ඒ එච් එම් අස්වර් මහතා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 29 August 2017
විජයකලාගේ ප්‍රකාශය ගැන ස්විස් කුමාර් සාක්කි දෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බවට චෝදනා කරමින් කයිට්ස් වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක බැඳ ගම්වාසීන් තමාට පහර දෙද්දි එය නතර කරන ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටි බව මහා ලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් අද (29) පැවසීය. 29 August 2017
ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ නඩු යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (29) වාර්තා කළේය. 29 August 2017
කසුන් පළිසේන කොමිසම නොමඟ යැව්වා - අතිරේක සොලිසිටර් ජනරාල් කොමිසමට ව්‍යජ තොරතුරු ඉදිරිපත් කොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසම නොමඟ යවා ඇතැයි පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස බැ`දුම්කර කොමිසමෙන් අද (29) ඉල්ලා සිටියේය. 29 August 2017
‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘ දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. 29 August 2017
පර්පචුවල් ට්රෙෂරීස්හී පරිගණකයක් සීඅයිඩිය බාරයට පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වු පරිගණකය බැඳුම්කර කොමිසමේ කටයුතු විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන්ගේ බාරයට ගෙන ඇතැයි අද (29) කොමිසම හමුවේ අනාවරණය විය. 29 August 2017
නොටල්පිටිය ප්‍රා.සභා විපක්ෂනායකට ඇප ඉඩමක පිඹුරුපත අනුමත කර ගැනීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියකට අදාළව දින 14ක් රක්ෂිත බාරයේ සිටි තංගල්ල නොටෙල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (29) නියෝග කළේය. 29 August 2017
ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 29 August 2017
අල්ලස් ගත් පානදුර මහානාමයේ විදුහල්පතිනියට සිර දඬුවම් පාසලක හයවැනි වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වැරදිකරුවු පානදුර මහානාම විදුහලේ විදුහල්පතිනියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් අද(29) නියම කළේය. 29 August 2017
කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. 29 August 2017
විස්සට එරෙහි සියලු පෙත්සම් 6 වැනිදා සළකා බැලේ සියලූම පළාත් සභා වලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති සියලූම පෙත්සම් ලබන 6 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය. 29 August 2017
ලිප්ටන් සීට්හිදී බඹර ප්‍රහාරයෙන් 25ක් රෝහලේ හපුතලේ ලිප්ටන්ෂීට් දඹේතැන්න හා මහකන්දවත්ත ප්‍රදේශයේ දී අද(29) සංචාරකයින් පිරිසක් හා වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වූහ. 29 August 2017
ශ්‍රීලනීප සභාපති නඩුවේ ලිඛිත දේශන 04 දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ ලිඛිත දේශන ලබන 04 වැනිදා ගොනු කරන්නැයි කොළඹ දිසා අධිකරණය වගඋත්තරකාර එම පක්ෂයේ මහලේකම්වරයාට අද (29) නියෝග කළේය. 29 August 2017
පුංචි ඡන්ද පනතට කතානායක අත්සන 31 දා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා (31) කතානායක කරු ජයසුරිය මහතාගේ අත්සන යොදන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 29 August 2017
20 දකුණෙන් විසි වෙයි-සභාව උණුසුම් වෙයි පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය. 29 August 2017
අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් වවුනියාවෙන් හමු වෙයි පොළව යට පවතින ලෝහ වර්ග සෙවීම සඳහා භාවිතා කරන ජර්මනියේ නිෂ්පාදිත අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් වවුනියාව ඖෂධපිටිය ප්‍රදේශයේදී සඳුදා (28) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව ඊරට්ට පෙරියකුලම් පොලිසිය පවසයි. මෙසේ හමු වූ ස්කෑන් යන්ත්‍රයට සමාන යන්ත්‍ර කිහිපයක් පසුගිය කාලයේ උතුරේ ස්ථාන කිහිපයකින් සොයාගෙන 29 August 2017
අධිවේගයේදී හමුදා රියක් ගිනිගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී අද(29) උදෑසන යුද හමුදාවට අයත් ජීප් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි. 29 August 2017
මරදානේ වෙඩි තැබීමක්-තුනක් රෝහලේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මරදාන ජයන්ත වීරසේකර මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 29 August 2017
අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලයි ආරක්ෂක හමුදාවන්ට බාරවීමෙන් හා පැහැරගැනීම්වලින් අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගත යුතු බවත් ඒවාට සම්බන්ධ පිරිස් නීතිය ඉදිරියට පමුණවා අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරලිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 29 August 2017
ඌවේ හිටපු අමාත්‍ය කිත්සිරි සෙනරත් කළුරිය කරයි වත්මන් ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී හා හිටපු අමාත්‍ය අධිනීතීඥ කිත්සිරි සෙනරත් අත්තනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (29) හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය. 29 August 2017
ඒකාබද්ධයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ හිටපු මන්ත්‍රී මියයයි උඩවළවේ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත ගමගේ මහතා සිය කතාව කතාව අවසන් කර සුළු වේලාවකට පසු ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා මිය ගියේය. 29 August 2017
කුරුදුගහහැතැක්මේ තැපැල් කාර්යාලයක ගින්නක් - ස්ථානාධිපති මරුට කරන්දෙණිය කුරුදුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ ඇති වු ගින්නකින් එහි උප තැපැල් ස්ථානාධිපතිනි කාංචන මාලා සිල්වා මහත්මිය පිළිස්සී මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 29 August 2017
ආණමඩුවේ නිදන් හැරූ 6 ක් අත්අඩංගුවට ආණමඩුව - පුලියන්කුලම වැව් ඉස්මත්තේ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි. 29 August 2017
පර්පෙචුවල් ප්‍රධාන විධායකට බැඳුම්කර කොමිසමෙන් අවවාද අහන ප්‍රශ්න වලදී මඟහරින උත්තර නොදී කෙළින් උත්තර දෙන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනට බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා කොමිසමේ සාක්කි විමසන අතරතුර අවස්ථා දෙකකදීම අවවාද කළේය. 28 August 2017
පළාත් පාලන කෙටුම්පතට කථානායක අත්සන 15ට පෙර පාර්ලිමේන්තුවේ දී ඉකුත් 25වැනිදා සම්මත කෙරුණු පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පතට සැප්තැම්බර් 15වැනිදාට පෙර කතානායකවරයාගේ අත්සන තබන බව කතානායක කාර්යාලය පවසයි. 28 August 2017
උතුරේ ඒඑස්පී කෙනකුගෙන් ස්ථානාධිපතිට බලපෑම් පොලිසියට බලපෑම් එල්ල කරමින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා අනුබල දෙන පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට උතුරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු කරන ලදැයි කියන බලපෑමක් මත ඔහු සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු අතර ගැටම්කාරී තත්වයක් හටගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 28 August 2017
20ට එරෙහිව තවත් පෙත්සම් පහක් පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තවත් පෙත්සම් පහක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. 28 August 2017
විභාග වංචා ගැන සොයන්න විශේෂඥ කමිටුවක් නවීන තාක්ෂණ උපකරණ භාවිතා කර සිදු කරන විභාග වංචා වැළැක්වීමට ගත යුතු පියවර නිර්දේශ කිරිම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට අද (28) උපදෙස් ලබා දුන්නේය. 28 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026