(ඩයනා උදයංගනී)
ඇමෙරිකා අධිකරණයක් මගින් ද ග්ලයිෆොසේට් වල්නාශක තහනම් කර ඇති බැවින් ශ්‍රී ලංකා රජය ද කල්පනා කර තීන්දුවක් ගත යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා රජය ග්ලයිෆොසේට් සඳහා පැනවූ තහනම පසුව ඉවත්කිරීමට ගත් තීන්දුවට තමන් ද විරෝධය පළ කළ බව කී අමාත්‍යවරයා යළිත් එම තහනම පැනවිය යුතු බව ද සඳහන් කළේය.
ඇමෙරිකාවේ එම තීන්දුව දුන් පිළිකා රෝගියෙකු පැනවූ නඩුවට අමතරව තව පෙත්සම් 482ක් ඇති බව කී අමාත්‍යවරයා එම පිළිකාවට හේතුව ග්ලයිෆොසේට් බව නඩු තීන්දුවෙන් කියැවී ඇතැයි ද ප්‍රකාශ කළේය.
රබර්, තේ මොනවාට යෙදුවත් එම වල්නාශකය වාතාශ්රයෙන් පැතිරෙන නිසා ශරීරයට අහිතකර බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මීට පෙර ජනාධිපතිවරයා පැනවූ ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ නිල් ඇස්බැස්ටස් මේ වන විටත් තහනම් කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ වගේ අයට කොහොමත් තමන්ගේ අය හොයාගත්තු සත්‍යයට වඩා එදා ඉඳන් ලොකු වුනේ ලොකු රටවල ඒවා. මෙයාලගේ හීනමානෙට වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු.
ඊළඟ ප්රවෘත්ති සාකච්ඡාවේදී..."කවුද කිව්වේ ග්ලයිෆොසේට් වලින් පිළිකා හැදෙනවා කියලා... මම කිව්වේ ඇමරිකාවේ උසාවියක ඒ සම්බන්ධයෙන් නඩුවක් තියනවා කියලා විතරයි. එහෙම නැතිව කිසිම පරික්ෂණයකින් ඔප්පු වෙලා නැහැ පිළිකා හැදෙන බවට " කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ග්ලයිපොසෙට් සමාගමෙන් කුට්ටියක් ලැබිලා...
ඔය උදයංගනී නෝනගේ වාර්තාව බොරුවක්. ඒ නඩුවේ එවැනි දෙයක් සිදුඋනේ නැ. එම නඩුවේ තීරණය උනේ පිලිකාවක් සෑදුන කෙනාට වන්දියක් දීම පමණි. ඒ විතරක් නොවේ එම තීරණය දුන්නේ ජුරි සභාවක් මගින්ය. මේ නඩුව මීළඟ අභියාචනාවේදී මෙම තීරණය ඉවත යන එක නම් වෙනවා. ඔය කියන තහනමක් උසාවියෙන් හෝ පරිසරය ආරක්ෂක අයතනයෙන්වත් සිදුවී නැත. ඒ කෙසේ වෙතත් සැම වල්පැල නාශක ශරීරයට අහිත වග සිතා කටයුතු කරන්න. හරියට පිලිකා නසන්නට පාවිච්චි කරනවා වාගේ.
ග්ලයිෆොසේට් යළි තහනම් කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සමගම, ප්‍රයෝගිකව භාවිතා කල හැකි වෙනත් වල් නාශක යෝජනා කල යුතුයි.
කොමිස් නැතිකොට තහනම් කරන්න කියනවා දෙනකොට තහනම නැති කරන්න කියනවා. මුන්නේ අපේ ඇමතිල.. හමුදාවට බාල බෙහෙත් විකුණලා හමුදාවේ අය මරලා පාර්ලිමෙන්තුවෙනුත් පන්නපු හැත්ත.
මට තාම මතක් වෙනවා අපි පොඩි කාලයේ අපේ ගෙදර පිට කාමරේ පුරවල වී තිබුණ අපේ තාත්ත තමා ඔක්කොම අටු කොටු පිරෙව්වේ කවදාවත් ඕවට කෘමිනාශක ගැහුවේ නැ. කොහොඹ කොළ දියර, ගොම දියර , ගෙරිකටු පොහොර තමා කුඹුරට ගැහුවේ...කුරුළු පාළුවේ කුරුල්ලෝ පිරිලා හිටිය, අපේ තාත්ත කුරුල්ලන්ට වෙනම ලියද්දක් වෙන්කරලා තිබුන, ඇලේ මගුරෝ , හුන්ගෝ , කාවයියෝ කොරලි, පෙතියෝ, මඩියෝ වලපොත්තෝ , තෙලි, ආදෝ ඇති වෙන්න හිටිය, උන්ගෙන් තමා අපේ ප්‍රෝටීන් පිරිමසගත්තේ , ඉස්සරහ තේ වත්තෙන් , කුඹුරෙන් අපි ගොටුකොල මුකුණුවැන්න , පොතුපලා , ජබර, මුසන්දස් කොළ, ගිරා පලා ,නෙලගත්ත මොනතරම් සුන්දර කාලයක් ද , එත් දැන් ඒ සුන්දර වටපිටාව , පරිසරය විනාසවෙලා වස විස නිසා, අපි පොඩිකාලේ දියබුන් ගහබු ඇල දිහා දැන් බලනත් දුක හිතෙනවා විනාස වෙලා, නිකන් හරි බැස්සොත් මුළු ඇඟම කසනවා . අපට සොබා දහම විනාස කරලා ජීවත් වෙන්න බැරි බව දේශපාලකයන්ට කව්රු හරි කියල දෙනවද . පරිසරේට ආදරේ කරන මිනිස්සු ඉන්න ලෝකයක් අපට බිහි කරන්න බැරිද
ඔය හදන්නේ ඕව ලංකාවට තොග වශයෙන් ගෙන්වන ව්‍යාපාරිකයෝ පෝසත් කරන්න...... වෙලාවකට ඕව ගෙන්වනවා වෙලාවකට තහනම් , තහනම් කලාම මේ වගේ මිල එකවර 3-4 ගුණයක් වැඩි වෙනවා , වාහන ප්රතිපත්තියත් එහෙම තමා ආණ්ඩුව කිසිම ප්‍රතිපත්තියක් නැතුව ඉබාගාතේ ඔහේ හිස හැරුණ අතේ ඇවිදින පිස්සෙක් වගේ හැසිරෙනවා
ග්ලයිෆොසෙට් යළි තහනම් කළ යුතුය යන අදහස සෞඛ්‍යය ඇමතිවරයා විසින් ගෙන ඒම එහි සැබෑ බරින්ම ඉටුවේය යන බලාපොරොත්තුවෙන් අපි එතුමාට ස්තුති කරමු. ගොවි ජනයා ජීවිතවලින් වන්දි ගෙවූ මොහොතක , නිකන් ඇඟේ ගෑවිලා යන, කනේ ගෑවිලා යන දේශපාලන තීන්දු යහපත් රජයක වගකීම නොවෙයි. ජනතා වේදනාව තුළ , විද්වත් වෘත්තිකයින්ගේ පර්යේෂණාත්මක යෝජනා තුළ කියවෙන කතිකාව සෞඛ්‍යය ඇමතිවරයා තේරුම් ගැනීම වාසනාවකි. යහපත් රාජ්‍ය තාන්ත්‍රිකයා මිනිසුන්ගේ වේදනාව හඳුනයි.