සුජිත් හේවාජුලිගේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට විමර්ශන නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 200 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එහි කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.
මේ පිළිබඳ සම්මුඛ පරික්ෂණ ලබන මාසයේ දී පැවැත්වෙන බවද ඔහු කීය.
මෙයට අමතරව අල්ලස් හා දූෂණ වැළැක්වීමේ කටයුතු සඳහා සුපිළිපන්න නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 50 දෙනකු බඳවා ගැනීමට ද අල්ලස් කොමිසම කටයුතු කරගෙන යයි.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් 400 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විමර්ශන නිලධාරින් 200 දෙනකු පමණකැයි එම කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් අල්ලස් කොමිසම හරි පාරේ යනවා කියල විශ්වාස කරන්න පුළුවන්. අල්ලස් පනතේ සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පොලිස් නිලධාරීන්ට වඩා සුදුසු වන්නේ ඒ ඒ විෂය පිලිබඳ විශේෂ දැනුමක් ඇති ගණකාධිකාරීන්, ඉංජිනේරුවන් වැනි අයයි. එවැනි විශේසඥයන් බඳවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන්, වැටුප් සේවක සංඛ්‍යා කමිටුවෙන් එහෙම නොයෙකුත් බාධක පැමිණි බව අධ්යක්ෂ ජනරාල් ජයමාන්න මහතා කියා තිබුන. ඒ නිසා මේක කොමිසමේ ජයක් නොව ඔහුගේ පෞද්ගලික ජයක් වෙන්න ඕන. මං එහෙම කිව්වේ, අර මන්ත්‍රී කාර් පර්මිට් විකුනපු එක හරියි කියලා කොමිසමෙන් කිව්ව නිසා.