ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. කාළගුණ විද්‍යා අංශ පවසන්නේ ප්‍රදේශයට සතියක පමණ කාලයක් තිස්සේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.
ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14කින් 12කට ගංවතුර බලපා ඇති බව ද ජලාශ 35ක් පිටාර ගැලීම නිසා ජලය මුදා හැරීමට සිදුවී ඇතැයි ද බලධාරීහු පවසති.
කොචී ගුවන්තොටුපළ සෙනසුරාදා දක්වා වසා තැබීමට තිරණය කර ඇත. 1924 වර්ෂයෙන් පසු ඇතිවූ දරුණුතම ගංවතුර මෙය බව මාධ්‍ය වාර්තා පවසයි.
නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන කෝපි හා කුළුබඩු වගාවන්ට දැඩි හානි සිදුවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd