(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග මරදමඩු පුදබිමේ සිට)
සියළුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ්‍රී ලාංකික සමාජයට අහිතකර බලපෑමක් සිදුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම මරදමඩු පුදබිමේදී අද (15) පැවසීය.
ආගම්වල දයාව සහ කරුණාව විකෘති කරමින් වෛරය පතුරවන්නට කිසිවකුටත් ඉඩලබා නොදෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ මන්නාරම මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේවමෙහෙය අවස්ථාවට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකාවේ රජ්‍ය නායකයකු මරදමඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගීවු දෙවන වතාව ලෙස අග්‍රාමාත්‍ය වරයාගේ පැමිණීම සිනිටුහන් විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස පළමු වරට මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගීවී ඇත්තේ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාය.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරදමඩු දේවස්ථානයේ පරිපාලන කටයුතු සඳහා එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රඳගුරුතුමන් වෙත මුදල් චෙක්පතක්ද ප්‍රධානය කළේය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරඳගුරු තුමන් ප්රමුඛ අගරඳගුරුතුමන්ද එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රඳගුරුතුමන් ප්රමුඛ ශ්‍රී ලංකාවේ රඳගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අවසන් දේව මෙහෙය පැවැත්විණි.
මෙම අවස්ථාවට උතුරේත් , දකුණේත් ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් සහභාගීවී සිටියහ.
(ජයාරූප - ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හරි ජේසුස් වහන්සේගේ ප්‍රේමය, දයාව, කරුණාව හරියට නොදත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්දැයි හරියාකාරව නොදන්නා නිසා පූජක පක්ෂය නොමග ගිහින්. එහෙව් එකේ ඔවුන්ගේ වචනය අහන ජනතාව කොහේ සිටීද? "තට මෙන් තාගෙ අසල්වැසියාට ප්‍රේම කරව" යන වචනයෙන් මුලු දේව වචනයම සම්පූර්ණ වේ.
ප්‍රේමය, දයාව, කරුණාව ඕවා දැන් වචන පද ටිකක් විතරයි. දේශපාලන මඩ ගොහොරුවේ එරී පතුලටම කිඳා බසින් ඉන්න අයත් දැන් ගොඩ ඉන්න අයට කියනවලු අරහෙම කරපල්ලා, මෙහෙම කරපල්ලා කියා. මේ රටේ සියලුම ආගම්-ජාතීන් අතර තිබු බැඳීම් නැති කලේ මේ රට දේශපාලනීකරණය වූ දවසේ පටන් බව දනිමු. මේ රටේ මිනිසුන්ට බලහත්කාරයෙන් දේශපාලන ගුණ්ඩු කවා ඒ හරහා බලය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ජනතාව පිල්වලට බෙදා භේදබින්න කලේ අන්තවාදී දේශපාලුවන් නොවේද?
සංහිඳියාව, සාමය පතුරවන්නෝ භාග්‍යවන්තයෝය. ඔවුන් (ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු අය) දෙවියන්වහන්සේ දකින්නෝය. (බොදු අය) නිවන් යන්නෝය. දෙවියන්වහන්සේ මිනිසාට හොඳ නරක තේරුම් ගෙන හොඳ තෝරා ගැනීමට නිදහස දී තිබේ. මෙම රජයද එලෙසම වර්ජනය කිරීමේ නිදහස දී තිබේ. සියලු දෙනා සමානව සැලකීමට රජයේ සියලු අයට සමාන පඩි වැඩි කිරීමක්...
අප දැන් සිටින්නේ ලෝකයේ අවසන් කාලයේය. එය ඉතා අමාරු කාලයකි. මෙම පීඩන ස්වාභාවික විපත්, අධික රස්නය, අදික වැසි, නායයාම්, සුනාමි, අධික සුලන්, අධික මරණ අනුපාත වනු ඇත. මිනිසුන්ට අධික කේන්තියාම, බහුල අනතුරු, බහුල වර්ජන සිදුවේ. බොහෝ විට මෙම පීඩන කාලයේ ලංකාවේ මීලග නායකයා රනිල් හෝ සිරිසේන විය හැක.