( චමිල් රුපසිංහ)
කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) විවෘත කර තිබේ.
ඉන් තත්පරයට ඝන අඩි පන්දහසක ජල ධාරිතාවක් මහවැලි නදියට මුදා හැරෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය..
එම වාන් දොරටු අඩි තුනක ප්‍රමණයකින් විවෘත කර ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල යන ජලාශවල ද ජල මට්ටම් සැළකිය යුතු අයුරින් ඉහළ නැඟ තිබේ.


ඡායාරූප - මොහොමඩ් ආසික්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd