සීඅයිඩි අධ්යක්ෂ ගැන තීරණය අදත් නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි පිළිබඳ අද (31) දිනයේ තීරණයක් නොගත් බව පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි. 31 August 2017
බස්නාහිර ආණ්ඩුකාර ලේකම්ගේ නිල රථය ගිනිගනී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතාට අයත් නිල රථය හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඒ මහතාගේ නිවස ඉදිරිපිටදී අද(31) උදෑසන ගිනි ගෙන විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 31 August 2017
හිඟ බදු ගෙවන්න සහන කාලයක් සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්යය සඳහා ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවීම සිදු කර නොමැති පාර්ශව වෙත එම හිඟි බදු මුදල් ගෙවීම සඳහා හෙට (1) සිට නොවැම්බර් 30 වැනි දා දක්වා මාස තුනක සහන කාලයක් ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ. 31 August 2017
හෙරොයින් සමඟ කතක් පුත්තලමෙන් අත්අඩංගුවට පුත්තලම සිමෙන්ති කම්හල ආසන්නයේ හෙරෝයින් මත් කුඩු පැකට් අලෙවියේ යෙදුණු කාන්තාවක් (60) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසීය කියයි. 31 August 2017
හොරට විභාගය ලියු සිසුවා 4 වැනි දා විභාගය ලියන්න ඉල්ලයි තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ පසුවන සිසුවාට සඳුදා (4) පැවැත්වෙන විභාගය සඳහා ඉදිරිපත් විමට ඉඩ සලසන ලෙස ඉල්ලමින් අද (31) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෝසමක් ගොනු කරනු ලැබීය. 31 August 2017
රයන් යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 13 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (31) නියෝග කළාය. 31 August 2017
ඉන්දීය ධීවරයෝ හතරක් බේරා ගැනෙති අනතුරකට ලක්ව උතුරු මුහුදේ ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනකු අද (31) බේරා ගත් බව නාවික හමුදාව පවසයි. 31 August 2017
බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය. 31 August 2017
දරුවකුට පහර දුන්නැයි පොලිසියට චෝදනා ගවයින් බලාගැනීමට ගොස් සිටි වවුනියාව , පේආඩිකුලම ප්‍රදේශයේ පිරිමි දරුවකුට (14) ඕමන්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බදාදා (30) පහර දෙනු ලැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පේආඩිකුලම ප්‍රදේශවාසීහු පවසති. 31 August 2017
අග්නිදිග ඉංජිනේරු-තාක්ෂණ පීඨ වසා දැමේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගත් බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා ලංකාදීපයට පැවසීය. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මත ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත මෙම තීරණය ගත් බවද නාජිම් මහතා කියයි. 31 August 2017
පුංචි ඡන්දය යළිත් කල් යයි නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමේ බාධා ඉවත් කිරීම සඳහා මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන පනත් තුන සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 31 August 2017
රහස් පොලිස් අධ්යක්ෂ ගැන තීන්දුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමෙන් අද ගනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 August 2017
අස්ගිරි මහ නාහිමි ප්රමුඛ සඟ රුවන උතුරේ සංචාරයක උතුරේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම සඳහා වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නය දින තුනක යාපන සංචාරයක නිරත වුහ. 30 August 2017
ලෙබනන් ජාතිකයා ඇමරිකාවට පිටුවහල් කිරීමට නියෝග මුල්‍ය වංචාවන් සිදු කොට පළාවිත් ලංකාවේ රැඳී සිටි ලෙබනන් ජාතිකයකු ඇමරිකාවට පිටුවහල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(30) නියෝග කළේය. 30 August 2017
‘ලයනල් වෙන්ඩ්ට් කලාව‘ එළිදකී ලේක්හවුස් මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා විසින් රචිත ‘ලයනල් වෙන්ඩ්ට් කලාව‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය අද(30) සුමිත්‍රා පිරිස් මහත්මියගේ ප්‍රධානතත්වයෙන් කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි දී පැවැත්විණි. 30 August 2017
පෙළ පොත් සමග සීඩී තැටියක් පාසල් ළමුන් සදහා ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේදී එම විෂයට අදාළ සීඩී තැටියක් බෙදාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 30 August 2017
බොරු කී බව පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ ප්‍රධානියා පිළිගනී බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් බොරු කී බව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ තාක්ෂණ අංශ ප්‍රධානී සචින්ද්‍ර දේවතන්ත්රී මහතා පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසමට අද (30) දැනුම් දුන්නේය. 30 August 2017
පළාත් පාලන සංශෝධන පනතට විරුද්ධව පෙත්සමක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) සඳහා වන පනත අභියෝගයකට ලක් කරමින් සමෘද්ධි නියාමකවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(30) පෙත්සමක් ගොනු කෙරිණි. 30 August 2017
ජගත් ජයසුරියට එරෙහි යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හමුදාව කියයි ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. 30 August 2017
ඊටීඑෆ් අලුත් වෙයි සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අද (31) සිට නව තාක්ෂණ ක්‍රමවේදයක් අනුව සිදුකෙරේ. 30 August 2017
ජගත් ජයසුරියට නඩු පැවරීම ගැන අමාත්‍යාංශයට දැනුම් දී නැහැ - මහිෂීනි කොළොන්නගේ යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතා එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව නඩු පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය ලංකාදීපයට අද (30) පැවසුවාය. 30 August 2017
තිසාවැවේ නා දඩ කයි තහනම නොතකා තිසාවැවේ ස්නානය කළ බවට වරද පිළිගත් පුද්ගලයකුට මුදලින් රුපියල් 10000ක දඩයක් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය. 30 August 2017
‘විගණන පනත පරක්කු වංචා යට ගැසිමේ උනන්දුව නිසයි‘ ජාතික විගණන පනත මේ වන තෙක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි වූයේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා නොව වංචා දුෂණ යට ගැසීමට ඇති උවමනාව නිසා යැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පවසති. 30 August 2017
බස්නාහිර මහ ඇමතිට ජනපතිගෙන් පොරොන්දුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන බස්නාහිර පළාත් සභාවේ මතය විමසන දිනට පෙර ලබා දෙන බවට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූයේ යැයි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. 30 August 2017
පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට පොලිසියේ 1000ක් ශි‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර හෙට (31) කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තරගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 30 August 2017
ලක්ෂ 40 ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමඟ මාදම්පිටිය කිඹුලාඇල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු සවස බ්ලූමැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 30 August 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ පහක් යළි රිමාන්ඩ් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිට කළැයි සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින රසායන විද්‍යා ගුරුවරයා,සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු ලබන 04 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (30) නියෝග කළේය. 30 August 2017
රයන් ජයලත් යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැ`දවුම්කරු රයන් ජයලත් හෙට ( 31 ) යළි රිමාන්ඞ් කරන ලෙසට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (30) නියෝග කළාය. 30 August 2017
හොරට විභාගය ලියූ අයෙක් දැලේ අපොස උසස් පෙළ විභාගයේ ගණකාධිකරණ 02 වැනි ප්‍රශ්න පත්‍රයට උහන ප්‍රදේශයේ පාසලක් තුළ දී අන්අයකු වශයෙන් පෙනී සිට පිළිතුරු ලියමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය කියයි. 30 August 2017
ලක්ෂ 23 ක ගබ්සා පෙති සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 23 වටිනා නිති විරෝධි ගබ්සා පෙති 16930 ක් රැගෙන ඉන්දියවේ උත්තර් ප්‍රදේශ් සිට කටුනායනට පැමිණි ඉන්දිය ජාතිකයකු (32) රේගුව විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 30 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026