(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය තීරණය කර ඇතැයිද එය ටෙලිකොම් ආයතනයේ ස්වාධීනත්වය මෙන්ම සේවක අයිතීන් අනතුරේ හෙලන තීරණයක් යැයි ද ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් ප්‍රමාණය සියයට 49.5 ක් යැයි ද මෙම කොටස් විකිණීම මගින් මෙතෙක් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරීත්වය මෙන්ම රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරිමේ හා අධ්යක්ෂ මණ්ඩලයේ සංයුතියටද බලපෑම් එල්ල වනු ඇතැයි එහි සඳහන් වේ.
මෙම තීරණයට ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද එම තීරණය හකුලා ගන්නැයි රජයට බල කරන්නේ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් ලාභ ලබපු ආයතනයත් ජනාධිපතිගේ මලයා බංකොලොත් කරලද දැන් කොටස් විකුණන්න යන්නේ?
මෙම ආයතනය වඩා තරඟකාරී සහ වැඩි ලාභ ලබන ආයතනයක් කරනවට ටෙලිකොම් සේවා සංගමය දැඩි විරෝධය පළ කරන්නේ මොකද?
මේ ආයතනය බිඳවැටෙන්න පටන්ගත්තේ මීට බොහෝ කාලයකට ඉස්සර ඉඳන්. මේ තාක් පත්වෙච්ච සියලුම සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරු සියලුදෙනාගේම ප්‍රධාන අරමුණ වුනේ ආයතනය දියුණු කිරීම නෙවෙයි, ආයතනය පාවිච්චි කරලා තමන් දියුණු වෙන්නෙ කොහොමද කියන එකයි. මම නම් හිතන්නේ රජයට තියෙන කොටස් ගණන අඩුවුණාට පස්සේ ආයතනයට යහපතක් වෙයි.
මෙම ආයතනය දැන් හොඳටම පිරිහිලා. අපේ නිවසට මෙගාලයින් පහසුව පියෝ ටී.වී පහසුව ආදී පහසුකම් ගත්තා. අපිට දුරකථන කේබල් එන්නේ ඇහැලියගොඩ අස්ගගුල පැත්තෙන්.. මේ පැත්තට නිතරම විදුලිය විසන්ධි වෙනවා. එම වෙලාවට දුරකථනයත් විසන්ධි වෙනවා. ටෙලිකොම් එකට කිව්වම එහෙම දෙයක් නැහැ කියනවා. වෙලාවකට හදන්නම් කියනවා. විදුලිය ලැබුණාම දුරකථන සක්රියවෙනවා. එවිට දුරකථනය වැඩනේද අහනවා. මොනවද මේ කරන්නේ? මෙම ආයතනයේ වගකිව යුත්තෙක් සිටීවි නම් පරීක්ෂාකර දෝෂය ඉවත්කරන්න. මෙය භාර ඇමැතිතුමාගේ අවධානය යොමුවේවා !!!