(බිඟුන් මේනක ගමගේ)
ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කීපයක්ම ලැබී ඇති බව වාර්තාවේ.
එම කොමිසමේ සංයුතියේ ඇති අඩුපාඩු නිසා එය ස්ථාපනය කිරීමේ මූලික අරමුණෙන් බැහැරවීමත් එහි අරමුදල් පරිහරණය සම්බන්ධයෙනුත් මෙම පැමිණිලිවල කරුණු අන්තර්ගතව ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කීප දෙනෙක්ම ඒ බව තහවුරු කළහ.
පොලිස් දෙපාර්තමේන්තුවේ විනයානුකූල පැවැත්මට අදාළ කාරණා සොයාබැලීම වෙනුවට විෂය පථයෙන් බැහැර දේවල් ගැන වැඩි අවධානය යොමු කිරීමෙන් කොමිසමේ කාලය මෙන්ම මුදල් හා ශ්‍රමය නාස්ති වන්නේ යැයි එම පැමිණිලිවල සඳහන්ව ඇතැයි ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් කීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ පොලිස් කොමිසම අතර හටගෙන ඇති විවාදපන්න තත්ත්වය හා පොලිස්පතිවරයා කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් කොමිසම අර්බුදයට යෑම ගැන ඒවායේ කරුණු සඳහන්ව ඇත.
ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරගහහේන පොලිස් ස්ථානාධිපතිතුමා සහ අපරාධ අංශ ස්ථානාධිපති මහතුන් දෙදෙනා මට නිතරම වරින්වර කරදර කර නිවසට පැමිණ මාගේ මව බියට පත්කර මාගේ අයියාද මා හට ගන්නා සහ කුඩු දමා high court දමන බවට ප්‍රකාශ කර ඇත. එයට හේතුව වන්නේ අපරාධ අංශයේ ස්ථානාධිපති අජිත් මහතා මා යතුරු පැදියෙන් ගමන් ගන්නා විට අජිත් මහතා දහවන වෙමින් පැවති යතුරු පැදිය handel එකෙන් අල්ලාගෙන මා හට නවත්තන් ණය ලෙස අණ කළා. මා එය මගහැර යාමට තැත් කරන අතරතුරේ දී එතුමා බිමට වැටී අත කැඩුණු බව පවසමින්, මා හට මාගේ ගෙදරට ගොස් මරණ තර්ජන ද කර තිබෙන බව දන්වා සිටිමි...
මා මේ කරන පැමිනිල්ල අදාල වන්නේ තෙලිකඩ පොලිසියේ oic සර් සහ කමල් si මහත්තයා වෙතයි. අපි හට දිගින් දිගට කරදර කරන කපිල පතිරන සහ ඔහුගේ පවුලේ අය සදහා කරන සියලු වැරදි වලට oic මහත්තයා කපිලගෙ පැත්ත ගෙන එයාගෙ පැමිනිලි වලට වාසි වන ආකරයට විසදන බවය . කපිල පතිරන සහ ඔහුගේ බිරිද ,දුව දැනට ඇප මත සිටින අය වන අතර අප හට පහරදීම් සහ තර්ජනාත්මක හාවයන් මත ඔවුන් වැරදි කරැවන්ය .එහෙත් අපි පැමිනිලි කල විටදි oic සර් කරන්නෙ අපේ පැමිනිලි වලට ඉසසෙල්ලා කපිලගේ පැමිනිලි සදහා සාධාරණය ඉෂ්ඨ කිරිමයි .එය අපිට සාක්ෂි සහිතව ඉදිරි පත් කර හැක. මම දැනට ඉන්නෙ විදේශ ගතවය. මම කිහිප විටක oic සර්ට කොල් ගත්තාද ඒවා ආන්සර් කරන්නෙ නෑ , නැත්නම් ආන්සර් කරලා si කමල් මහත්තයාට දෙනවා. ඒ දෙන්නාම එක හා සමානයි .කිසිම සාධාරනයක් මෙි වන තෙක් අප හට කර නොමැත. 2024 -05 - 29 වන අද දින විශාල අසාධාරණයක් සිදු කොට ඇත . මාගේ බිරිදගේ මල්ලි දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ කපිලගෙ බෙරැ පැමිනිලි මතය. එය සිදු කර ඇත්තේ මේ සියලු දෙවල් කරන්නෙ කපිලට වාසි වන ආකරයට පමනි. මෙහි සාදරනය ඉස්ට කරන මෙින් ඉල්ලා සිටිමි