(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප සංවිධායකවරයකුවූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (16) ප්‍රකාශයක් ලබා ගත්තේය.
පෑලියගොඩ පොලිසියෙන් කරුණු දැනුම් දීමක් අනුව ඔහු පොලිසිය හමුවේ පෙනි සිටියේය.
මේ ඝාතන සැලැස්ම පිළිබඳව තොරුතුරු හෙළිවී තිබුණේ වෙනත් අපරාධ සිද්ධියකට මාතරදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.
මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද වාර්තාවක් ගැනීමට කටයුතු කරගෙන යන බව පළාත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද පැවසීය.
නාවලපිටිය ප්‍රදේශයේ මාලගමුව මහතාට අයිති ඉඩමක් ප්‍රදේශීය දේශපාලඥයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ බවත් මේ පිළිබඳව මාලගමුව මහතා දිගින් දිගටම කටයුතු කිරීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙසේ සැලසුම් කර තිබූ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
දැනට හිරේට නියමවී සිටින පාතාල සිරකරුවෙකු මාර්ගයෙන් මෙම ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි තොරතුරු හෙළිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලගමුව ඔබ නිතරම කියන්නේ රටට ආදරෙයි කියලයි, නමුත් රටේ මිනිස්සු ඔබ වැනි කෙනෙකුට ඔහොම කරනවා නම් රටට ආදරේ වුණත් රටේ ජීවත් වෙන්න බැහැ. ආයෝජන කරන්න බැහැ. එම නිසා විදේශ රටක ජීවත් වෙමින් රටට ආදරේ කරන්න. මම අත්දැකීමෙන් කියන්නේ. ප්‍රවේශමෙන්... ජයවේවා!!!
ගිය ආණ්ඩුව කලේ මගේ තිබ්බ ඉඩමක් මම සහෝදරියකට අඩු ගානට දුන්නා. නැත්නම් රට ඉඳලා එනකොට නගර සභා කාරයෙක් එක අල්ලාගනියි කියලා. ඒ කාලේ ඒ ගොල්ලොත් ඇමතිවරු වගේනේ හිටියේ. දැන් බලාගෙන ගියහම වෙනසක් නැහැනේ!! මේක එළියට ආවේ නැත්නම් ඉඩම හබක්!!
දිලන්ත මාලගමුව කියන්නේ අපේ රටෙන් බිහිවූ ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. මේ දේශපාලන නොසන්ඩාලයින්ට, ඒ මනුස්සයා ඉඩම් කෑල්ලක් විතරවත් වටින්නේ නැහැ.
"දේශපාලකයා යනු මී හරකෙක් මෙන්ම කුළුහරකෙක්" යන්න මෙයට තවත් හොඳම උදාහරණයකි. මෙම නිවට ගතිගුණ අප රටේ තිබෙන සෑම " මූසල කාලකන්නි " පක්ෂයකටම පොදු සාධකයකි.
දේශපාලන වල් පැළෑටිවලින් ගහන අපේ රටේ ඵලදරන රුකකට පැවැත්මක් නැත. ලෝකප්‍රකට ඉතාලි ධාවන ශුරයන් සමග ගොස් ඔබ දිනන හැටි මිලානෝ මොන්සා ධාවන පථයේදී අප බොහෝ දැක ඇත.
දේශපාලකයින් අපේ රටේ නැහැ. හිටියෙත් ඉන්නෙත් " දේශපාලුවන් " ඔවුන්ගේ රස්සාව රට කන එක. . ඔවුන්ට කොහෙද රටේ වටින මිනිහෙක් ගැන හිතෙන්න මොලයක් . අපේ වගේ ඔවුන්ගේ මොලය හිසේ පිහිටලා නැහැ. ශරීරයේ පශ්චාත් භාගය ඒ කියන්නේ අධෝ මාර්ගයේ අග තමයි දේශපාලුවන්ගේ මොලය පිහිටලා තියෙන්නේ. අශුචි කොතනද දේශපාලුවෝ එතන.
චමින්ද හේරත් ගේ කතාව හරියට හරි
ඔබතුමා මේ රට දාලා ගියත් අපි දුක්වෙන්නැ මොකද ඔබතුමන්ලාගේ ජිවිත බෙරගන්න පුලුවන්නම් මේ උතුම් රටේ ජිවත් වන ඇතැම් අය එක්ක ඉන්නවට වඩා රටින් පිටවෙන එක හොදයි. අනුන්ගේ දේ කඩා වඩා ගන්න දගලන අය ඉන්න රටක් මේ. ඔබට දිඝායු පතනවා