එෆ්.අස්ලම්
සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීන් 34 දෙනාම එක්වරම රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීන් දෙදෙනාම මහජන මුදල් වලට මගින් යන මෙම සංචාරයට සහභාගී නොවන බවත් මෙය ජනතා මුදල් සූරාකෑමක් බවත් විද්‍යාරත්න මහතා පවසයි.
මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන පළාත් සභාවේ සංවර්ධන කටයුත්තක් සදහා මධ්‍යම රජය විසින් වෙන්කරන මූල්‍ය ප්රතිපාදනයක් මගින් ලබාගන්නා ලෙසට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා වෙත උපදෙස් දී තිබෙන ඇති බව සඳහන් කළේය.
රුසියාවේ මහාමාර්ග මංමාවත් යටිතල පහසුකම් ආදී සංවර්ධන කාර්යන් අධ්‍යනය කිරීමට යැයි කියමින් මෙම සංචාරය සිදුකරන බවත් මෙම සංචාරයේ සංවිධාන කටයුතු (ඒසියන් එවන්ට් මැනේජ්මන්ට්) නැමති සමාගමක් හට බාරදී තිබෙන බවත් කී මන්ත්‍රීවරයා පළාත් සභාවේ 2019 වසර සදහා වූ අයවැයට පෙරාතුව මෙම සංචාරය සිදුකිරීමට සැලසුම් කර ඇති බවද පෙන්වා දුන්හ.
පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්න මොහොතක පළාත ආර්ථික හා සංවර්ධන අතින් වැටී තිබෙන මොහොතක පළාත් සභාවේ සියළුම සභිකයින්ද කැටුව මහජන මුදල් වැය කරමින් විදේශයේ විනෝද සංචාර කිරීම අනුමත කළ නොහැකි බවද කීය.
එමෙන්ම අධ්‍යන චාරිකාවක් නම් විෂය භාර අමාත්‍යවරුන් හා නිලදාරීන් කිහිප දෙනෙකු පමණක් සහබාගී විය යුතු බවද කියා සිටි මන්ත්‍රීවරයා මෙය අධ්‍යන සංචාරයක් නොව විනෝද සංචාරයක් බවද සදහන් කළහ.
මෙම සංචාරය සම්බන්ධයෙන් වැය වියදම් ඇස්තුමේන්තු මුදල් හා තොරතුරු සම්බන්ධයෙන් තමන් 2018 ජූලි 18 වනදා පළාත් ප්‍රධාන ලේකම්ගෙන් ලිඛිත විමසීමක් කළ බවත් ඔහු විසින් පිළිතුරු වශයෙන් සදහන් කර එවා ඇත්තේ විදෙස් සංචාරයේ න්‍යාය පත්‍රය පමණක් තමාට ලැබී ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව කියන්නේ අද දුප්පත් රටක්. මිනිස්සු දහා දුක් විඳිනවා. ලකාවේ ඉන්නව දක්ෂ සිවිල් ඉංජිනේරුවෝ, විදුලි ඉංජිනේරුවෝ , කාර්මිකයෝ , මේ පිරිස ගෙනල්ලා එම දක්ෂයන් ලවා පුහුණු පාඨමාලාවක් කරවන්න. කටුබැද්ද සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවල ඉතාම දක්ෂ ගුරුවරු ඉන්නවා. මේ අය ලස්සනට වැඩේ කරලා පෙන්වයි. විශ්‍රාම ගිය දක්ෂ මිනිසුන් ප්‍රයෝජනයට ගන්න හොඳම අවස්තාව. ආණ්ඩුවේ හරි කොම්පැනියක වැඩ කරනකොට නිවාඩු ඉල්ලීමට තවත් කෙනෙක් අත්සන් කරන්න ඕනේ එම වැඩ කොටසත් අත්සන් කරන එක්කෙනා බලා ගන්නවා කියලා. ඔක්කොම ගිහාම මොකද වෙන්නේ.
ජවිපෙ මොන තරම් ආදර්ශයන් දුන්නත් අපේ රටේ මිනිස්සුන්ට ඒවගේ අගයක් නෑ. හැමදාම හොරුන්ටම තමා බලය දෙන්නේ.
ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යන්නේ කාගේ මොන දේකට සහභාගිවීමටද? "අධ්‍යනය කිරීමට" කියා මෙච්චර කාලයක් තිස්සේ, දුප්පත් මහජනයාගේ බදු මුදලින් රට සවාරි ගහපු අපේ "අයියලා" අපේ රට සංවර්ධනය වෙනුවෙන් රටට දුන්නේ මොනාද? තමන් හොඳින් හෝ නරකින් උපයාගත් මුදල්වලින් විනෝද චාරිකා සඳහා ඕනෑම තුත්තුකුඩියකට ගියාට අපට කමක් නැත. රොතු බුරුතු පිටින් ගුවන් යානා පුරෝගෙන රට රටවල "චාරිකා" සඳහා යාමට පෙර විෂය භාර ඇමතිවරයාගේ ලිඛිත අවසරය සීමිත පිරිසකට පමණක් දීමට රජය නීති ගෙන ආ යුතු වෙනවා.
ලංකාවේ මිනිස්සු කැමතිම හොරුන්ට, දූෂකයින්ට, වංචාකාරයන්ට, එ් තරම්ම අමනයි, ජවිපය සමග මතවාදී ගැටුම් තිබුණත් පැහැදිලිවම හොරු නෙමෙයි.
බස්නාහිර පළාත් සභාවේ සංගීත පුටු තරඟය පැවැත්වෙද්දී ඌව පළාත් සභා මන්ත්‍රීවරු රුසියානු සංචාරයකට සැරසෙති. ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් සුපුරුදු පරිදි ජනතා මුදල් විනාශයට ලක්කරන මෙම සංචාරයට සහභාගි නොවෙති. දරුවා වෙනුවෙන් කිරිඑරෙනා මවක් වෙනුවට මේ ජඩ දේශපාලනය විසින් අපට උරුම කරදී ඇත්තේ දරුවා සාගින්නේ හඬද්දී මුල්ලකට වී කුඩු උරණා අම්මලාය. මහජනතාව මහ දුක් ගොඩක දැවෙද්දී මේ පාලකයින් විනෝද සංචාරවල යෙදෙති. මහා මාර්ග සඳහා යටිතල පහසුකම් පිළිබඳ විශාරද දැනුම් ඇති පිරිස් ලංකාවේ සිටිති. පිඹුරන් සේ අලස, කටට වැටෙන ගොදුර ගිලදමන්නට අලස නොවන මේ බාලයන්ගේ පිළිකුල් සහගත දේශපාලන හිස්කම සහ නූගත්කම අවසන් කළයුතුය. ස්වේච්ඡාවෙන් දේශපාලනය කිරීමට කැමති දේශප්‍රේමීන්ගෙන් මේ රට තවම හිස් නැත. ඔවුන්ට මගේ ආදරණිය මාතෘ භුමිය භාර දී මේ පරපුටු රැල පලවා හරිමු.
රුපියල වාර්ථාගත ලෙස ඉතාම පහළට බැස යනවා. ණයට හරි අරන් ගිතෙල් කාපල්ලා කියලා නිගණ්ඨනාථපුත්ත කියපු විදියට රටම කනවා.