(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිති රැස්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ එකමුතුවේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවැසීය.
මෙම ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ දින හතරක වර්ජනය අවසන් කළේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අනුව යැයි කී ආරියරත්න මහතා එම පොරොන්දුව අනුව කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි දුම්රිය සමිති බලාපොරොත්තු වූ බවද කීය.
වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති පෙරේදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග පෙරේදා සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමාට එය කළ නොහැකි යැයිද එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ බවත් ආරියරත්න මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි කෑමට ඉතා ආසන්නයි
ඔහොම තමයි හැමදාම මේ ආණ්ඩුව මිනිස්සුන්ට බොරු පොරොන්දු දිදී ඒ මිනිස්සුන්ව නොමග යවන්නෙ. සාකච්චා කරල ජනාධිපති දෙන තිරනෙත් ක්‍රියාත්මක කරන්නේ නැත්තන් වෙන කාට කියන්නද. ඇමති මහ ලොකු කෙනෙක් නෙමෙයිනේ. එයත් ඉන්නෙ ජනාධිපති යටතනේ. ඒක නිසා දුම්රිය සේවකයන්ට තියෙන්නෙ තවත් බොරුවලට රැවටෙන්නෙ නැතුව පොරොන්දු වෙච්ච ඉල්ලීම් ලැබෙනකන් අකණ්ඩ දුම්රිය වර්ජනයකට යන්න තමා.
ගජමන් මම ඔයාගේ ප්‍රකාශය ටිකක් වෙනස් කරනවා, ගුටි කෑමට අත්යාසන්නයි කියල
සුමිත් මම ඔබගේ ප්‍රකාශය ටිකක් වෙනස් කරනවා... ගුටි කෑමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් ඇමති නෙවි. රටේ ජනපතිලු. එත් ඕන තරම් "පොරොන්දු" දෙන්න ජනපතිට පුළුවන්ලු! මුදල් ඇමති මංගල නම් ඇත්ත කියල තියෙනවා! 2015 ජනවාරි 08 වැනිදාට පෙර නම් මේ "පට්ටම්" දෙකම බදාගෙන හිටියේ එකම පුද්ගලයෙක්. ඒකනේ රට ණය කන්දකට යට වෙලා තියෙන්නේ! කොහොම උනත් වැටුප් වැඩි කරන එක කරන්න වැඩ වර්ජන පිහිට වෙන්නේ නැතිබව දැන් මුළු රටම තේරුම් අරගෙන හමාරයි! හෙට දුම්රිය කොට උඩ හිටිනබව නම සහතිකයි!!!!!!
මහින්ද මහත්තය, මමත් ඔබගේ ප්‍රකාශයට පොඩි දෙයක් එකතු කරනවා. දුම්රිය මහතුන් තම ඉල්ලීම් දිනා ගැනීමට ඉතා ආසන්නයි. එසේම වේවා කියාත් මම ප්‍රර්ථනා කරනවා.
රටක ජනාධිපති කෙනෙක් වාචාලයෙක් වගේ දොඩවනවා නම් ඇති වැඩේ මොකද්ද? දුම්රිය වුර්තිය සමිති එක්ක සාකච්චා කරද්දී එතන ජනාධිපති එක්ක ඉඳල පඩි වැඩි කරන්නම් කියල එකඟ වෙලා පස්සෙ එහෙම කරන්න බැහැ කියන දිව දෙකේ ඇමතියො මොකටද? රාජපක්ෂලා රට නය කන්දකට යට කළා කියලා කියව කියවා ඒ ගත්තු ණය වගේ තුන් හතර ගුණයක් ණය ගත්ත අගමැතියෙක් මොකටද? මහ බැංකුවේ බිලියන ගාණක සල්ලි වලට යාළුවොත් එක්ක එකතු වෙලා විදලා, ඊට පස්සේ එ්ක පියවාගන්න ඊ.පි.එෆ්, ඊ.ටී.එෆ්, ග්රැටිවිටි එකට 14% ගහපු අගමැතියෙක් මොකටද? මෙහෙම එවුන්ව නම් හොඳයි උන්ගේ පස්සෙ යන දේශපාලන බත් බැලයන්ටයි, සමනලුන්ටයි නම්. අපි නම් මහින්ද මහත්තයගේ මතේට 100%ක් එකඟයි. පෞද්ගලික අංශයේ සේවකයෝ විදියට අපිත් දුම්රිය මහත්තුරුන්ට සහයෝගය දෙනවා තවත් පඩි වැඩි කර ගන්න.
මේ ගොල්ලන්ට තිබෙන්නේ කාපු ගමන් වැසිකිළි යන ලෙඩක්. සතයක් රජයේ සේවකයින්ට වැඩි කරන්න එපා. මොකද සත පහක් මේ ගොල්ලෝ රට වෙනුවෙන් උපයන්නේ නැති නිසා. මේ ගොල්ලෝ යැපෙන්නේ ජනතාවගේ බදු මුදලින් සහ අයුතු ලෙස උපයන මුදලින්.