ඇමැති නිමල් සහ එස්බී විවාදයට ඇවිත් නෑ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සමාජ සුබසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා විශ්වාසභංග විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 04 April 2018
මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දඬුවම් සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදාහරින සහ අපහාසාත්මක පළකිරීම් කරන තැනැත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 04 April 2018
මුලතිව් ඉඩමක පැරා මෝටාර් උණ්ඩ 25ක් මුලතිව් - කේපාපිලව් ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමිටර 81 වර්ගයේ පැරා මෝටාර් උණ්ඩ 25ක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 04 April 2018
කැලිෆෝනියාවේ යූටියුබ් කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි යූටියුබ් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී කාන්තාවන් තිදෙනකුට වෙඩි තබා තුවාල සිදුකර සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. 04 April 2018
සඳුදා සිට අලුත් කැබිනට්ටුවක් විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 04 April 2018
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කර ඇත. 04 April 2018
’විශ්වාසභංගයට ඡන්ද විමසීමට එජාපය දැන් වුවත් සුදානම්’ - ඇමැති ගයන්ත එක්සත් ජාතික පක්ෂය දැන් වුවත් ඡන්ද විමසීමකට සූදානම් බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 04 April 2018
අ‘පුර අටමස්ථානය අසළ සතොස මත්පැන් හළ වසා දමයි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියට කිලෝ මීටරයක් පමණ දුරින් ජය ශ්‍රි මහ බෝධියට හා අටමස්ථානයට ආසන්නයෙන්ම වසර 16ක් අඛණ්ඩව පැවැති අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සතොස මත්පැන් අලෙවිසල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා ඇත. 04 April 2018
ඉදිරියේදී පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළ සිදු කිරීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි. 04 April 2018
මුව මස් සමඟ කපුවෙක් සැකපිට දඩයම් කරන ලද මුවෙකුගේ මස් සිය නිවසේ ශිත කරණයක දමා සඟවා සිටි පුද්ගලයකු ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 April 2018
ගලේවෙල ට්‍රැක්ටර්-ලොරි අනතුරින් අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 04 April 2018
ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර මත දෙකක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් ඉදිරිපත් වී තිබේ. 04 April 2018
කුප්පි ලාම්පුව පෙරළි කාන්තාවක් මරුට කුප්පි ලාම්පුව ඇගට පෙරළීමෙන් ඇඳුම්වලට ගිනි ඇවිළි යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ අවුරුදු 76 ක කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි. 04 April 2018
අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරමින් කතාව ඇරැඹීය. 04 April 2018
මුස්ලිම් කොංග්‍රසය අගමැතිට පක්ෂව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අද රාත්‍රී රැස්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පැවසීය. 03 April 2018
දෙවැනි ජාතික තරුණ සමුළුව කොළඹදී තිරසර සාමය සහ සංවර්ධනය සඳහා සංවාදයක් යන්න තේමාව කරගනිමින් දෙවැනි ජාතික තරුණ සමුළුව මේ මස 20 සහ 21 දෙදින කොළඹදී පැවැත්වේ. 03 April 2018
මුස්ලිම් කොංග්‍රසය තීරණාත්මක සාකච්ඡාවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රාත්‍රීයේ රැස්වී මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක නිරත වී සිටි. 03 April 2018
බොරලැස්ගමුවේ ‘සරා මල්ලී’ අත්අඩංගුවට මිනිමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකර දෝහා කටාර් රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සරත් බණ්ඩාර නොහොත් ‘‘සරා මල්ලි ’’ නැමැත්තා බොරලැස්ගමුවේ ඔහුගේ නිවසේ සිටියදී බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 03 April 2018
විශ්වාස භංගය ගැන ටීඑන්ඒ සාකච්ඡාව තීරණයකින් තොරව නිමවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළැඹීමට දෙමළ ජාතික සන්ධානයට අද නොහැකි වී තිබිණ. 03 April 2018
සබරගමුවේ යෝග්‍යතා පරීක්ෂණය කල් යයි සබරගමුව විශ්ව විද්‍යාලයේ මාර්තු 7 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ භාෂා පරිවර්තක යෝග්‍යතා පරීක්ෂණය කල්දමා ඇති බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි වී. ඩී. කිත්සිරි මහතා පවසයි. 03 April 2018
ආණ්ඩුවේ ඉන්න කොටළුවන් හෙට දොට්ට - මාන්නප්පෙරුම ‘‘මේ ආණ්ඩුව ඇතුළේ සිංහ හම පොරවගත්තු කොටළුවෝ ටිකක් ඉන්නවා. විශ්වාසභංගය හෙට අපි දිනලා ඒ කොටළුවෝ ටික පන්නනවා. ‘‘ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවදී අද (3) පැවසීය. 03 April 2018
2017 රිය අනතුරුවලින් 3100ක් මිය ගිහින් 2017 වසර තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 3100 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 April 2018
ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙහි වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල (පටහැනි) බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තමා වෙත දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 03 April 2018
අවුරුදු සමයේ කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2700ක් උත්සව සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිසියේ 2700 දෙනෙක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය. 03 April 2018
ඇල්පිටි ප්‍රා.සභාවේ පෙත්සමට විරෝධතා ගොනු කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අද (3) මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කෙරිණි. 03 April 2018
ඇල්පිටි ප්‍රා.සභාවේ පෙත්සමට විරෝධතා ගොනු කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අද (3) මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කෙරිණි. 03 April 2018
විශ්වාසභංග යෝජනාව අවුරුදු පසුවනතුරු කල්දමාගැනීමේ සැලැස්මක් තියෙනවා - ගම්මන්පිල විශ්වාසභංග යෝජනාව අවුරුදු පසුවන තුරු කල් දමා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී කළබල ඇති කිරීමට සුදානමක් ඇතැයි වාර්තා වන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 April 2018
‘විශ්වාසභංගය හමුවේ ජනාධිපති ස්වාධීනයි‘- අකිල විරාජ් ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හමුවේ තමන් ස්වාධිනව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (03) පැවසීය. 03 April 2018
යෝෂිතගේ ගුවන් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට කොළඔ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (3) අවසර දුන්නේය. 03 April 2018
අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙට අවසන් නොවන ලකුණු විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් මසකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය හෙට (4) උදෑසන අවසන් කරන්නට තීරණය කර තිබූ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අද (3) නිකුත් කිරීමට පොරොන්දු වූ 03 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026