අජන්ත කුමාර අගලකඩ
රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ කාරියවසම් මහතා විසින් අද (12) ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම යෝජනාව අධ්‍යාපන ඇමැතිවරයා විසින් මීට වසරකට පමණ ඉහතදී ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් ද පත්කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින් ක්‍රියාත්මක කළ යුතු බවට එම කමිටුව ද යෝජනා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැබ් කැඩුනහම හදන්න යන වියදම් අකිලද දෙන්නේ ? ඒවත් ඉතින් බදු ගහලා මිනිස්සුන්ගෙන්ම අරන් දේවීනේ !
විශ්වවිද්‍යාල දරුවන්ටනේ ටැබ් ඕනේ කරන්නේ. උසස්පෙළ ළමයි සෞන්දර්ය විෂයන් සහ ක්‍රීඩාවලින් තවත් ඈත් කරන වැඩක්. ගේම් ගහලම ඕක කඩාගන්නවා. ඡන්ද අල්ලසක් වෙන්නත් පුළුවන් අවුරුදු 18 ලබන ඡන්ද 200.000 විතර තියනවා. ඊට අමතරව ඡන්දෙට වියදම් කරන්න කොමිස් මුදල් . රුපියල් මිලියන 5000 ඕනෙලු ටැබ් වලට. මහින්දෝදය විද්‍යාගාර වල පරිගණක 5700 කැඩිලලු. ඊයෙත් සුරියවැව පැත්තේ ඉස්කෝලයක් පෙන්නුවා ළමයි ඉගෙන ගන්නේ එළියේ හුළගේ යනවා පොත්. උසස්පෙළ ළමයි වැඩි හරියක් ලග ස්මාර්ට් ෆෝන් තියනවා. මේක නම් අසාර්ථක වැඩක්. ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙනවා අනිවාර්යයි.
මගේ දැනුමට යුරෝපයෙවත් පොඩි ළමුන්ට ටැබ් වලින් උගන්නනේ නැත. ඊට වඩා හොද නැත්ද ගස් යට පන්ති පවත්වන පාසල් වලට ගොඩනැගිලි ටිකක් හදල දුන්නොත්
පටන්ගන්න යන්නේ කොළඹින් නේද?
මේකත් දේශපාලන කොන්ත්‍රාත්තුවක් දෙන්න ඇත්තටම උසස් පෙළ ළමයිනට පරිගණක අවශ්‍ය ද සෑම ගුරු දෙගුරු රැස්වීම වලදී ගුරු භවතුන් අපිට කියන්නෙ පෝන්වලින් රෑපවාහිණීයෙන් ළමයි ඇත් කරන්න කියලා කවූද හරි
දියුණු රටවල පවා මේවා නොමිලේ දෙන්නේ නැත. සහන මිලකට හෝ නැත්නම් පාසල සඳහා දුන්නා නම් නේද හොඳ? ඇයි මේ දරන්න බැරි වියදම් පටන් ගන්නේ?
සිසුන්ට ටැබ් දෙන්න කලින් ලංකාවේ තියෙන සියලුම අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න බෑ. ඉන්දියාව රටේ හැම තැනම වැසිකිලි හදලා හිටියේ නෑනේ ළමයින්ට තොරතුරු තාක්ෂණය උගන්වන්න කලින්. ඊශ්‍රායලය රටේ ප්‍රශ්න තියෙද්දි තමයි කාන්තාරෙ වැව්වේ. තොරතුරු තාක්ෂණය දියුණු කරේ. මෙතන ටැබ් දෙන්න එරෙහි වෙන අය කොපි පොත් දෙන කාලේ හිටියා නම් තාම ළමයි ගල් ලෑලි වල ලියයි.
ටැබ් දීමට පෙර අධ්‍යාපනය වෙනුවෙන් කලයුතු දේ බොහොමයි. මේවා නොතේරීම හෝ නොසැලකීම තමයි කණගාටුව...
මා රජයේ පාසලක උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයවේදය උගන්වන ගුරුවරයකු ලෙස දකින්නේ මෙය ඉතා හොඳ දෙයක් ලෙසයි..... මොකද අපි ලමයින්ව තාක්ෂණයෙන් ඉගෙන ගන්න හරියට තාක්ෂණය යොදාගන්න පුරුදු කරන්න ඔනේ. එහෙම නොවනු නිසා තමා වැරදි දේවල් වලට පුරුදු වෙන්නේ. ඉස්සට වඩා දැන් digital ක්‍රමයට උගන්වන්න ලෙසියි. විඩියෝ ග්‍රෆික් සටහන් පාවිච්යෙන් බොහෝම සරල විදියට අමාරු කරුණු ඉගෙන ගන්න පුලුවන්. බොහෝම ලෙසි ක්‍රම තියෙද්දි රටහුනු , කළු ලෑලි එක්ක ඉන්න ඔනේ කියන මිනිසුන් ඉන්න රටක් තාක්ෂණයෙන් ඉස්සරහට යන්නේ කොහොමද ? රටේ ඔක්කොම ප්‍රශ්න විසදලා පාසල් ඔක්කම එක ගානට ගෙනත් ඔක කරන්න ගියොත් අපේ තව පරම්පරා 3,4 කට තාක්ෂණයෙන් ඉදිරියට යන්න වෙන්නෙ නෑ ....