(හසිත රංග ගුණතිලක)
රජයේ අනුමත පෞද්ගලික පාසල් 40 ක ප්‍රමාණය 400ක් දක්වා ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (12) කොළඹදී පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාගේ ඇසට වැලි ගසා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන ඇති බවට මන්ත්‍රීවරයා කීවේය.
පුංචි බොරැල්ල වජිරාශ්රම විහාරස්ථාන රැස්වීම් ශාලාවේදී අද (12) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහත්තයට පෞද්ගලික පාසල් හොඳ නැති වුනාට, පෞද්ගලික පන්ති නම් හොඳයි කියලයි ආරංචිය.
කොච්චර හොද දෙයක්ද පුද්ගලික පාසල් වැඩිවෙන එක. පුද්ගලික අංශයේ අඩු නිවාඩු සහිත අපි අපේ දරුවෙක් රජයේ පාසලකට දාගන්න තියන අමාරුව දන්නේ ළමයි ඉන්න කෙනෙක් විතරයි. දැන් හොදයි අඩුගානේ ගෙවලා හරි යම් ප්‍රමිතියකට උගන්නන පාසලකට කරදර නොවී ළමයි දාගන්න පුළුවන් , තරගකාරිත්වය නිසා ගුණාත්මක බවත් වැඩිවෙයි
එතකොට ඇයි පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නරක. පෞද්ගලික පාසල්වල ළමයින්ට රජයේ විශ්වවිද්‍යාලවල දොර අරින්නේ නැහැ නේද?
ඉතින් බන්දුල ගුරුතුමෝ ඔබතුමා පුද්ගලික පන්ති කලෙත් සල්ලි අරගෙන නේද ? මේ පාසලුත් කරන්නේ ඔබතුමා එදා කරපුදේම තමා
පුද්ගලික ටියුශන් කරලා පුද්ගලික පාසල් එපාලු. 2500ට කන්න පුලුවන් වගේ කතාවක් තමයි ඉතින් මේකත්.
අද බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට යවන්නේ මුදල් වැඩියෙන් තිබෙන නිසා නොවේ. ඔවුන් එසේ කරන්නේ තම දරුවා "හොඳ" යයි සම්මත රජයේ පාසලකට ඇතුලත් කර නොගත හැකි වූ විටයි. බන්දුල ගුණවර්ධන තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට යවා උගන්වා, අනිත් අයට දැන් ඒක හොඳ නැහැ කියනවා.
බන්දුලට දිනපතාම දෙඩවීම සඳහා මාතෘකාවක් ගානේ ලැබෙනවා. ඊයේ අයවැය ගැන අද පාසැල් ගැන.. හෙට මොකද්ද මාතෘකාව? මෙයා ඉස්සර කාලේ පෞද්ගලික පන්ති කරලා විශාල වශයෙන් සල්ලි හම්බකරපු හැටි අමතක වෙලා වගේ දැන් පෞද්ගලික පාසල් ගැන කියනවා. රටේ අධ්‍යාපන නීති රීති අනුව පවත්වාගෙන යනවානම් රජයේ හෝ පෞද්ගලික පාසල් තිබෙන එකේ වැරැද්ද මොකද්ද? රජයට පවත්වාගෙන යාමට බැරි හෝ නොහැකි පාසැල් පෞද්ගලික අංශයෙන් කරගෙන යන එක වරදක්ද ?
මේකේ හොඳ නරක දෙකම තියෙනවා. නරක තමයි ඉහල මට්ටමේ අධ්‍යාපනය සහ දුප්පත් දරුවන්ගෙන් ගිලිහි යාම. නමුත් හොඳ ගැන කියනවනම් රජයේ මුදල් නැතිනම් අපේ බදු මුදල් කෝටි ගණන් වියදම් කරලා අන්තිමේ පෙරාපු රත්තරන් වගේ කොල්ලෝ කෙල්ලෝ ටික විශ්ව විද්‍යාලෙට ඇරියම වර්ජන කර කර උද්ඝෝෂණ කරකර ඒ වියදම් කල මුදල් අපතේ හැරිම අවසන් වෙනවා. කැමතිනම් වර්ජන කර කර ඉන්න පුළුවනි අපතේ යන්නේ මහජන මුදල් නොවෙයි. අනික ඉගැන්නුවත් අන්තිමේ එක්කෝ පිටරටකට යනවා. රටේ ජනතාවගේ බදු මුදල් වතුරේ. මේ විදියට කලාම කැමතිනම් ඉගෙන ගන්න පුළුවන්, කැමති නම් වලේ වැටෙන්න පුළුවන්.
ඇයි ඔබතුමා මහා පරිමාණ පුද්ගලික පන්ති කලේ ? දරුවන් ඉගෙන ගත්තේ පිටරට නේද ? එතකොට හොඳයි. බහුතරයක් දේශපාලකයන්ගේ ළමයින්ට වැඩිය මේ රටේ අනෙකුත් දරුවන් බුද්ධිමත් බව ඔක්කොම දන්නවා. හැමෝටම විසාඛාවට ආනන්දෙට ළමයින් දමා ගන්න පුලුවන්ද? කොළඹ දිස්ත්‍රික් කෝටාව නිසා , ඉහල ලකුණු ගත් සිසුන් දහස් ගානකට වාර්ෂිකව සරසවිය අහිමි වෙනවා. ඔබ කියන්නේ මේ ඔක්කොම ළමයින්ව කුඹුරු කොටන්න යවන්න කියලාද ?
හිතෙන හිතෙන බේගල් ඇද බානවා .. ලබන ආත්මෙවත් ලස්සන රූපයකට හිමිකම් ලබාගන්න උපකාර වෙන දෙයක් කරන්න බලන්නෙම නැතිද ?
සියලුම පුද්ගලික පසැල් රජයට ගන්න. ස. පෙ නැති අය පවා උගන්වනවා. ඔප්පු කරන්නම්, නිර්දේශ ඉවර කරන්නේ නැත .එක ගුරුවරයෙක්වත් බිහි කලාද? ගාස්තු පාලන කල යුතුයි.පකිස්තානයේ පසුගිය මාසයේ සියලුම ගාස්තු 30% අඩු කරන්න නියෝග කලා. අයිතිකාරයෝ ප්‍රකෝටි ගණන් හම්බ කරනවා
ඉතා හොඳ යෝජනාවක් . රටේ ජනතාව පුද්ගලික පාසල් හා පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියා නැහැ . බලන්න පහු ගිය චන්ද ප්‍රතිපල දිහා . පුද්ගලික අධ්‍යාපනය එපා කීවේ ජවිපෙ පමනයි . ඔවුන් අන්ත පරාදයි. ඔබලත් පුද්ගලික අධ්‍යාපනයට කැමතියි. අර පුද්ගලික විශ්ව විද්‍යාලය ගෙනාවෙත් ඔය ගොල්ලනේ . ජනතා කැමැත්තට ඉඩ දීරටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පුද්ගලික කරණය කල යුතුමය .. නැතිනම් ජනතා තීන්දුවට පයින් ගැසූ අය වෙනවා .
බමුණු පොට වරද්දගෙන. ලංකාවෙ පුරවැසියෙක්වන ළමයෙක් අපේ රටේ විෂයමාලාව අනුව විභාග දෙපාර්තමේන්තුමේන්තුවෙන් පවත්වන අ.පො.ස. උ.පෙ. විභාගයට ඉදිරිපත්වෙලා වැඩිම ලකුණු ගත්තොත් ඒයා ඉගෙනගත්තෙ පෞද්ගලික පාසලකද රජයේ පාසලකද ජාත්‍යන්තර පාසලකද කියල වෙනසක් විශ්ව විද්‍යාල ප්රවේශයේදී කරන්නෙ නෑ.
අඩු මුදලට හොඳ තත්වයෙන් තියෙන පුද්ගලික පාසල් තියෙනවනම් අපිත් කැමතියි. මොකද රජයේ ජනප්‍රිය පාසල් ඇරුනම අනෙක් පාසල් නිසි ප්‍රමිතියකින් නැහැ. අනික ජනප්‍රිය පාසලකට ළමයෙක් දාන්නත් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා.
රු. 2500 ජිවත් විය හැකිය කියූ බන්දුල , ළමා මනස අවුල් කල පුත්ගලයෙක්. අකිල කියනවා විෂයන් 9 සිට 6 ට අඩු කරන බව. මෙය වහාම කල යුතුය. ළමයි මැෂින් කියල හිතන්නේ. දෙමාපියනට පාසල් නැහැ ළමයි දමන්න.මෙයාට මොලේ නැහැ.
බන්දුල මහරජාගේ කාලේ සය්ටම් හදනකොට නැට්ට පස්ස පැත්තේ ගහගෙන හිටියේ.අන්තිමට ඒ සය්ටම් ප්‍රස්නේ යහපාලන ආණ්ඩුවට කරගහන්න වුනේ.ඒ සය්ටම් ළමය් අන්තිමට අනාත වුන. මේ රටට කිසිම හොද යෝජනාවක් ගෙන්න නොදෙන එක්කෙනෙක් තමය් මෙයා.
බන්දුල තමුන් දේශපාලනයට එන්න කලිනුත් කලේ පුද්ගලික පන්ති පවත්වා මුදලට ඉගැන්වීම නෙමෙයිද? ඔච්චර කුහක වෙන්න එපා.
මේ වගේ ප්‍රශ්න දිහා ඔලුවෙන් හිටගෙන බලල උත්තර හොයන්න බෑ. අද අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන අංශ වල බිඳ වැටීමට උත්තරය පෞද්ගලීකරණය නෙමෙයි. පාසල් යන වයසේ ළමයින්ගෙන් 6% ක් විතරයි පෞද්ගලික පාසල් වලට යන්නේ. ජනගහනයෙන් 10% ක් විතරයි පෞද්ගලික ඉස්පිරිතාල වලට යන්නේ. සල්ලි තියනවනම් පෞද්ගලික පාසල් පෞද්ගලික ඉස්පිරිතාල වලට යන්නේ අැයි. ප්‍රවාහනය පෞද්ගලික අංශයට දීල දැන් අපි සැපට යනවද. එක නිසා පෞද්ගලික පාසල් වැඩි කිරීමෙන් වෙන්නේ රජයේ අධ්‍යාපනය තවදුරටත් බිඳ වැටෙන එක. දුප්පත් දරුවෝ කබලෙන් ලිපට වැටෙන එක. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සුම එකට විරුද්දව කතාකරන එක මහා කුහක කමක්. අනික මේකට විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ගාව ගන්න අවශ්‍ය නා. එකෙන් පෙන්නේ මේ අදහස් දන අයගේ ශිෂ්‍යයින්ට විරුද්ද ද්වේශයක් හා වයිරයක්.
හරි සිම්පල්. කට ඇරියොත් වාචාල ගව කතාවක්මයි.
මමත් මේ තත්වයට පත් වුණා..... මගේ පළවෙනි දරුවා පාසලට ඇතුළත් කරනකොට. මම ඉගෙන ගත්තේ කොළඹ ජනප්‍රිය පාසලක. නමුත් මගේ දරුවට ඒ වරම් අහිමි වුනා. එම පාසල තියා එකම එක රජයේ පාසලක්වත් හම්බ වුනේ නැහැ. අන්තිමට කරන්න දෙයක් නැතුව අමාරුවෙන් සල්ලි දීලා පෞද්ගලික පාසලකට ඇතුල් කළා. ශිෂ්වත්වය තෙක් බලා සිටියා. දරුවා ශිෂ්වත්වය සමත් වුනත් රජයේ පාසලකට යන්න නොහැකි වුනා ලකුණු මදී නිසා. අන්තිමට හත වසර තෙක් එම පාසලේම ඉගෙන ගත්තා. රජයේ පාසලකට මට යොමු කරන්න වුනේ හත වසර සිට. මේ සෑම දෙයක්ම කලේ සල්ලි ඇති නිසා නොවෙයි. නොකර බැරි කමට දරුවාට අධ්‍යාපනයක් දෙන්න තියෙන උවමනාවට. එනිසා අනුර මහත්මයා පැවසූ පරිදි රජයේ නියාමනයකට යටත්ව පෞද්ගලික පාසල් පවත්වා ගෙන යායුතුයි.
මගේ ළමයි තුන්දෙනාටම හරිහමන් පාසල් නැති වුන නිසා ජාත්‍යන්තර පාසලකට දැම්මා නොකා නොබී ගාස්තු ගෙවනවා. ගාස්තු මාසෙට 27000 පූල් ගාස්තු 2500, ලැබ් ගාස්තු 2000, කොම්පුටර් ගාස්තු 3500, විවිධ ප්‍රසංගයට 5000, ක්‍රීඩා උළෙලට 4500 තවත් තිබේ. ඉතින් දෙවියනේ ගුරුවරුන් වන අපි ගෙවන්නේ කොහොමද
අලුතෙන් පෞද්ගලික පාසල් අරින එක රජයට ලොකු වියදම් අඩු වීමක්. එත් රජයෙන් කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි පුහුණු ගුරුවරුන් එම පාසල් වලට ලබා දීම. ගොඩක් පෞද්ගලික පාසල් වල සුදුසු ගුරුවරුන් නැහැ. ළමා මනස ගෙන කිසිම හැගීමක් දැනීමක් නැති පිරිසක් උගන්න්නේ. අපරාදේ ළමයි හරියට මානසිකව දුක් විඳිනවා. පෞද්ගලික පන්ති වල පිහිටෙන් ළමයි විභාග පාස් වෙන්නේ. ඒ නිසා පාසල් අරිනව කිසිම බයක් නැතිව. ඔය අලුතෙන් අරින පාසල් වලට ගුරුවරු ලබා දීම ගෙන ඇමතිතුමා සහ වග කිවයුතු පිරිස වෙඩි අවදානයක් යොදනවා නම් හරිම වැදගත්. මොන පාසලට ගියත් ඒ අපේ රටේ අනාගත පරපුර.
ඔබතුමා ප්‍රකාශ නිකුත් කරන එක ටිකක් අඩු කරන්න. නැත්නම් දක්ෂ විකට නළුවන් දෙදෙනෙක් වන බන්දු ටෙනී සියදිවිනසා ගැනීම නිසා අපට අහිමි වෙන්න ඉඩ තියෙනවා.
පෞද්ගලික බස් තිබුණෙ නැත්නම් ආණ්ඩුවට පුලුවන්ද මිනිස්සුන්ගේ ඉහළ ගිය ප්‍රවාහන අවශ්‍යතා සපුරන්න? පෞද්ගලික බස් නියාමනය කරන්නෙ නැති නිසා නේද මහ ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ? ඒ පාඩම හොදා නේද අධ්‍යාපනය පෞද්ගලික කරන්න යනකොට.
බන්දුල ගුණවර්ධන ඔබ ජීවත් වන්නේ කොහේද? පෞද්ගලික වේවා, රජයේ වේවා, පිරිවෙන් වේවා මේ දරුවන් අපගේ දරුවන් බව ඔබට අමතකද? රජයේ බදු මුදල් ප්රතිපාදනය කල යුත්තේ අපගේ දරුවන්ගෙන් කොටසකට පමණක් යයි ඔබ කියන්නේ කාල් මාක්ස් හෙවත් කරෝලිස් මාරුක්කුගේ අවභාවිත පොතේ සටහන් බලා ගෙනද? ඔබ වැනි අය මෙරට ජනතාවට කල සෙතක් නැත.අපේ දරුවන්ට ඉගෙනීමට අත්වැල් සපයන විට පයින් නොගසා ඉන්න!
සමාජවාදය ගැන කථා කරන සමහර අයගෙ දරුවො යන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට. මේ ඔක්කොම බොරු සෝබන සහ බොරු කථා. පුද්ගලික පාසල් ඇතිවිය යුතුයි ඒත් ඒවා නිසි ප්‍රමිතියකින් කල යුතුයි. අපේ රටේ පුද්ගලික පාසල්වල අයකිරීම් හරිම අසාධාරණයි එගොල්ලො හිතුන් හිතුන ගණන් අය කරනවා. දෙමාපියන් අසරණයි මොනවා කරන්නද දරුවන් ඉගෙන ගත්තොත් අනාගතය හොඳ වෙන නිසා ඉවසගෙන ඉන්නෙ. මෙහි පාලනයට අමාත්‍යංශයේ නිලධාරීන් ඉඩ දෙන්නෙ නෑ. වාසි වෙනුවෙන් ඔවුන් විවිධ උපක්‍රම යොදනවා.
බන්දුල මහතානනී ඔබ අමතන්නේ බුද්දිමත් මිනිසුන්ට විනා මැට්ටන්ට නොවෙයි නේද? එමනිසා මෙතන ලියවෙන අදහස් විලුඹෙන් ඉහලට මායිම් කරන්න එපා.
විපක්ෂයේ ඉන්න කොට ඔය අදහස දැරුවත් ඔබ ආණ්ඩුවේ ඉන්නකොට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍ය බව කියන බව ස්ථිරයි...