කරන්නාගොඩගෙන් පැය 08ක් ප්‍රශ්න කරයි - යළි 13 කැඳවයි පැය අටක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 11 March 2019
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගෙන් අභියාචනයක් පොලිස්පතිවරයා විසින් තමාට ලබා දෙනු ලැබූ නීති විරෝධී ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළේය. 11 March 2019
ගාමිණි සෙනරත් නඩුවේ විත්ති පාර්ශවයේ ඉල්ලීම ගැන තීන්දුව 27 වැනි දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදහස් කරන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (11) දැනුම් දුන්නේය. 11 March 2019
ගම්මන්පිලගේ නඩුව ජුලි 5 වැනි දා යළි කැඳවයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 5 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කළේය. 11 March 2019
‘ජවිපෙ - ටී. එන්. ඒ නව එකඟතාවයක’ දේශපාලනයේදී මතවාදීව එක්විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පොදු එකඟතාවයක් අද(11) ඇතිකරගත් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට කීය. 11 March 2019
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව ප්‍රතික්ෂේප කරති මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන රැලියක් අමතමින් පැවසීය. 11 March 2019
ඉන්දීය ක්‍රීඩකයන්ගේ හමුදා හිස්වැසුම් පාකිස්තානයට නොරිසි වෙයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ඉකුත් සිකුරාදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී හමුදා හිස්වැසුම්වලට සමාන හිස්වැසුම් පැළැඳ තරගයට සහභාගී වීමට එරෙහිව දැඩි පියවර ගන්නැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලා ඇත. 11 March 2019
ශ්‍රී පාදයේ නම වෙනස් කිරීමට විරෝධතාවයක් ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කර ඇති බවට පවසමින් නව සිංහලේ ජාතික සංවිධානය, මහා සම්මතවාදි ජාතික පෙරමුණ, දුෂණ විරෝධී බළකාය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුහ. 11 March 2019
මැතිවරණ කොමිෂන් සභාවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් මැතිවරණ කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සමන් ශ්‍රී රත්නායක මහතා පත්කර ඇත. 11 March 2019
ශ්‍රී ලාංකික දේශපාලඥයින් 5 දෙනෙකුට රුසියාවෙන් සම්මාන රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවයේ සංවිධාන කටයුතුවලට සහාය දැක්වූ ශ්‍රී ලාංකික තරුණ දේශපාලනඥයන් පස් දෙනෙකුට රුසියානු රජයෙන් සම්මාන ප්‍රදානයක් කොළඹ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (11) සිදු කෙරේ. 11 March 2019
කතාබහ දුරදිග ගොස් පහරදුන්නැයි එජාප පාක්ෂිකයකුගෙන් පැමිණිල්ලක් ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝජිත ග්‍රාමීය මාර්ගයක් සම්බන්ධව වූ කථාබහක් දුර දිග යාමෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් එම පක්ෂයේම ක්‍රියාකාරිකයෙකුට අද (11) පෙරවරුවේදී පහර දී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 11 March 2019
‘අපේ සිහින ජනපති‘ වැඩසටහන හෙට මාර්තු 12 ව්‍යාපාරයේ 04 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘‘ අපේ සිහින ජනපති’’ වැඩසටහන හෙට (12)පෙරවරු 10.00ට කොළඹ නිදහස් චතුරස්රයේදී ආරම්භ කරන බව එහි මෙහෙයුම් කමිටුව සඳහන් කරයි. 11 March 2019
කේ.පී. සිල්වා සහෘදයින්ගෙන් සමුගනී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයකු වූ අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා මහතාගේ අවසන් කටයුතු අද(11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. 11 March 2019
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ලිපියක් පෞද්ගලික බස් හිමියන්ට අධිවේගී මාර්ගයේ ධාවනයට සුඛෝපභෝගී බස් රථ 1000 ක් ණය සහන පදනමින් ලබාදීමට අයවැයෙන් කර ඇති යෝජනාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ද අදාළ වන පරිදි අයවැය සංශෝධනයක් කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත. 11 March 2019
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවු රියදුරු තවදුරටත් රිමාන්ඩ් බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඩිෆෙන්ඩරයේ රියදුරු ලබන මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එ.ඒ.ජි.එස් සී . පෙරේරා මහත්මිය අද නියෝග කළාය. 11 March 2019
‘ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිගේ වැය ශීර්ෂය දිනවනවා‘ මෙවර අයවැයෙහි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි එම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 11 March 2019
‘බී‘සාමර්ථය වසර පහකට පසු ‘ඒ‘සාමර්ථයක් වෙයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය ඇගයීමට ලක් කළ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියට පෙර ලබා දී තිබූ ‘බී‘ සාමාර්ථය වෙනුවට ‘ඒ ‘ සාමාර්ථයක් ලැබී ඇතැයි බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 11 March 2019
කොස්තාපල්වරුන්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණ කිලිනොච්චිය තිරුනගර් හි රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වෙත පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය ජයන්තිනගර් හිදි අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 11 March 2019
සෞඛ්‍ය පත්වීම් ගැන පෙත්සමක් ආදේශක සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 450 දෙනෙකුගේ සේවය වසර පහක් තිස්සේ ස්ථිර නොකිරීමට විරෝධය පල කරමින් පෙත්සමක් අස්සන් කිරීමට අද (11) කටයුතු කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා පවසයි. 11 March 2019
වෙඩි වැදී මිය පුද්ගලයා පොලීසියට අවශ්‍යව සිටි අයෙක් කඩුවෙල ගොඩැල්ලවත්තෙන් අද උදෑසන සොයාගත් වෙඩි වැදි මියගිය කැලණිය ගෝනවල පදිංචි චමිල ප්‍රසාද් කරුණාරත්න නැමැත්තා , ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිසිය පවසයි. 11 March 2019
ගොඩැල්ලවත්තෙන් මළ සිරුරක් හමුවෙයි වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් කඩුවෙල ගොඩැල්ලවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි. 11 March 2019
කරන්නාගොඩ සීඅයිඩියට ප්‍රකාශයක් ලබා දීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 11 March 2019
දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී අද (10 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. 10 March 2019
රථවාහන නියෝජ්‍ය පොලිස්පති සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අනතුර සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්දියේ සැකකරු බවට අනාවරණාය කරගෙන ඇති බවත් හදුනාගැනිමේ පෙරට්ටුව අවසන් වු වහාම ඔහු, ඒ රථය පැදවු බවට විවිධ කැමරා මගින් ලබාගත් විඩියෝ සාක්ෂි මාධ්‍යට මුදා හැරීමට බලාපොරොත්තු වන බවත් රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කොළඹදී පැවැසිය. 10 March 2019
වැලි ජාවාරමට පතල් කාර්යාංශයේ සමහරුත් හවුල් වැලි ජාවාරම්කරුවන්ට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් අතලොස්සක් ද සහාය දක්වන බවට එහි සභාපති අසේල ඉද්දවෙල මහතා චෝදනා කරයි. 10 March 2019
ජිට් විභාගයේ පෙරහුරුවක් හෙට අන්තර්ජාලය ඔස්සේ 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) පෙරහුරු තාක්ෂණ පරීක්ෂණයක් අන්තර්ජාලය ඔස්සේ හෙට (11) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 10 March 2019
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිගේ අවසන් කටයුතු හෙට හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට (11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. 10 March 2019
කොළඹ රාත්‍රී සමාජශාලා ආශ්රිත ප්‍රදේශයන්හි අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුමක් කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලා ආශ්රිත ප්‍රදේශවල හෙට (11) සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹදී අද(10) පැවැසීය. 10 March 2019
නව තානාපතිවරු 10 දෙනෙක් රටවල් 10 ක් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුවන් දස දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත. 10 March 2019
එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ ලංකාවට වදහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනු කමිටුවේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කර සිටී. 10 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026