ලිඳුල සභාපති එජාපයේ සාමාජිකත්වය ගනී තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා (ස්වාධින) අද (12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේය. 12 March 2019
අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි මාධ්‍යවේදීන් ඝාතනය නැවැත්වීම, අමු අමුවේ මිනී මරණ එක නැවැත්වීම රට පාවාදීමක්දැයි තමා ප්‍රශ්න කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 12 March 2019
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ හිටපු උප පොලිස් පරීක්‍ෂවරයකුට වසර 8ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද අද (12) නියම කළේය. 12 March 2019
ජනනාත් වරකාගොඩ රිමාන්ඩ් මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (12) නියම කළේය. 12 March 2019
හිරුණිකාට එරෙහි නඩු විභාගය අප්‍රේල් දක්වා කල් යයි දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන අපේ‍්‍රල් මස 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (12) නියම කළේය. 12 March 2019
ගෝඨා ගොනු කළ රීට් පෙත්සම් විභාගය කල් යයි වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 7කට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම මේ මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කළේය. 12 March 2019
අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට රුපියල් 8000 ක අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙයින්දර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ දී අද (12) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් බව එම කොමිසම කියයි. 12 March 2019
සිසුන්ගේ අපහසුතාව දැන දැනම ගුරු - විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත නොහරිති ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව හෙට(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත. 12 March 2019
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි වෙන්න’යි පෙරටුගාමී පක්ෂය ඉල්ලයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත ඡන්ද විමසීමක් සඳහා යොමු වුවහොත් එයට එරෙහිව ඡන්දය භාවිත කරන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකර ඇත. 12 March 2019
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට අංගොඩ ලොක්කා නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙක් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ අද (12) පෙරවරුවේ කොටිකාවත්ත , ගල්කොටුව පාරේ දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 March 2019
මහින්ද ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ඉල්ලා අස් කරගනී 2018 ඔක්තෝබර් 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 12 March 2019
වාස්ගේ ඇපෑල මැයි 21 වැනි දා විභාගයට කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන මැයි 21 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය. 12 March 2019
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක් පළාත් හයක කුඩා ගොවීන් 470,000ක් ඉලක්ක කරගනිමින් කෘෂිකර්මාන්තයේ ඵලදාව සහ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම වර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇත. 12 March 2019
නව පනත පැරදවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි කියයි වත්මන් රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 12 March 2019
යුද අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු යැයි යාපන සරසවි සිසුහු පාගමනක යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් මෙරට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය තුලින් යුද අපරාධ කරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට යාපනය ජනතාව දැණුවත් කරමින් අද (12) යාපනය විශ්ව විද්‍යාල සිසුන් පාගමනක නිරතවිය. 12 March 2019
සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණයක් පාර්ලිමේන්තුවේදී අද(12) පස්වරුවේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 12 March 2019
කෝටි පහක මැණික් කොල්ල කෑ 5ක් අල්ලයි රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් මැණික් ගල් තුනක් මිලදීගන්නා මුවාවෙන් පැමිණ කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක්, පාතාල සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද(12) මීගමුවේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 12 March 2019
කොස්තාපල්ගෙන් පහර කෑ මන්ත්‍රීවරයා රෝහලේ පොලිස් කොස්තාපල්වරයකුගේ පහර දීමකට මුහුණ දුන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිල් වික්‍රමසිංහ මහත මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි. 12 March 2019
හොරොයින් සමඟ 19 ක් අත්අඩංගුවට උම්පාර උහන ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදා හරිමින් සිටි ප්‍රධාන සැක කරුවෙකු සමඟ එයට ඇබ්බැහි වූවන් ඇතුළු 19 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය පවසයි. 12 March 2019
පොලිස් ස්ථානාධිපතිවරු 54කට ස්ථාන මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් 54කට ස්ථාන මාරුවීම් ලබා දුන්බව පොලිසිය කියයි. 12 March 2019
‘කැවුමා‘ගේ නිවසින් මධුෂ්ගේ පියාගේ අවමඟුලේ සංයුක්ත තැටිය හමුවෙයි මාකදුරේ මධුගේ සමිපතමයා වන ‘කැවුමා‘ නැමැතාගේ රාවතාවත්ත නිවසේ භාණ්ඩ අතර තිබි මාකදුරේ මධුෂ් ගේ පියාගේ අවමංග උත්සවයේ සංයුක්ත තැටියෙ සොයා ගත් පොලිසිය කියයි. 12 March 2019
කහතුඩුවේ ගගන නැමැත්තා අත්අඩංගුවට පන්නිපිටිය දෙපාගම දී පුද්ගලයෙකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කළ බව කියන කහතුඩුව ගගන නැමැත්තා අද (11) බෝකුන්දර දී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 11 March 2019
කෝටි 500 යේ දියමන්තිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට මාකදුරේ මධූෂ්ගේ සැලසුමකට අනුව පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ නිවසින් පැහැරගත් බව කියන රුපියල් කෝටි 500ක අධික වටිනා දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේ යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 11 March 2019
අද තෙල් මිල සංශෝධනය නවතී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (11) රාත්‍රීයේ සිට සංශෝධනය වීමට නියමිතව තිබුණද එසේ නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 11 March 2019
අයවැයට සහයෝගය දෙන්න දෙමළ සන්ධානයෙන් කොන්දේසි දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි ඉටු නොකළොත් ආණ්ඩුවේ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 March 2019
වතු කම්කරුවන්ගේ දිනක වැටුපට රු.50ක දීමනාවක් ලබන මැයි මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුපට රුපියල් 50ක දෛනික දීමනාවක් එකතු කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 11 March 2019
මාළඹේ - කොටුව සැහැල්ලු දුම්රිය මග ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ මාළඹේ සහ කොළඹ කොටුව අතර ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී අද (11) සිදු කෙරිණි. 11 March 2019
රාවතාවත්තෙන් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම මිලියන 1800 ක් මොරටුව රාවතාවත්තේ නිවසින් අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 1800 අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 11 March 2019
ලෝක වෙළඳ මධ්‍යස්ථාන නඩුවෙන් පාලනාධිකාරය නිදහස් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 06 වැනි මහළේ කාර්යාල කාමරයක් බලහත්කාරයෙන් විවෘත කොට අයුතු ලෙස එහි ඇතුල්වන ලදැයි කියන සිද්ධියකින් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාරය මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය. 11 March 2019
රාවතාවත්ත නිවසකින් හෙරොයින් කිලෝ 160ක් අල්ලයි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් හෙරෙයින් කිලෝ ග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බළකාය කියයි. 11 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026