ඉන්ධන මිල සංශෝධනය හෙට ඉන්ධන මිල සුත්‍රයට අනුව හෙට (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 10 March 2019
මිචෙල් බැචලට්මගේ වාර්තාව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාදයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ඇතුළු බරපතල අපරාධයන් සම්බන්ධයෙන් හා ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය සිකුරාදා නිකුත් කළ වාර්තාව අගය කරන බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි. 10 March 2019
හිටපු අගමැති නවාස් ශරීෆ්ට පහසුකම් සලසන්න ඉම්රාන්ගෙන් උපදෙස් හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒ මහතා රුචි පරිද්දෙන් පිළියෙළ කිරීම සඳහා පාකිස්තානයේ සියලු වෛද්‍ය පහසුකම් යෝග්‍ය ආකාරයෙන් යොදවන්නැයි පාකිස්තානු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පන්ජාබයේ ප්‍රධාන අමාත්‍ය උස්මාන් බස්දාර් මහතාට දැනුම් දී තිබේ. 10 March 2019
මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාම ලියුම එන්නේ දුම්කොළ සමාගමෙන් දුම්වැටි මිල පාලන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න විමසීමකින් පසුව විශ්මයජනක ලෙස ලංකා දුම්කොළ සමාගමින් තමාගේ නමට ලිපියක් ලැබිණි යැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 10 March 2019
කඩාවැටුණු ඉතියෝපියානු යානයේ සිටි 157 දෙනා මරුට අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනා මිය ගොස් ඇතැයි වාර්තා වේ. 10 March 2019
ජීනිවා මානව හිමිකම් සභාවට වාජලිංගම් - ශෂිධරන් දෙදෙනාත් යෝජනා යවති ජීනිවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා ඇතුළත් ලිපියක් උතුරු පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ වාජලිංගම් මහතා සහ මන්ත්‍රීවරියක වන ආනන්දි ශෂිධරන් මහත්මිය විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට බාර දෙනු ලැබීය. 10 March 2019
දියමන්ති කොල්ලයේ ඔත්තු බැලූ අයෙක් අත්අඩංගුවට පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වී රුපියල් කෝටි පන්සියයේ දියමන්තිය හා කෝටි දෙකක් පමණ වටිනා මැණික් ගල් කොල්ලයේදී ඔත්තු බැලූ බව කියන ත්‍රී රෝද රථ රියැදුරෙකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 10 March 2019
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවැත්වෙන තුන්වෙනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තොරාගත්තේය. 10 March 2019
පුතා සඟවා පියාගෙන් කප්පම් ඉල්ලූ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට වව්නියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදී අවුරුදු 8ක් වයසැති දරුවකු සඟවා විදෙස් ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ දරුවාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි. 10 March 2019
එ.ජා.පය -ජා.ප්‍ර.ස සමඟ එකතුවන්නැයි අගමැතිගෙන් ආරාධනයක් එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය සමඟ එකතු වන්නැයි සියලු ජන කොටස්වලට විවෘත ආරාධනයක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පානදුර තොටවත්ත පල්ලියේදී අද (10) පැවසීය. 10 March 2019
විශ්‍රාමික නි.විදුහල්පති - ව්‍යාපාරිකයා හෙරොයින් සමඟ අත්අඩංගුවට විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ ධනවත් ව්‍යාපාරිකයකු හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 65ක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අකුරල දී අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2019
බොරැල්ල රථවාහන ස්ථානාධිපති සමුගනී රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සිටි බොරැල්ල රථවාවහන ස්ථානාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 09 March 2019
ත්‍රිරෝද රථයකින් කොකේන් ප්‍රවාහන කළ තරුණයකු දැලේ කොකේන් මත්කුඩු ග්‍රෑම් 300ට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 09 March 2019
අධිකරණය මගහැර පලාගොස් සිටි මත්පැන් ජාවාරම්කරුවකු පොලිස් බාරයට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් 2013 වසරේ මීගමුව මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව අධිකරණය මගහැර පලාගොස් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙක් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙනඇත. 09 March 2019
පැය 5 ක මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් දැලේ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සි ට අද (9) අලුයම 5 දක්වා බස්නාහිර පලාත තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බිමත් රියදුරන් 222 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 09 March 2019
ඌරු මස් මදිවී උරණව පහර දීම ඔප්පු වෙයි උයන ලද ඌරු මස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොමැති යැයි උරණව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නය තුළ දී එය බාරව සිටි පොලිස් පරීක්ෂකවරයාට ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු පහරදුන් බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. 08 March 2019
හොරෙන් රට යන්න හැදූ 30 දෙනාගෙන් අටක් රිමාන්ඩ් නීතිවිරෝධි ලෙස බහුදින යාත්‍රාවකින් නවසිලන්තය බලා යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් 30 ගෙන් අට දෙනෙකු 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (8) නියෝග කළේය. 08 March 2019
’දකුණේ මව්වරුන් ඉල්ලලා අඬන්නේ යුද්ධයට නොගිය දරුවන්’ කාන්තා දිනයේ දී දරුවන් ඉල්ලා හඬන මව්වරු උතුරට පමණක් නොව දකුණටත් පොදු තත්ත්වයක් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 08 March 2019
‘සුරක්ෂා’ ගැන තීන්දුව ආපසු හැරෙයි පාසල් සිසුන් සඳහා මේ වසරේ ක්‍රියාත්මක කිරිමට යෝජිත සුරක්ෂා රක්ෂණ වැඩසටහනට අදාළ ටෙන්ඩරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ. 08 March 2019
පකිස්ථානයේ ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට පාකිස්ථානයේ උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආගමික පාසල් 182 ක පාලනය රජය යටතට භාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 March 2019
විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි මේ දිනවල විදුලිබලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. 08 March 2019
දිවයින පුරා දිස්ත්රිකක 14 කට දැඩි උණුසුමක් දිවයින පුරා දිස්ත්‍රික්ක 14 කට හෙට දිනයේ දී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බවත් ජනතාව අතිශයින්ම කල්පනාකාරී විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාප කාලගුණ උපදේශනයෝ පවසති. 08 March 2019
මැදමුලන නඩුව විභාගයට නොගන්නැයි ගෝඨාගෙන් රිට් පෙත්සමක් වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. 08 March 2019
පොල්තෙල් ප්‍රමිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් වෙළෙඳපොළට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරීක්ෂාවකට ලක් කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති එච් කේ උදය රූපසිංහ මහතා පැවසීය. 08 March 2019
මන්නාරම් මිනී වළේ කැනීම් තාවකාලිකව නවත්වන්න නියෝග මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු අද (08) සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කර තිබේ. 08 March 2019
අධිවේගී මාර්ගයන්හි ගාස්තු වැඩි කිරීම හරි අධ්‍යනයකින් නොකළ දෙයක් අධිවේගී මාර්ගයන්හි කාර්යබහුල වේලාවන්හිදී ගාස්තු වැඩි කිරීම හරි අධ්‍යනයකින් කළ එකක් නොවන බව පෙනෙන්නේ යැයි සංවර්ධන උපාය මර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (08) පැවැසීය. 08 March 2019
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව නිහඬ විරෝධතාවයක් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් විදුහල්පතිනියට දුරකතනයෙන් බැන වැදී තර්ජනය කළේ යයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් දෙමාපියන් නිහඬ විරෝධතාවයක් අද (8) ගාල්ල සමනල ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පැවැත්විණි. 08 March 2019
රටේ ප්‍රධානියා ආණ්ඩුවේ වැඩවලට අකුල් හෙළනවා’ රටේ ප්‍රධානියා ආණ්ඩුවේ කටයුතුවලට අකුල් හෙළන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අද (8) පැවසීය. 08 March 2019
‘සේනා‘ හානියට වන්දි දීම අම්පාරෙන් ඇරැඹීමට යයි සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. 08 March 2019
පෞද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා පැවසීය. 08 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026