ශ්‍රී ලංකාවේ ස්ථාවරය අවසන් මොහොතේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන අවසන් මොහොතේ දී තීරණය කිරිමට රජය අදහස් කර සිටියි. 07 March 2019
මන්නාරම අස්ථි කොටස් 1499-1719 කාලයට අයත් මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719 කාලයට අයත් බවට අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි. 07 March 2019
‘ජනපති වැය ශීර්ෂය පරාජය කරන්න හැකියාවක් නෑ’ ජනාධිපති,අගමැති,විපක්ෂනායක යන සියලු තනතුරුවල වැය ශිර්ෂ සියල්ලම ඇත්තේ එකට වන හෙයින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පමණක් පරාජය කරන්නට හැකියාවක් නැතැයි අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවැසීය. 07 March 2019
ජම්මුහි බස් නැවතුම්පළක බෝම්බ පිපිරීමකින් 30කට තුවාල ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළකට අද(07) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30ක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 07 March 2019
ගෘහසේවිකාවන්ට දඬුවම් බද්දක් විදෙස් ගමන් බලපත් එක්දින සේවා ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට අයවැයෙන් ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි. 07 March 2019
ජනපති කොමිසමේ පැමිණිලි කාලය සතියකින් දීර්ඝ කෙරේ රාජ්‍ය ආයතනයන්හි දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාරගැනීම ජනාධිපතිවරයාගේ නියෝගය මත අද(7) සිට තවත් සතියක් දීර්ඝ කර ඇත. 07 March 2019
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට හදිසි මාරුවක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 07 March 2019
‘සමඅනුග්‍රහ‘ යෝජනාවට එරෙහිව විරෝධතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහායෙන් ඉදිරිපත් කළ සම අනුග්‍රහ යෝජනාව ඉවත්කරගන්නැයි බල කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ලබන 10 වැනිදා එම කවුන්සිලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් හා ජන රැළියක් පවත්වන බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 07 March 2019
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඉවත් කරන්න යයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 07 March 2019
“රත්තරන් මල්ලී’’ අත්අඩංගුවට බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයකුගේ ගෝලයකු වන ’’රත්තරන් මල්ලී’’ නැමත්තා බදුල්ල නගරය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 800ක් ද සමගින් ඌව දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 March 2019
අලි රොෂාන් ඇතුළු සැකකරුවෝ නිදහස් නීති විරෝධීව වන අලින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළේය. 07 March 2019
නීතී විරෝධී ලෙස ලංකාවෙන් පනින්න හැදූ 30ක් අත්අඩංගුවට නීතී විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 March 2019
දකුණු අප්‍රිකාව දෙවැනි එක් දින තරඟයත් ජය ගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැති දෙවැනි එක් දින තරඟයේදී ළකුණු 113ක ජයක් දකුණු අප්‍රිකාවට හිමි විය. 06 March 2019
මාර්තු 8න් පසු කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක් මාර්තු අට වැනිදාට යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම මැදිරි වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අටවැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59 මංගල ගමන ඇරඹෙන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 06 March 2019
සුරක්ෂා රක්ෂණය දී ඇති සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනපති නියෝග පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තාවේ. 06 March 2019
පුරාවිද්‍යා ස්ථාන හානි කිරීමේ දඩ මුදල වැඩි කරයි පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට පැනවෙන දඩ මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 06 March 2019
බැදුම්කර නඩුව ගණනය කරන්න වෝහාරික විගණනයක් මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. 06 March 2019
දකුණු අප්‍රිකාව 251 කට දැවී යයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි එක් දින තරඟයේදී දකුණු අප්‍රිකානු පිල ඕවර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස්කළේය. 06 March 2019
උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් හමුදා සෙබළා රිමාන්ඩ් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළහැකි ජීව උණ්ඩ තොගයක් ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ඒ.ඒ ලක්ෂාන් මහතා නියෝග කළේය. 06 March 2019
ඡන්ද ක්‍රමය-13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් වෙනස් විය යුතු බව මහින්ද කියයි විධායක ජනාධිපති ක්‍රමය වෙනස්වන්නේ නම් වර්තමාන ඡන්ද ක්‍රමය හා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. 06 March 2019
පළාත් කෘෂි ඇමැති මල් සභාපතිට පහර දෙයි ඌව පළාත් කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර මහතා අද (06) තමාට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පහර දුන්නේ යයි ඇල්ල මල් සංගමයේ සභාපතිවරයා බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ. 06 March 2019
විදුහල්පතිවරු යළිත් වර්ජනයකට සැරසෙති මෙවර අයවැය මගින් ගුරු හා විදුහල්පති සේවාවල පවතින ගැටලු විසඳීමට රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ලබන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ලංකාදිපයට පැවැසීය. 06 March 2019
රේගු බදු වංචාවේ සැකකරුට ඇප රුපියල් කෝටි 12ක රේගු බදු වංචා කරමින් ටොන් 12ක බීඞී කොළ කන්ටේනරයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන මාස 21ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ රඳවා සිටි රේගු නිශ්කාශන සමාගමක හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (6) නියම කළේය. 06 March 2019
හෙරොයින් සමඟ රත්මලාන අංජුගේ ගෝලයින් දෙදෙනකු දැලේ රුපියල් ලක්ෂ 8 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අද (6) පස්වරුවේ රත්මලාන කල්දෙමුල්ල හංදියේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 06 March 2019
පළාත් කිහිපයකට හෙට දැඩි උණුසුමක් දිවයිනේ පළාත් කිහිපයක හෙට (7) දිනයේදී දැඩි උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2019
බහුතරයක් නැති ආණ්ඩුවට අයවැය සම්මත කරගැනීම අසීරු බව දයාසිරි කියයි ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බැවින් අයවැය සම්මත කරගැනීම අසීරු විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 06 March 2019
දේශීය චිත්‍රපට නිෂ්පාදනයට බදු සහන දේශීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා බදු සහන ලබාදීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය. 06 March 2019
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනී දකුණු අප්‍රිකාවට එරෙහිව අද (6 වැනිදා) සෙන්චූරියන්හිදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේය. 06 March 2019
නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 06 March 2019
20 ට සහය ගන්න ජවිපෙ මහින්ද හමුවට විශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ පිරිසක් මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ. 06 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026