ඉන්ධන මිල සූත්‍රය හංගලා ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද රාජ්‍ය මුදල් කාරක සභාවට එය ලබාදීම මුදල් අමාත්‍යංශ නිලධාරින් දිගින් දිගටම පැහැර හරින්නේ යැයි එහි සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 05 March 2019
පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන් 2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 05 March 2019
ආදිවාසීහු ‘සේනා’ සේනාව පරදවති දඹාන ආදීවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩු වුවද පාරම්පරික කෙම් විධි අනුගමය කිරීමෙන් ‘සේනා’ දළඹුවා පැරදූ බවත් ආදීවාසිනායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ. 05 March 2019
පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට එන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. 05 March 2019
‘වෙසක්වලට පෙර කසිප්පු රටින් තුරන් නොකළොත් පොලිසිය වැඩබැරි ආයතනයක් සේ සළකනවා’ වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 05 March 2019
පරණවිතාන ශූරීන්ගේ නිවස සංචාරක නිකේතනයක් වෙයි හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 05 March 2019
අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 2019 අයවැය ලේඛනයෙන් ගොවීන්ට පොහොර නොමිලයේ ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2019
කෝටි 700 දියමන්තිය අසුවෙයි පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 05 March 2019
ලංකාව ගැන යෝජනාවක් හෙට මානව හිමිකම් කවුන්සිලයට බි්රතාන්යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නව යෝජනාවේ කෙටුම්පතක් හෙට (05) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කෙරෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 04 March 2019
රත්ගම ඝාතනයට දකුණේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිත් අත්අඩංගුවට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතා අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 March 2019
ඔක්තෝබර් 26 ගියානම් ජනතාවට මොකුත් නෑ “මහදැනමුත්තා” ඇරඹූ මිරිජ්ජවිල ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දහයක්වත් නැතැයි ද, අක්කර 1200ක් වන බිංගිරිය වෙළෙඳ කලාපයෙන් පසු උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා වෙළෙඳ කලාප ඉදි කරන බව ද, ඔක්තෝබර් 26 වෙනිදා ගෙදර ගියා නම් රටේ දැන් සිදුවන සංවර්ධන කටයුතු කිසිවක් ජනතාවට ලැබෙන්නේ නැතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිංගිරියේදී අද (04) පැවැසීය. 04 March 2019
අයවැයේ ඡන්දය දෙන ආකාරය ගැන සන්ධාන තීරණය හෙට අයවැයට සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (4) පැවසීය. 04 March 2019
ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය. 04 March 2019
හෙට මැදියම් රෑයේ සිට දුම්රිය වැඩවර්ජනයක් දුම්රිය රියදුරන් හෙට (5) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 04 March 2019
රත්ගම සිද්ධියේ කොස්තාපල් හා බීට්ටු නිලධරයා රිමාන්ඩ් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කළේය. 04 March 2019
නෝර්වේජියානු විදෙස් කටයුතු රාජ්‍ය ලේකම්වරිය හෙට ලංකාවට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතය. 04 March 2019
ඇමැති නිල රථ ගැන ලේඛනයක් නැති බව හෙළිදරව්වක් ඇමැතිවරුන්ට ලබාදෙන නිල රථ සම්බන්ධයෙන් ලේඛන පවත්වාගෙන යෑම මුදල් අමාත්‍යංශය පැහැර හැර ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා චෝදනා කරයි. 04 March 2019
කුඹුරුවල බැකෝ වලින් පතල් කපන්න තිබූ තහනම ඉවතට කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී. කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට අවසර නොදෙමින් නිකුත් කළ 24/2018 දරණ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට සංශෝධනයක් එක්කරමින් පෙබරවාරියේ සිට නිකුත් කළ 24/2018 (සංශෝධන) චක්රලේඛයෙන් එකී අවසරය ලබාදී ඇත. 04 March 2019
පක්ෂ ගිණුම්, ව්‍යවස්ථා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියට දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 04 March 2019
කොකේන් සහ මත්පෙති සමඟ 17ක් අත්අඩංගුවට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත් පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17දෙනෙකු අද (03) මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 03 March 2019
අගමැති තිරුපති කෝවිල වැඳ පුදා ගනී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදා ගත්තේය. 03 March 2019
ජනපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම 7 වැනිදායින් අවසන් රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදා අවසන් කෙරෙන බව එම කොමිසම සඳහන් කරයි. 03 March 2019
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් 13 ක් අත්අඩංගුවට මාතර විශ්ව විද්‍යාලයේ විද්‍යායතන භූමියේ පිහිටි රජයේ වී ගබඩාවට වී තොග රැගෙන ඒමට ඉඩ ලබානොදී පොලිස් රාජකාරියට බාධා කර අධිකරණ නියෝගය උල්ලංඝනය කළ බව කියන සිසුන් 13 දෙනෙකු අද (03) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 03 March 2019
රත්ගම ඝාතනයට වන නිලධාරියෙකුත් දැළේ රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරීයා හා පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 March 2019
ඩෙවොන් ඇල්ල නරඹන්න එන සංචාරකයින්ගෙන් මුදල් අය කරයි හැටන් දිඹුල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශීය සභාව කිසිඳු පොදු පහසුකමත්වත් ලබා නොදී අයතා ලෙස මුදල් අය කිරීම හේතුවෙන් සංචාරකයන් දැඩි අසීරුතාවයට පත්වී ඇත. 03 March 2019
රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී ඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාළම අසළ කලපුවට දමා තිබියදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් යොදා අද (03) සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. 03 March 2019
කංජිපානිගේ ගෝලයින් තිදෙනෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය. 03 March 2019
ශ්‍රී ලංකාව 231 කට දැවී යයි දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී අද පැවැත්වෙන පළමුවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47 ක් අවසානයේදී ලකුණු 231 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබාගත්තේය. 03 March 2019
සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කිරීම ගැන විමර්ශනයක් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය කියයි. 03 March 2019
කිරිවෙහෙර විහාරයේදී ගිනි තබාගැනීමෙන් විහාරස්ථානයට හානි කතරගම දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළදී අද (03) පුද්ගලයකු ගිනි තබා ගැනීම හේතුවෙන් විහාරස්ථානයට සුළු හානි වී ඇත. 03 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026