‘අපි අධ්‍යාපනයට රාමුවක් හැදුවා’ “අධ්‍යාපනයට රාමුවක් හදන්න කාටවත් බැරිවුණා. එය අපි කළා. එය ඉදිරියට ගෙන යාමේ වගකීම ඔබ සතුයි” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පැවසීය. 08 March 2019
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට සිතාසි හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිරි මහතාට එරෙහි නඩුවේ සාක්කි ලබා දීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලබන මැයි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද (08) සිතාසි නිකුත් කළේය. 08 March 2019
නාලක ද සිල්වාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කර තිබු පෙත්සම විභාගයට නොගෙනම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (08) ඉවත දමනු ලැබීය. 08 March 2019
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ පෙත්සම සළකා බැලීම 29 වැනිදා කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ වහාම පවත්වන්න ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කර ඇති පෙත්සමක් ලබන 29වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය. 08 March 2019
දළදා වීදියේ මස් පුච්චන නයිට් බසාර් නවත්වන්න යයි මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වහාම නවත්වන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 March 2019
හොරෙන් රට යන්න ගිය 30 දෙනා අතර ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුත් නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් මීගමුවේ සිට නවසීලන්තය බලා යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් 30 දෙනා අතර ආනමඩුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සහ නීත්‍යනුකූල ලෙස ගුවන් හමුදාවෙන් ඉවත්වූ සෙබළුන් දෙදෙනෙකු ද සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 08 March 2019
ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය. 08 March 2019
සිර දඬුවම අත්හිටුවන්නැයි ලලිත් - අනූෂ දෙදෙනාගේ අභියාචන විභාගය ජුලි 10 තමන්ට එරෙහිව මහාධිකරණය විසින් පනවා ඇති වසර තුනක සිර දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය. 08 March 2019
කොල්ලුපිටියේ චීන අවන්හලක පිපිරීමකින් 4කට තුවාල කොල්ලුපිටිය චීන අවන්හලක අද(08) වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි. 08 March 2019
රටට අහිතකර කිසිම යෝජනාවකට එකඟ වන්නේ නැති බව කියයි ජිනීවා නුවරදී අද (8) ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ දී රටට අහිත 08 March 2019
ලක්ෂ 50ක විදෙස් මත්පැන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා විදෙස් මත්පැන් සමග චීන ජාතිකයෙක් අද (8) අලුයම කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 March 2019
රත්ගම ව්‍යාපාරිකයා මරන්න කලින් පොලිස් ලොක්කෙකුට ගත් දුරකතන ඇමතුම් ගැන සොයයි රත්ගම දී පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමු ව්‍යාපාරිකයා පහරදීමේදී මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නිලධාරියෙක් උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 07 March 2019
ඌරුමස් ව්‍යාංජනයට උරණවී පොලිස් ලොක්කා පොලිස් පරීක්ෂකට පහරදීලා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවාඩු නිවස්නයේ රාත්‍රීයේ පිස තිබු ඌරුමස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොවන බව පවසා බහින්බස් වී එම නිවස්නය බාර පොලිස් පරීක්ෂකවරයාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 07 March 2019
මහනුවර - ගැටඹේ වාහන ධාවනය පෙර පරිදි කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටසේ ධාවනය වන වාහන පැරණි ක්‍රමයටම ධාවය කිරීමට සලස්වන ලෙස මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක මහතා ලිපියකින් අද (07) මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ. 07 March 2019
උසස් පෙළ සමතුන්ට ලක්ෂ 11 දක්වා ණයක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන්ට මෙරට උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීම සඳහා රුපියල් 1,100,000 දක්වා උපරිමයකට යටත්ව ණයක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(07) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 07 March 2019
බන්ධනාගාරයට නව කොමසාරිස්වරයෙක් නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී. එම්. ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. 07 March 2019
‘‘ඕනෙ නම් ගොරකා දඩමස් කරන්නත් පුළුවන්‘‘ ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. පොලිසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය. 07 March 2019
මහ බැංකුවේ වෝහාරික විගණනයට විදේශීය ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 07 March 2019
නීති විරෝධී මත්පැන් මඬින්න අලුත්ම පොලිස් දැලක් නීති විරෝධී මධ්‍යසාර ජාවාරම පිටුදැකීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපේ‍්‍රල් 30 වැනි දිනතෙක් රටපුරා අඛණ්ඩ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (7) පැවසීය. 07 March 2019
දික්වැල්ලේ ළිඳකින් මැගසින් හතරක් සොයාගනී මාතර දික්වැල්ල පොලිස් වසමට අයත් දීඝවාළුකාරාම පාරේ යහළ හන්දියේ පොදු ළිඳක තිබී ටී 56 ගිනි අවියකට අයත් හිස් මැගසින් හතරක් හමුවී ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි. 07 March 2019
ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළොත් අඩුවෙන්නේ රුපියල් 10 යි අයවැය සභා විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළහොත් සිදුවන්නේ ඒ සඳහා වෙන් කර තිබෙන සමස්ත මුදලින් රුපියල් 10ක් අඩුවීම පමණකැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 07 March 2019
පොලිස් නිලධාරියකුට අල්ලසක් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට මොණරාගල මහධිකරණ භූමියේදී පොලිස් නිළධාරියෙකුට රුපියල් 100,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අද (7) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් එම ස්ථානයේදීම අත්අඩංගුව ගෙන තිබේ. 07 March 2019
රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2019
වී මිල ඉහළට යල කන්නයේ සිට වී මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. 07 March 2019
දියමන්ති කොල්ලයට යොදාගත් ගිනි අවි 2ක් සොයාගනී පාතාල සාමාජිකයකු වන ‘වෙඩිකන්දේ කසුන්’ නමැත්තා පදිංචි වත්තල වෙඩිකන්දේ වත්තේ වල දමා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි දෙකක්, නයින්.එම්.එම් වර්ගයේ උණ්ඩු නවයක් හා මැගසින් දෙකක් සොයාගත් බව පෑලියගොඩ පොලිසිය කියයි. 07 March 2019
ශ්‍රීලනිප පොදුජන පෙරමුණු සන්ධානය පිහිටුවීමේ මීළඟ සාකච්ඡාව 14 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඒකාබද්ධ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා පවත්වාගෙන යන සාකච්ඡා මාලාවේ මීළඟ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම මස 14 වැනිදා පැවැත්වෙන බව එම සාකච්ඡා කමිටුවේ සාමාජික, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 07 March 2019
අපරාධකරුවන් පැය 48 ක් රඳවාගන්න අවසර ඉල්ලයි අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. 07 March 2019
මරිනි ද ලිවේරා ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 අතරට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකසන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ශ්‍රී ලංකාවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය තේරී පත්ව ඇතයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. 07 March 2019
කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නැයි නියෝග හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග නිකුත් කර තිබේ. 07 March 2019
මන්ත්‍රී ලාල්කාන්තට ඇප බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (7) නියම කළේය. 07 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026