(ක.ග.කරුණාරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ජන්දය ඉල්ලීමට රෙද්දක් ඇඳගෙන පුළුවන්කමක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා පවසයි.
පොහොට්ටුව කියා පක්‍ෂයක් හැදුවොත් ඒ අය පාරේ ඇවිද්දවන බව එකල හිටපු ජනාධිපතිවරයා පැවැසූ බවත් අද ඒ ගැන ඔහු කොතරම් ලජ්ජා වියයුතු යැයිද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ අද(19)මින්නේරියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සිඞ්නි ජයරත්න මහතා මාර්තු මාසයේදී රජය විසුරුවාහැර පැවැත්විමට නියමිත මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ හංසයා ලකුණෙන් තරඟ වදින බවත් අද ගම්වල ජයග්‍රහණයේ පැහැදිලි මාවතක් දකින්නට තිබෙන බවද කීය.
එයට හේතුව පවතින රජය අප්‍රසාදයට පත්වීම බවත් විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන ප්‍රදේශවල සල්ලිවලටවත් ගන්න අද පොහොර ටිකක් නැතැයිද දැන් පොහොර යොදන කාලයද ඉක්ම ගොස් තිබෙන බවත් පැවැසීය.“දැන් වීවලට පොහොර යොදන කාලේ පහු වෙලා. නියමිත වෙලාවට පොහොර ටික ලැබිලා නෑ.
අස්වැන්න හොඳටම අඩුවෙන මට්ටමක් දැනට පවතිනවා. ඒ වගේම වී මිල හොඳටම අඩුවෙලා තිබෙනවා.වෙනදා මේ කාලේ වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් 45කට,50කට ආසන්න වෙනවා.දැන් නාඩු කිලෝ එකක් රුපියල් 35ට බැහැලා.කීරි සම්බා කිලෝ එකක් වෙනදා රපියල් 55ක් 60ක් වෙනවා. මේ වෙනකොට රුපියල් 45ට බැහැලා.වී ටික හරියට දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා.ඒ වගේම රජයේ සේවකයින්ගේ පැත්තෙන් ගත්තම රාජ්‍ය නිලධාරින්ගෙන් පලිගැනීම වැඩිවෙලා තිබෙනවා.
අපේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා මාරු කලා.ඒ වගේම ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා මාරුකලා.අපේ දිස්ත්‍රික්කයේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරු මාරු කරනවා.අනෙක් නිලධාරීන් මාරු කරනවා.රජයේ නිලධාරීන්ට අපේ කාලයේ තිබුණු නිදහසේ වැඩ කිරීමේ අයිතිය අද නැතිවෙලා තිබෙනවා.
රජයේ නිලධාරීන් අද භීතියෙන් ඉන්නවා.ඔවුනට ලැබෙන වැටුප් අඩු වෙලා තිබෙනවා.විශ්‍රාමිකයින්ගේ වැටුප අඩුවෙලා.මේ නිසා අද පොහොට්ටුවට ජන්දෙ දිපු කෙනෙක් ගම්වල හොයාගන්න බැරි තත්වයට පත්වෙමින් තිබෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෙක් ලැජ්ජාව ගැන කතා කිරීම විහිළුවක්.
දේශපාලුවන්ට ලැජ්ජාවක් තියෙනවද ?
කැමැත්ත අකමැත්තක් උනා. කණගාටුයි ජනාධිපතිතුමනි, ඔබ වෙනුවෙන් යුතුකම් කරන්න බැරි වෙනවට.
කොහොමටත් දැන් මෙයාගේ 360 කාරනේනම් ගැන මුළු රටේම ජනතාව දන්නවා. යහපාලනයට ඇවිල්ලා රෙජීමය කරපු හොරකන් වලට පවුලම හිරේ යවලා අවුරුදු 3 න් ගෙදර යනවා කිව්වේ. දැන් බලන්නකෝ. ආයේ කරණමක් ගහල රෙජීමයේ ඔඩොක්කුවට පැන්නා. මේ වගේ තක්කඩි දේශපාලුවෝ නිසයි අද අපේ රට ලෝකයේ වළපල්ලට ගිය රටක් වෙලා තියෙන්නේ.
ගොඩක් අයට නොවෙයි ඔය මහ පක්ෂවල ඉන්න කාටවත්.
සිරිසේන යනු පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ භාරදුර ඇමතිකම් ලැබුනත් ඒවා හරියට කරන්නේ නැතුව එක එක අඩු පාඩු කියා කියා අනුන්ට ඇඟිල්ල දිගු කරමින් කාලය ගත කළ පුද්ගලයෙක්. පින් ජනපතිකමක් ලැබුනත් එක හරියට කරගන්න බැරුව ඔක්කොම අවුල් කරගෙන, රටේ ආර්ථිකයත් විනශ කරා. මොහු නැවත පාර්ලිමේන්තු ඇරියත් කිසිම වැඩක් නැත. මොහු පොහොට්ටුවෙන් ඉල්ලුවොත් දෙන්න පුළුවන් හොඳම දඩුවම මොහුට මනාපේ නොගහ ඉන්න එක. එතකොට පැරදිලා දේශපාලන කුණුබක්කියට වැටේවි.
ලැජ්ජාවක් තියෙන ඈයන්ට දේශපාලනය කරන්න බැහැ හලෝ.
මේ අනුන්ගේ ලැජ්ජාව ගැන කතා කරන්න ඔයා ලැජ්ජා බය ඇතිව හැදුනු කෙනෙක්ද කියන්නකෝ අනිත් කෙනාගේ වසුරු අන අන ඉන්නේ...දේශපාලුවන්ගේ සාමාන්‍ය සිරිත අනිකාගේ කුණු රෙදි සේදිමනේ. මේ වගේ වගේ බුරුවො ජාතියක්.
මන්ත්‍රී තුමාට වැරදිලා. අවුරුදු හතර හමාරක් කරපුවා මේ රටේ ජනතාවට අමතක වෙලා නෑ. රට ජාතිය ආගම විනාශ කරපු යහපාලන අයට අද ගමේ සමුපකාර ඡන්දයට සම්තින් හොයාගන්න බැරි තත්වයට පත්වෙලා. ඒක තමා ඇත්ත.
රෙද්දක් ඇදගෙන නම් ඔය කාටවත් ඡන්දෙකට ඉල්ලන්න බෑ. නමුත් ඉතින් මේ ලංකාවනේ.. ලජ්ජා බය තියන එවුන් ඉන්නේ හරිම අඩුවෙන්..
දේසපාලුවන් හුගක් දෙනකු රෙදි නැතුව ඉන්න අය තමා.
කොහොමත් ඉතින් අපේ රටේ දේශපාලනය කරන කවුරුවත් රෙදි ඇදල නැහැනේ මහත්තයෝ අනෙක රෙදි ඇදගත්තු අයට අපේ රටේ දේශපාලනය කරන්නත් බැහැනේ.