මේජර් ජනරාල් ජානකගේ නඩුව මැයි 2 වැනි දා කැඳවීමට නියෝග මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ නඩුව යළි ලබන මැයි 2 වැනි දා විභාගයට ගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය. 05 April 2019
පාර්ලිමේන්තු පාරේ රථ වාහන තදබදයක් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම ආශ්රිත දැඩි රථ වාහන තදබදයක් පවතී. 05 April 2019
බණ්ඩාරගම ප්‍රා. සබේ ගාලගෝට්ටියක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති විශේෂ සභා රැස්වීමේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අද (5) ගුටි බැට හුවමාරුවක යෙදුණහ. 05 April 2019
කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ තක්සේරුවට වඩා වැඩි මුදලකට කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුකරු කළ තක්සේරුවට වඩා වැඩි මුදලකට අදාළ ගොඩනැගිල්ල මිලදී ගත්තේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් අද (4) පැවසුවාය. 04 April 2019
අයවැය ඡන්දය ගැන ශ්‍රීලනිපයේ - පොහොට්ටුවේ තීන්දුව හෙට අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය හෙට (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ. 04 April 2019
සබරගමු සරසවි විරෝධතාවයේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන පරීක්ෂණයක් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පාර්ලිමේන්තුව පිවිසුමේ මාර්ගයේ දී ඊයේ (03) සවස පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කියා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 April 2019
මධූෂ් ගේන්න මාරපන ඩුබායි යයි ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 April 2019
කරන්නාගොඩගෙන් පැය අටක් ප්‍රශ්න කරයි තරුණයන් 11 දෙනෙකු 2008 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (4) පැය අටකට කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි. 04 April 2019
හෙට සිට හිරු මුදුන් වෙයි ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම හෙට (5) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 April 2019
රත්තරංගේ පුරප්පාඩුවට ගා දේනෙත්ති දිවුරුම් දෙයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ගා දේනෙත්ති මහතා අද (4) දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 04 April 2019
නුගේගොඩ ජාත්‍යන්තර පාසලක අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න නියෝග නුගේගොඩ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලට අයත් සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට සහ කෝට්ටේ මහ නගර සභාවට නියෝග කළේය. 04 April 2019
ඊටිඅයි තැන්පතුකරුවන්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක් ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ සියලු වත්කම් පවරා ගෙන එහි තැන්පතුකරුවන්ට සිය මුදල් යළි ගෙවන ලෙසට නියෝග කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන ලෙස ඉල්ලා එම ආයතනයේ තැන්පතුකරුවන්ගේ සංගමය විසින් අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 04 April 2019
තිස්සගේ නඩුව බේරගන්න හේතු කියන්න දින දෙයි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ලබන 24 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (25) දැනුම් දුන්නේය. 04 April 2019
ජවිපෙ - ජානිපෙ ඡන්දය අයවැයට විරුද්ධව අයවැය තෙවැනි වර කියවීමේදී හෙට(5) ඊට එරෙහිව සිය පක්ෂය ඡන්දය පාවිච්චි කරන බව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ පවසයි. 04 April 2019
ශෂි වීරවංශගේ නඩු විභාගය කල් යයි ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය ලබන අපේ‍්‍රල් මස 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියෝග කළාය. 04 April 2019
ජාතික සිනමා දිනය හෙට ජාතික සිනමා දිනය ලෙස හෙට (05) වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 04 April 2019
‘පක්ෂයේ තීරණය කුමක් වුවත් මගේ ඡන්දය අයවැයට විරුද්ධවයි’ පාර්ලිමේන්තුවේදී හෙට (5) පැවැත්වීමට නියමිත ‘අයවැය’ අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පක්ෂය කුමන තීරණයක් ගත්තද තමන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 04 April 2019
සාමාන්‍ය පෙළ සිසුන්ටත් ටැබ් දීමට සැරසෙයි සාමාන්‍ය පෙළ සහ අනෙකුත් සිසුන් සඳහාද ටැබ් පරිගණක ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය. 04 April 2019
ෆේස්බුක් පැමිණිලි 407ක් වසරේ මුල් මාස දෙක තුළ ෆේස්බුක් හා සම්බන්ධ පැමිණිලි 407ක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පැවැසීය. 04 April 2019
එමිල් රංජන්ට ඇප වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 කට මරු කැදවමින් ඇති වු කැරැල්ල සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා මිලියන 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද ( 04) තීන්දු කළේය. 04 April 2019
‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආයෙත් විකුණන්න යනවා’ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය. 04 April 2019
පෘතුගාලයේ විශ්ව සමුළු සම්මාන උළෙලෙන් ලංකාවට සම්මානයක් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ නිර්මාණ ඇගයීමට ලක්කරන ලොව ප්රමුඛ පෙළේ සම්මාන උළෙලක් වන විශ්ව සමුළු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ග්‍රාස් හොපර්ස් ආයතනයට සම්මානයක් හිමිව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි. 04 April 2019
හෝර්ටන්තැන්නේ ජල පෝෂක ප්‍රදේශවලට හානි කළ තිදෙනෙකුට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මංපෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනා සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකුට දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය. 04 April 2019
ලෝටස් පාර වහයි විරෝධතා පාගමන් කිහිපයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය කියයි. 04 April 2019
චුන්නාකම් ප්‍රදේශවාසීන්ට වන්දි ගෙවන්නැයි වතුර අපවිත්‍රකළ සමාගමට නියෝග වඩාත් කතාබහට ලක්වූ යාපනය චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වූ ප්‍රදේශවාසීන් 500 දෙනකුට රුපියල් ලක්ෂ 200ක වන්දි ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) නියෝග කළේය. 04 April 2019
අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. 04 April 2019
පිටුවහල් කළ රයන් ඇතුළු පිරිස සීඅයිඩී බාරයට පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයට සහභාගී වීම සදහා ඩුබායි ගොස් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය නළු රයන් වැන්රෝයන් ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු අද(04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 April 2019
සුචී පාසලේ විදුහල්පතිනියගේ මරණයට අධ්‍යාපන බලධාරීනුත් වගකිවයුතුයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා සංවිධානය කළ ස්වයං හා ආයතනික විනය සහ නායකත්වය පිළිබඳ පුහුණු වැඩමුළුව සඳහා ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්රියාදාමයේ සිට සියලු කටයුතු නිසි ලෙස ඉටුවී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාවෙන් කළ පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ. 03 April 2019
මාලදිවයින අත්අඩංගුවේ සිටින ධීවර පිරිස නිදහස් කිරීමට යයි මාලදිවයින අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකික ධීවරයින් 25 දෙනෙකු සිංහල අලුත් අවුරුද්දට පෙර දිවයිනට එවීමට එරට රජය එකඟතාවය පළ කර තිබේ. 03 April 2019
ඇප මත නිදහස් කළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් මින්නේරිය බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත සිරකරුවන් අට දෙනෙකු රැගෙන එමින් සිටියදී බීමත්ව සිටි බවට චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත නිදහස් වූ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 03 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026