සීමාවාසික පත්වීම් ප්රදානය වැළැක්වූ අතුරු නියෝගය විසුරුවා හරී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා ගත් තීරණයකට අනුව සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්රදානය කිරීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(2) තීන්දු කළේය. 02 April 2019
රථවාහන වැරදි 5 ක අවම දඩය 25,000 රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 02 April 2019
කෝටි 2ක හෙරොයින් සමඟ සොත්ති උපාලිගේ පුතෙකු අත්අඩංගුවට කටුබැද්ද කුඩුවන්මුල්ල පාරේ දෙමහල් නිවසකදී රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික හෙරොයින් සහ විදේශයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ ඝාතනයට ලක් වූ සොත්ති උපාලි නම් පාතාල නායකයාගේ පුතෙකු වන අරබේවෙල දොන් ලක්ෂ්මන් ප්‍රසන්න නමැත්තා අද(02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 April 2019
වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් පහළොස් දෙනෙකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මවුපියන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසයේදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මව්වරුන් දෙදෙනෙකු අද (2) දහවල් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 02 April 2019
ඌව පළාතේ වෛද්‍යවරු වර්ජනයකට අනතුරු අඟවති ඌව පළාතේ සියලු රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල රාජකාරියේ නිරත වෛද්‍යවරුන් හෙට (03) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව සඳහන් කරයි. 02 April 2019
මන්නාරම සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(02) නියෝග කළේය. 02 April 2019
මැතිසබේදී ආබාධිතයන්ට අපහාස එපා යයි කතානායක කියයි ආබාධිත තැනැත්තන්ට අපහාසයක්, අවමානයක් හෝ වේදනාවක් ඇතිකරවන වදන් භාවිත නොකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය. 02 April 2019
අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 April 2019
පිහි ඇනුම් කෑ කොස්තාපල් රෝහලේ හොරොයින් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 02 April 2019
ගාල්ලේ රාජ්‍ය නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අවලංගුකිරීමට යයි ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 70කින් ක්‍රියාකාරී සැලසුම් ලබාදී නොමැති, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවීම්වලට සහභාගී නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කළ බව ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්. එම්. එම්. ශරෆාස් මහතා පැවසීය. 02 April 2019
මහරගම අවට ජල සැපයුම නොදන්වාම අත්හිටුවලා පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසිදු දැනුම් දීමකින් තොරව ජලය කපා හැරීමෙන් මහජනයා පීඩාවට පත්ව ඇතැයි කියති. 02 April 2019
හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමලා මෙගා වෝට් 3 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා මාස 5 ක් පමණ ගත වුවත් එම සුළං පෙති වෙනත් ස්ථානයක සවිකිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 3 ක විදුලි බල ධාරිතාවය අහිමි වී ඇති බව විදුලි සේවකයෝ පවසති. 02 April 2019
මධුෂ්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් සීඅයිඩීය බාරයට පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැත්වූ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 April 2019
කොකේන් කිලෝ 769 විනාශ කරයි පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 යි ග්‍රෑම් 469 ක ප්‍රමාණය විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හා ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.එම්.එම්. නිෆාර් මහතාගේ අධීක්ෂණය යටතේ අද (01) සිදුකෙරිණි. 01 April 2019
අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් ගන්න අවබෝධතා ගිවිසුමක් මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට අද (1) අත්සන් තැබුවේය. 01 April 2019
වැවිලි අමාත්‍යාංශයට අයත් තේ වත්තක් ඇලෝසියස්ලට බදු දීලා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේ වත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියන්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දී ඇතැයි කියන සිද්ධිය හෙළිදරව් වී ඇත. 01 April 2019
මන්නාරම සහකාර පොලිස් අධිකාරී අලවත්ත අත්අඩංගුවට පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (01) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 April 2019
වෛද්‍ය සභාවේ සමාජිකයින් අතර මත ගැටුමක් වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති එහෙත් ඊ.ආර්.පී.එම් විභාගය සමත් විදේශ වෛද්‍ය උපධිධාරීන් පිරිසකට ලියාපදිංචිය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සමාජිකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. 01 April 2019
රටවල් 14කට නම් කළ තානාපතිවරුන්ට අනුමැතිය රටවල් 14 ක් සඳහා නම් කළ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ නාමයෝජනා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 01 April 2019
‘‘බක්මහ දිවුරුම‘‘ අප්‍රේල් 03 වැනිදා මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වැනිදා පෙ.ව 8.15 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ. 01 April 2019
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය දෙවසරකින් රටින් අතුගා දානවා දැනට මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බළකාය වැනි අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති සැලැස්ම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ඉදිරි දෙවසර තුළ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හැකි බවට එම අංශ විශ්වාසයක් ඇතිකරගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය. 01 April 2019
සෞඛ්‍ය පහසුකම් වැඩිකරන්න මිලියන 60 ක් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. 01 April 2019
එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට ලංකාවට වදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත කණ්ඩායමක් හෙට (2) මෙරටට පැමිණීමට නියමිතය. 01 April 2019
පළාත් පාලන ආයතනවල රාජ්‍ය සේවකයන්ට අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක්ලු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (1) ගාල්ලේ දී පැවසීය. 01 April 2019
කුවේට් ගිය ශ්‍රමිකයින් 56 ක් යළි ලංකාවට කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56 දෙනකුගෙන් සමන්විත පිරිසක් අද යළි ශ්‍රී ලංකාවට පැමිණියහ. 01 April 2019
‘මහත්වරුන් නොවන අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා’ වැයශීර්ෂ සඳහා බෙදීමක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ඇතිකරගෙන තිබූ එකඟතාවය කඩකළේ පාර්ලිමේන්තුවේ මහත්වරුන් නොවන පිරිසක් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 April 2019
දිමුත්ට ලක්ෂ දෙකක ශරීර ඇප බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියම කළේය. 01 April 2019
රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවු අනතුරේ ප්‍රධාන සැකකරුට ඇප බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි උමේෂ් රත්නායක නැමැත්තා ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද නියෝග කර තිබේ. 01 April 2019
බාලවයස්කාර දැරිය ගැබිනියක් කළ සෙබළා අත්අඩංගුවට පහළොස් හැවිරිදි දැරියක තෙමස් ගැබිනියක් බවට කළ හමුදා සෙබළෙකු අද (01) අලියවිද්දවැව ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 01 April 2019
කොකේන් කිලෝ 769 ක් විනාශ කිරීම ඇරැඹේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ. 01 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026