දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට සිර දඬුවම් විදින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් හා ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවන් සියලු දෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. 08 April 2019
ඉතාලියේ දී මියගිය පුද්ගලයකුගේ සිරුර 25 වසරකට පසු ලංකාවට ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර ඉකුත් 6 වැනි දා යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කර තිබේ. 08 April 2019
ශ්‍රීලනිප සමඟ සාකච්ඡා නතර කළ නොහැකි බව ජීඇල් කියයි නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සාකච්ඡා අතරමඟ නතරකර දමා පැනයාමට තම පක්ෂය සූදානම් නැති අතර එම සාකච්ඡා ඉදිරියටත් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මහතා අද (8) පැවැසීය. 08 April 2019
ඉන්දීය පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් කාන්තාවන්ට දෙන්න පොරොන්දුවක් මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් 33%ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය අද (8) පොරොන්දුවක් දුන්නේය. 08 April 2019
‘ලසන්ත’ ඝාතනයට ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. 08 April 2019
මරණ දඬුවම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමය කියයි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යළි අවධාරණය කර ඇත. 08 April 2019
ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගනී ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. අසනීපව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එච්.එම් ජයවර්ධනයන් මිය යන විට 69 වැනි වියෙහි පසුවිය.ඔහු අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර ජනප්‍රිය ගායක සහ සංගීතවේදී කසුන් කල්හාරගේ පියාණන්ද විය. 08 April 2019
මාතර - බෙලිඅත්ත දුම්රිය ගමන් ඇරඹෙයි මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස අද (08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 08 April 2019
සැකකරුවන් පළාගියාට පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් කොස්ගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා සහ කාර්යභාර නිලධාරී පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 April 2019
කොග්ගලදී යතුරුපැදි 3ක් ගැටී අයෙක් මරුට කොග්ගල සිංහ ධීවර ගම්මානය අසළදී යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් තරුණයකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 08 April 2019
මධූෂ් සමඟ සිටි තව දෙන්නෙක් කටුනායකට මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනෙක් එරටින් පිහිටුවහල් කරනු ලැබ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. 08 April 2019
පළාත් මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි කොමිසමෙන් ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කරන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. 07 April 2019
රට පුරා විදුලි ඉංජිනේරුවෝ හෙට කොළඹට රැස් වෙති රටපුරා සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පෞද්ගලික නිවාඩු වාර්තා කර හෙට( 08) කොළඹට රැස් වෙති. 07 April 2019
හෙද, පරිපූරක සේවා ඇතුළු වෘත්තිය සමිති 16 ක් හෙට වර්ජනයක ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. 07 April 2019
නිල ඇඳුම් වවුචරය ගැන පැමිණිල්ලක් පාසල් නිල ඇදුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට, රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇත. 07 April 2019
මැති සබේදී සිදු වූ තර්ජනයක් ගැන බන්දුල පැමිණිලි කරන්න යයි පාර්ලිමේන්තු වරප්රසාදයන්ට මුවා වී අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. 07 April 2019
හමුදාව හැරගොස් සිටින්නන්ට පොදු සමා කාලයක් යුද හමුදාව හැර ගොස් සිටින සාමාජිකයින් සඳහා යළි සේවයට එක් වීමට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රිග්රේඩ්යර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 07 April 2019
රජයේ විධායක නිලධාරීහු 35,000 ක් සංවර්ධන කමිටු වලින් ඉවත් වෙති රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි. 07 April 2019
විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා රාජ්‍ය ආයතන සතුව ඇති මෙගාවොට් 200 ක විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට අවසරය හා මෙගාවොට් 1400 ක් සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමට ඉල්ලුම් කළ 650 දෙනාට එම අවස්ථාව ලබාදී තිබුණා නම් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව තිබූ බව වාර්තා වේ. 07 April 2019
‘අය වැය පරාජය කිරීමට තිබු හොදම අවස්ථාව ගිලිහීම ගැන කණගාටුයි‘ මෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරාවියැයි යන්න ජනතාවගේ දැඩි විශ්වාසයක් පැවැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පැවසීය. 07 April 2019
ෆේස් බුක් සාදය වටලා 9 ක් අත්අඩංගුවට මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ‘‘ෆේස් බුක්‘‘ මිතුරු මිතුරියන් පිරිසක් විසින් තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ පැවැත් වූ සාදයක් වැටලූ තංගල්ල පොලීසිය මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබීය. 07 April 2019
ලංවීම ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 කපා හැරේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරීය අද (5) තීන්දු කර තිබේ. 05 April 2019
රාත්‍රී කාලයේ විදුලිය කපන කාල සටහන වෙනස් වේ ලංකා විදුලි බල මණ්ඩලය රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බවට නිවේදනය කළද රටපුරා ප්‍රදේශ රැසක අද (05) රාත්‍රීයේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබිණ. 05 April 2019
අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මතයි අයවැය තෙවැනි වර කියවීම අද (5) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 45 කින් සම්මත විය. 05 April 2019
ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිට නොතීසි පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීමට ලබන 9 වැනිදා වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාට අද (5) නොතීසි නිකුත් කළේය. 05 April 2019
‘විපක්ෂය රජයට නැගූ චෝදනා අසත්‍ය බව දැන් ඔප්පු වෙමින් තිබෙනවා’ සිංගප්පූරු ගිවිසුම හා හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව මේ වන විට ඔප්පු වී ඇතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය. 05 April 2019
විදෙස් කාන්තාවක් උණවටුණේ හෝටලයකදී මිය ගිහින් උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිටි විදේශිය කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදි අද (05) පෙරවරුවේ සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි. 05 April 2019
නිදහස් වෙළෙඳ කලාපයේ වෙඩි තැබීමෙන් අගතියට පත්වූවන්ට වන්දි ගෙවන්න නියෝග 2011 වසරේ මැයි 30 වැනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පැවති සේවක විශ්‍රාම වැටුප් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ වලින් පහරකෑමට ලක්වී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු ඔවුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පහර කෑමට ලක්වූ සේවකයින්ට වන්දි ගෙවන ලෙස රජයට අද (5) නියෝග කළේය. 05 April 2019
මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ඇතුළු 5ට ඇප මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස් දෙනාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය. 05 April 2019
වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය. 05 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026