බිරිඳගේ කකුල් කැපූ සැමියා සොයා පරීක්ෂණ හාලිඇල උඩුකොහොවිලදී සැමියෙක් බිරිඳගේ දෙපා කපා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි . 15 April 2019
සුඩාන විරෝධතාකරුවෝ 20 දෙනා මියගියේ වැරදීමකින් සුඩානයේ විරෝධතාකරුවන් 20 දෙනකු මියගියේ විරෝධතාවය මර්දනය කිරීමේදි වැරදීමකින් වැදුණු වෙඩි ප්‍රහාර වලින් බව සුඩාන පොලිසිය පවසන බව රොයිටර් පුවත් වාර්තා කරයි. 15 April 2019
මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යංශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු යන විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ. 12 April 2019
අලුත් අවුරුදු උදාව ඉරිදා 2.09 ට අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 2.09 ට උදාවෙයි. 12 April 2019
යළි යුද්ධයකට නොයන්න’යි පාප්තුමෝ දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ. 12 April 2019
‘ජනපති - අගමැතිට මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් නෑ’ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දේශපාලන වේදිකාවල කථා කරමින් සිටියත් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැති බව පැෆරල් සංවිධානය පවසයි. 12 April 2019
බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 12 April 2019
නියම කළ බෙහෙත දෙන්න නොසිටි හෙදිය මරණ පරීක්ෂණයට කැඳවයි හෙද වර්ජනයක් අතරතුර වෛද්‍යවරයා නියම කළ ඖෂධ ලබාදීමට හෙදියන් නොමැති වීමෙන් නිසි පරිදි ප්‍රතිකාර නොලැබ තම බිරිඳ මියගියේ යැයි කාන්තාවකගේ මරණ පරික්ෂණයේ දී සැමියා සාක්ෂි දීමෙන් පසු කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා එකී කාන්තාවගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දෙමින් අදාල වාට්ටුව භාර හෙද නිලධාරිනිය පරික්ෂණය සඳහා කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය. 12 April 2019
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා දැදුරුඔයෙන් වැලි අදී වැලි ගොඩ දැමීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය නොතකමින් සංවිධානය වු පිරිසක් උපක්‍රමශීලිව මහ පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව වයඹ හඩ පරිසර සංවිධාන පෙන්වා දෙයි. 12 April 2019
ආවා කල්ලිය යාපනයේ නවක වදය නතර කරයි නවකවදය තහනම් බව පවසමින් ආවා කල්ලිය විසින් සකසන බව සඳහන් දැන්වීම් යාපනය සරසවියේ කලා අංශයේ අලවා තිබූ බවත් සරසවිය තුළ නවකවදය නොදෙන බවට පොරොන්දු වෙමින් එහි ශිෂ්‍ය සංගම් විසින් ද පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවත් යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 12 April 2019
ගෝඨාභය ආපසු එයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. 12 April 2019
සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ. 11 April 2019
යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙකු මිය යයි බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙකක් මුහුණුට මුහුණ ගැටි 21 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 11 April 2019
‘මංගල රණවිරුවන් හා රට පාවා දෙනවා‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය. 11 April 2019
අල්ලස් ගත්තැයි කී පොලිස් සැරයන් ඇප මත නිදහස් චෙක්පත් සිද්ධියක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම නැවැත්වීමට යැයි පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් සැරයන්වරයාව රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (11) නියෝග කළාය. 11 April 2019
‘මංගලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා’ මෙවර අයවැය යෝජනාවෙන් වැරදි දත්ත ඉදිරිපත් කර ඇති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය. 11 April 2019
හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු 4 තවදුරටත් රිමාන්ඩ් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට අදාලව මන්නාරම හිටපු සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඇතුලූ සැකකරුවන් සිව් දෙනෙකු ලබන 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (11) නියෝග කළේය. 11 April 2019
’ජනපති තවම මුකුත් කියලා නෑ’ සිය ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නේද නැද්ද යන්න ගැන ජනාධිපතිවරයා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 11 April 2019
‘රයන්‘ තව දුරටත් රිමාන්ඩ් රංගන ශිල්පී රයන් වැන්රොයන් මහතා ලබන 25 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා අද (11) නියෝග කළේය. 11 April 2019
මණ්ඩතිව් කඳවුරු භූමිය මනින්න ආ මිනින්දෝරුවරු ආපසු යති යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණි. 11 April 2019
ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 900ක් ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. 11 April 2019
ජනපති මාධ්‍ය සම්මාන උළලේදී සිදුවූ අඩුපාඩුව ගැන ජනපතිගේ කනගාටුව ජනාධිපති ජන මාධ්‍ය සම්මාන උළලේදී ආසන පැනවීමේදී සිදුව ඇති අඩු පාඩුව පිළිබඳව කනගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (10) පැවැසීය. 10 April 2019
ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල කිසිඳු වෙනසකින් තොරව මේ මාසය පුරා පවත්වාගෙන යාමට තීන්දු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 10 April 2019
බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න හෙට සිට විශේෂ මෙහෙයුමක් අලුත් අවුරුදු සමය තුළ සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමත් හෙට (11) දින සිට 20 වැනි දින දක්වා දින 10 ක කාලක් දිවයින පුරා කි‍්‍රයාක්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 10 April 2019
බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මහින්දත් විවෘත කරයි චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දෙවැනි වරට විවෘත කෙරිණි. 10 April 2019
‘කර්තෘවරුන්ට නිසි ආසන නොලැබීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරනවා‘ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (10) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසිපරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 10 April 2019
බැංකු පොලී අනුපාතික සියයට 2කින් පහළට සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 10 April 2019
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට පැමිණි පුවත්පත් කතුවරු හැරී යති රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උළෙලට පැමිණි දිවයිනේ ජාතික පුවත්පත් කිහිපයකම කතෘවරුන්ට ආසන ලබා නොදීම නිසා ඔවුන් එම අවස්ථාවට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබේ. 10 April 2019
අරාබිය - හොං කොං - එංගලන්තය එක්ව ශ්‍රී ලංකාවට විදුලිය විකුණයි එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ 10 April 2019
ඩුබායි රටින් පිටුවහල් කළ තවත් අයෙක් රිමාන්ඩ් ඩුබායි රටින් පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (10) නියම කළේය. 10 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026