(ඩබ් ඒ පියතිලක සහ කරුණාරත්න ගමගේ )
නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොළොන්නරුව මහ රෝහලෙන් අද (12) අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යාමට පියවර ගෙන තිබේ.
කන්දකාඩු පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතිය ප්‍රදේශයේ වන්දාවේ පැමිණි අයෙකු මේ අයුරින් රෝහල්ගත කර ඇති බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙකි.සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි පුද්ගලයා හෝමාගම සිට වන්දනාවේ පැමිණි වන්දනා නඩයක් සමඟ සිටි අයෙකි.
මෙම පුද්ගලයා සහ පිරිස දිවයිනේ ප්‍රදේශ කිපයක සංචාරය කර ඇති බව ඔහු පවසා තිබේ.
පොළොන්නරුව මහ රෝහලේ විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ අයි.ඩී.එච් රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් එනපොට හොඳ නෑ. වහාම සියලු පාසල්වලට නිවාඩු ලබාදී මහ මැතිවරණය කල් දැමිය යුතුමයි...