(ඉන්දිකා රාමනායක)
කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසාත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසට පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයකු අයි ඩී එච් උණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයකුට වෛරසය ආසාධනය වු බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් එම පවුගේ සාමාජිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ඔවුන්ගේ නිවසේ සිට නීරෝධායනය කරන බවද පොලිසිය සදහන් කරයි.
සමාජ ජාලාවල ප්‍රචාරය වන මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන් ට එරෙහිව නීතිමය කටයුතු සිදුකරන බවද පොලිස් මුලස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදනම් නැති, හේතු සාධක නැති ඕනෑම කතාවක් හිසමුදුනින් පිළිගැනීම සහ ඒවාට තවත් බොරු ඇඳා කටකතා ප්‍රචාරය කිරීම, කැලෑ පත්තර ගැසීම සිංහලයාට ආවේණික ගතියකි. දේශපාලුවෙක් කිඹුල් කතා ගොඩනැගුවේ සිංහලයාගේ ඒ පහත් ගතියෙන් ප්‍රයෝජනය ගැනීමටයි.