රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද ‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය අද (19) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය. 19 April 2019
කළුතර රෝහලේ මළ සිරුරු මාරුවීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න නියෝග කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් මාරු වී ඥාතීන්ට බාරදීමේ දී සිද්ධිය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද නියෝග ලබා දී තිබේ. 19 April 2019
‘කුමන ‘ වසා ඇතැයි පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍යයි‘ කුමන නැගෙනහිර ජාතික උද්‍යානයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට්‍රැක්ටර් රියදුරෙක් උද්‍යානයේ කොටියෙකුගේ පහරකෑමට ලක්වීමේ සිද්ධියෙන් පසු සංචාරකයන් සඳහා උද්‍යානයේ වසා ඇතැයි පැතිරයන තොරතුරු අසත්‍ය බව උද්‍යානයේ වැඩබලන භාරකාර චන්දන වික්‍රමසිංහ මහතා අද ( 19) පැවසීය. 19 April 2019
2019 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව 126වැනි ස්ථානයට දේශසීමා විරහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ නවතම දර්ශකයට අනුව, පසුගිය වසරට වඩා ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් ව සිටී. 19 April 2019
කෝටි 75ක මුදලක් වංචා කළ සණස සභාපතිවරයා අත්අඩංගුවට ගම්පහ විගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද(19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ. 19 April 2019
නුවරඑළියේ වසන්ත උත්සවයට විපක්ෂ නායක පැමිණෙයි 2019 නුවරඑළිය වසන්ත උත්සව සමයට සපැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය හාවාඑළිය මුත්තුමාරි අම්මන් දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන තේරු උත්සවය හෙවත් පෙරහැර මංගල්‍යය සමාරම්භක අවස්ථාවට සහභාගී විය. 19 April 2019
කෝටි තුනක මත්කුඩු තොගයක් සඟවා තිබියදී සොයාගැනේ දකුණු පළාතේ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හයක් අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම ආසන්නයේ සඟවා තිබියදී සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 19 April 2019
රාවණා 1 චන්ද්‍රිකාව ගමන් අරඹයි ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා නිර්මාණය කරන ලද ‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව අද (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කරන ලදි. 18 April 2019
දිවියෙක් ඔකඳ වනෝද්‍යානයේදී කම්කරුවකු ඩැහැගෙන යයි ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය පවසයි. 18 April 2019
ඇමෙරිකාවේ දේවස්ථානයකට ගෑස් කෑන් සමඟ ලයිටර ගෙනගිය අයෙක් අත්අඩංගුවට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ශාන්ත පැට්රික් දේවස්ථානයට ගෑස් කෑන් දෙකක් සහ දල්වන තුනක් (ලයිටර) රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නිව්යෝක් පොලිසිය අද (18) ප්‍රකාශ කළේය. 18 April 2019
දකුණු පළාත් සබේ පුටු මාරුවක් දකුණු පළාත් සභාවේ උසස් පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලාබදීමට දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (18) පියවර ගනු ලැබීය. 18 April 2019
අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න ඒකාබද්ධ ප්‍රවාහන සේවා අලුත් අවුරුද්දෙන් පසු කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් හඳුන්වා දී ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. 18 April 2019
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එක්වන්නැයි සජිත්ට - රවීට ඉල්ලීමක් ගැටුම් අවසන් කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් කැපවන ලෙසට තමන් රවී කරුණානායක හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය. 18 April 2019
මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම ගැන තීරණය 2වැනිදාට කල්යයි ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබායි අධිකරණය මැයි මස 02 වැනිදා තෙක් කල් තබා ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (18) පැවසීය. 18 April 2019
සෞදියෙන් කෝටි 870 ක සහන ණයක් සබරගමුව විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් කෝටි 870 ක සහන ණය මුදලක් ලබා දීමට සෞදි රජය එකගත්වය පළ කර ඇත. 18 April 2019
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරි පවසයි. 18 April 2019
සජිත් - රවී ගැටුම අගමැති හමුවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළහ. 18 April 2019
කෝටි 5 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 April 2019
රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක් රජයේ ගොඩනැගිලි වලට අබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව (18) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මින් ඉදිරියට අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන යටතේ ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදි කළ යුතු බව නියෝග කළේය. 18 April 2019
විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘතියට අනුමැතිය ඉල්ලයි පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර්ය බල ජනන ව්‍යාපෘති සඳහා වහා අනුමැතිය ලබා දිය යුතු යැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය රජයට යෝජනා කරයි. 18 April 2019
ප්‍රශ්න කිරීමෙන් පසු නදීමාල් නිදහස් කරයි ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරාගෙන් ප්‍රකාශ පටිගත කර ගැනීමෙන් පසු නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ නිලධරයෝ පවසති. 18 April 2019
පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදුන් සැකකරු රිමාන්ඩ් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු 30 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද(18) නියෝග කළාය. 18 April 2019
කළුබෝවිල පන්සලෙන් සොරාගත් බුදුපිළිමය මාතලෙන් මතුවෙයි දෙහිවල කලුබෝවිල ප්රතිබිම්බාරාමයේ තැන්පත් කර තිබී සොරාගත් සඳුන් දැවයෙන් නිමවා තිබූ බුදුපිළිමයක් මාතලේ අලුවිහාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. 18 April 2019
මුහමාලෙයි බිම්බෝම්බයක් පිපිරී කාන්තාවන් දෙදෙනෙකුට තුවාල කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 18 April 2019
කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට සන්දේශයක් කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා ස්ථාන මාරුකිරීමේ සූදානමක් පවතින බව පවසමින් ඊට විරෝධය පා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් 104දෙනෙකුගේ අත්සනින් යුතු සන්දේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙන ලදී. 18 April 2019
නදීමාල් සීඅයිඩීයට ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 18 April 2019
පකිස්ථානයේ බස් රථයක ගමන්ගත් 14ක් ඝාතනය කෙරේ පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 18 April 2019
ජනපති නීතිඥවරු පත්කිරීම ගැන එජාප නීතීඥවරුගේ කනස්සල්ල දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති. 18 April 2019
වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවේ මනම්පිටිය කොළණිය ගම්මානයේ ගොවියෙකු ඉඩමක වළක් හැරීමේදී ක්ලෝමෝ බෝම්බයක් හමු වී ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. 18 April 2019
මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි. 18 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026