නීති වීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 22 April 2019
රාත්‍රී 8 සිට යළිත් පොලිස් ඇදිරිනීතීය අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළිත් පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. 22 April 2019
අඹතලේ ජලය සුපිරිසිදුයි අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය භාවිතයට සුදුසු නැති බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි එහි මෙහෙයුම් කළමනාකාර පියල් රාජපක්ෂ මහතා පැවසීය. 22 April 2019
පිපිරවීම්වලට සම්බන්ධ දෙදෙනක් දඹුල්ලේදී සැක පිට අල්ලයි බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම්හලක් අසළ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 22 April 2019
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 22 April 2019
කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව නවත්වයි කොළඹ සුපිරි හෝටල් තුනකට සහ දිවයිනේ ස්ථාන තුනක පිහිටි දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත. 22 April 2019
දෙහිවල සත්වෝද්‍යානය යළි විවෘතයි රටේ ඇති වු කළබලකාරී තත්ත්වය සමඟ ඊයේ වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද(22) යළි විවෘත කර තිබේ. 22 April 2019
‘පිපිරීම්වලින් මියගිය අයගේ පරීක්ෂණ කඩිනම් කරන්න’ පිපිරීම් සිද්ධීන්ගෙන් මියගිය අයගේ මළ සිරුරු තැන්පත් කර ඇති රෝහල් වෙත වහාම ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 22 April 2019
ප්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත. 22 April 2019
ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි. 22 April 2019
උතුරේ සියලු රාජ්‍ය ආයතවලට අද නිවාඩු රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැලකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියලුම පළාත් රාජ්‍ය ආයතන සඳහා අද(22) නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා නිවේදනයක් මගින් දැනුම් දී ඇත. 22 April 2019
ටී-56 උණ්ඩ 152 ක් - මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් සොයාගනී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිත්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගනු ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් පුද්ගලයකු සහ ඔහුගේ පුතා ද අත්අඩංගුවට ගෙන ඇත. 22 April 2019
හඳුනා නොගත් විදේශිකයින් 25 කගේ මළ සිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හඳුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. 22 April 2019
පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 22 April 2019
ට්‍රම්ප් - ඔබාමා ශෝකය පළ කරති පාස්කු ඉරිදා දිනයේ (21 වැනිදා) ශ්‍රී ලංකාවේ ස්ථාන 9 කදී සිදුවූ පිපිරීම් හේතුවෙන් 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බැරැක් ඔබාමා යන මහත්වරු ශෝකය පළ කර සිටිති. 22 April 2019
පාස්කු ඉරිදා ප්‍රහාරය එක්සත් ජනපදය හෙළාදකී පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර එක්සත් ජනපදය තරයේ හෙළා දකින බවත් එම ප්‍රහාර සාමය සහ ආරක්ෂාවට තර්ජන එල්ල කිරීම තම එකම අරමුණ කර ගත් රැඩිකල් ත්රස්තයින්ගේ කෘෘර ස්වභාවය පෙන්නුම් කිරීමක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 22 April 2019
දිවි අහිමි වූවන්ට ගෞරව කරමින් අයිපල් කුළුණත් කළුවර වෙයි අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිපල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිණ. 22 April 2019
ජනපති ආපසු එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය. 22 April 2019
ඇඳිරි නීතිය අවසන් ශ්‍රී ලංකාවේ ස්ථාන 8 කදී ඊයේ (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් දිවයින් පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය. 22 April 2019
දෛවයේ කෲරතම සරදමක් ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු සොයමින් ඇවිද ගිය පියාට රෝහල් මෘත ශරීරාගාරයේදී පුතා හමුවී තිබේ. 22 April 2019
වියවුල් නිර්මාණය කිරීමේ උත්සාහයක් රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක් දරමින් සිටිනා දේශයක් තුළ වියවුල් නිර්මාණය කිරීම පිණිස ඉතා සංවිධනාත්මකව දියත් කරන මෙහෙයුමක් බව පැහැදිලි යැයි හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (21) සඳහන් කළාය. 21 April 2019
ගුවන් තොටුපොළ අසලින් බෝම්බයක් සොයාගනී කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් අද (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය . 21 April 2019
ලංකාවේ සිදු වූ ඛේදවාචකය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකි පාස්කු ඉරිදා දිනයේදී පූජනීය ස්ථාන හා නාගරික හෝටල්වල සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් කරන ලද ප්‍රහාර තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 21 April 2019
තොරතුරු ලැබී තිබියදීත් අවධානය යොමු නොකිරීම පිළිබඳව සොයා බලනවා කොළඹ සහ ඇතැම් ස්ථානවල අද (21) සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පියවර නොගැනීම සහ ප්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකිරීම බරපතළ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 21 April 2019
පිපීරීම් ගැන හොයන්න පරීක්ෂණ මණ්ඩලයක් සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් උදය ආර් . සෙනවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 April 2019
විදේශ ගතවන්නන්ට ගුවන් ටිකට්පත පෙන්වා යාමට අවසර පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද විදේශ ගතවන්නන්ට තමන්ගේ ගුවන් ටිකට්පත ඉදිරිපත් කර ගුවන්තොටුපළ වෙත යාමට අවසර ලබා ගත හැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය. 21 April 2019
බෝම්බ පිපිරීමේ සිද්ධීන්ට සැකපිට පුද්ගලයින් 7ක් අත්අඩංගුවට කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අද (21) පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 21 April 2019
කොළඹ පිපිරීම් වලට පුපුරණ ද්‍රව්‍ය ගෙනා වාහන 2 ක් සොයා ගනී කොළඹ ප්‍රදේශයේ පිපිරුම් සඳහා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන වෑන් රථයක් හා මෝටර් රථයක් දෙමටගොඩ දී හා වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 April 2019
බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට සිදුවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 21 April 2019
‘ලංකාවට නොපැකිලිව සහයෝගය දෙනවා’ ශ්‍රී ලංකාවට මේ මොහොතේ දිය හැකි ඕනෑම සහයෝගයක් නොපැකිලිව ලබා දීමට ඉන්දියාව සුදානමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් දැනුම් දී තිබේ. 21 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026